
(අංජුල මහික වීරරත්න)
කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නිවැරදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රොනී ද මෙල් මහතාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ වෙනසක් කළ දේශපාලනඥයකු වූ එතුමා රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකි බව ද අවධාරණය කළේය.
රොනී ද මැල් මහතාගේ අවමංගල්‍ය උත්සවය රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී අද (1) පස්වරුවේ පැවැත්විණි.
රොනී ද මැල් මහතාගේ අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය කටයුතු සංවිධානය කර තිබූ අතර රුහුණු විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ තැන්පත් කර තිබූ දේහය අවමංගල්‍යය රථ පෙරහරකින් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ විය.
"රොනී ද මෙල් මහතා දිනක් මට කථා කර එතුමා මුණ ගැසෙන ලෙස දන්වා සිටියා. අපි ටිකක් කතා බහ කළ පසු එතුමා මට කිව්වා රනිල් මගේ මරණයෙන් පසුව ඔබතුමත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් පැමිණ අවමංගල්‍ය සභාව ඇමතීමට අවශ්‍යයි කියලා. ඒ අනුව අද අපි දෙදෙනාම මේ වැඩකටයුත්ත සඳහා සහභාගීව සිටිනවා.
රොනී ද මෙල් මහතාව මම හොදින් හඳුනා ගත්තේ එතුමා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමෙන් පසුවයි. ඊට පෙර මම කුඩා කාලයේ එතුමාව මුණ ගැසි තිබුණා. පසුව 1970 වසරේදී එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. පසුව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුවේ එතුමා කටයුතු කළා. මටත් ඒ සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. මේ කාලය තුළදී රොනී ද මෙල් මහතාගේ දක්ෂතාවය මම හොඳින් දුටුවා" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
නියම ඉල්ලීමක් කරලා තියෙන්නේ.
රනිල්, මට ඔබේ අවමංගල සභාව ඇමැතිය යුතුයි.
මේවා දේශපාලනයට ඇදගැනීම අන්තිම නරක ක්‍රියාවක්...
ඔව් ඔව්.. ඔය ඩබලටත් මරණානුස්සති භාවනාව වඩන්න කාලෙ හරි.. යන තැනකුත් තියෙනවා කියලා මතක් කරවන්න වෙන්න ඇති රොනී එහෙම කියන්න ඇත්තේ..
ජනතාව නම් ඔබගේ සහ රනිල්ගේ මව හැමදාම අනුස්මරණය කර ගුණකථන පවත්වනවා. ඔබ ඉපදුණු දවස තමයි ජාතික ශෝක දිනයක් කරන්න තිබුනේ...!
කොහොම ද රොනීගේ දැක්ම..! එයා දැනගෙන ඉඳලා තියෙනවා කවදා හරි මේ දෙන්නා එකට සෙට් වෙලා කරයි කියලා...!
රට කාපු අයට මොන කථාද? මේරට අද සුඛිත මුදිත වෙලා තියෙන්නේ මේ කට්ටිය හොඳටම කරලා තියෙන නිසා. විලි ලැජ්ජයි. මිනිස්සුන්ට විහිළු සපයන්න, ආතල් ගන්න මේ කට්ටය හොඳයි...!
නිවන් සුව ලැබේවා...!
රොනී ඩි මේල් කියන්නේ විශිෂ්ටයින් අතරේ විශිෂ්ටයෙක්. ඒ නිසා ඔහු ඔහුගේ ආවමංගල්‍ය සභාව ඇමැතීමට රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීම පුදුමයට පත්විය යුතු දෙයක් නොවෙයි. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ දැන් අනුර කුමාර හෙට අනිද්දා විලාප තියයිද දන්නේ නෑ එයාට අවමඟල්‍ය සබාව ඇමැතීමට රොනී දී තිබූ අවස්ථාව රනිල් ජනාධිපති බලතල යොදලා පැහැර ගත්තා කියලා.. ඒ වගේ ප්‍රකාශයක්. ඔය වසුරු කුමාර කළොත් අපි නම් පුදුම වෙන්නේ නෑ...
එහෙනම් එසේම වේවා..!
නිවන් සැප ලැබෙවා! රු.වි.වි ලයෙන් බිහිවූ විද්‍යාර්තයෙකු ලෙස මම එතුමාට අවසන් ගෞරව දැක්වූවා. මානව සම්පත් දැනුමෙන්, බුද්ධියෙන් පොහොසත් කරවීම අනාගත සුපිරි ආයෝජනයක් බව එතුමගේ දැක්ම වූ බව දැනගත්තා. වර්තමානයේ එවන් කෘතහස්ත දෙශපාලඥයින් නොමැතිවීම ජාතියේම අවාසනාවකි...!
විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ගරු නම්බු ලැබූ එකම දේශපාලඥයා රොනී ද මැල් මහතා පමණි...
අජිත් මහත්මයා, ඔලුව බලාගන්න, අනුරට එහෙම උණක් නැහැ, අනාරාධිතව පනින්න, එහෙම වෙලා තියෙනවා නම් කියන්න. තමුන්නැහැලා ඔය රට කාපු අප්පුහාමිලා තවමත් කරතියාගෙන ගියාට බහුතරයක් ඇත්ත දන්නවා.
මට හිතෙන්නේ මේ අන්තිම කැමැති පත්‍රය දැනට අවුරුදු 10ක් පමණ පෙර ලියපු එකක්..., රනිල් පසුගිය අවුරුදු 7-8 තුළ කියපු කරපු දේවල් දන්නා සිහිබුද්ධියක් තිබෙන සාමාන්‍ය, අවංක මනුෂ්‍යෙයක්... ඔහුට අවමංගල සභාවක කතාවකට ආරාධනා කරනවා තබා ගෙදරටවත් ආරාධනා කරන්නේ නැහැ.
කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු නිවැරැදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම...
ජොබ් ඇප්ලිකේෂන් එකක් දෙන්න ගිය වෙලාවේ මටත් ඔහොම්මම කිව්වා...