
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කර විධායක බලතල රහිත ජනාධිපතිවරයකු පත් කිරීමට කටයුතු කරනු ඇති බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය.
විධායක ක්‍රමය අහෝසි කිරීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවද ඇය සඳහන් කළාය.
අගමැතිවරිය මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය.
රටේ ප්‍රමුඛ ප්‍රශ්නයට අවධානය යොමු කරන ගමන් මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණයට ද අවධානය යොමු කර තිබෙනවා . නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබමින් සිටිනවා.. එය මහජනතාවට ඉදිරිපත් කර සංවාදයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකර ජනමත විචාරණයක්ද පවත්වා සම්මත කර ගැනීමට නියමිතයි. එපරිද්දෙන් කටයුතු කිරීම රජයේ අපේක්ෂාවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කරන ලද කමිටුව වාර්තාව සහ අනෙකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා සලකා බලමින් සිටිනවා. මේ අනුව මූලික සංකල්ප පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
නව ව්‍යවස්ථාවක් ගෙන එන විට විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇත. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැක. මේ සඳහා වූ නිශ්චිත කාලවකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත.
එසේම පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමද රජයේ අපේක්ෂාවයි. මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා . සීමා නිර්ණ කමිටුවක් මගින් සීමා නිර්ණය කිරීම කොට්ඨාශ ගණනය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුවේ. ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකියාව ලැබෙනවා . මේ දක්වා සීමා නිර්ණ කටයුතු අවසන්ව නොමැත. ඒ නිසා පළාත් සභා සංශෝධන පනතේ විවිධාන ප්‍රකාරව පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි වී ඇත. 2026 වසරේ පළාත් මැතිවරණය පැවැත්වීමට මුදල් වෙන්කර ඇත.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“විධායක බලතල රහිත ජනාධිපතිවරයකු පත් කරනවා“