(යොහාන් භාසුර)
මුදල් අමාත්‍යවරයා ලෙස තමන් පත්වීමෙන් පසුව සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 14 ක බද්ධක් අය කරන බවට ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින්, අනවශ්‍ය වියදම් කපාහරිමින්, නාස්තිය දූෂණය අවම කරමින් හොඳ මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේදී සියලුම මහජන නියෝජිතයන් කටයුතු කළ යුතු බව කී බැසිල් රාජපක්‍ෂ මහතා වසංගතය හමුවේ අසීරුතාවකට පත්ව සිටින ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ වගකීම බව සඳහන් කළේය.
COMMENTS
එහෙමනම් සීයට දහය වෙන්න ඇති
14 අසත්‍ය නම් කීයක්ද බදු ගහන්නේ.., ඒක කියන්නේ නෑ...
මේක නම් නියම කුලී ලියවිල්ලක්. නැත්නම් පුවත්පත් නිවේදනයක් හරි, කියපු තැනක් හරි තියෙන්න ඕනනේ...
මෙයාගේ මේ වගේ වැඩ නම් තියනවා .ගිය සැරෙත් ඕකට ඇත තිබ්බා .අපි අවධානයෙන් .ප්‍රභාත්
ආර්තික සංවර්ධනේ බාර ඇමතියා වෙලා ඉන්න කාලේ කරපුවා අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. පවුල් ආණ්ඩුව එකතුවෙලා රටටම කරන හරිය තව ඉස්සරහට පෙනෙයි.