ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොම්මඩ් බගේරි ප්‍රකාශ කළේය.
ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් නැවතත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් වඩාත් දරුණු ලෙස එම ප්‍රහාර වලට පිළිතුරු ලබාදෙන බව මොහොම්මඩ් බගේරි අනතුරු ඇඟවූවේය.
එම පිළිතුරු ලබාදීම ඩ්‍රෝන සහ මිසයිල 300 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් පසුගිය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයට වඩා විශාල එකක් වනු ඇති බව මේජර් ජෙනරාල්වරයා පැවැසුවේය.
ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට දින කීපයකට පෙර කලාපීය අසල්වැසියන්ට ප්‍රහාරය පිළිබඳ දැනුම් දුන් බවත් සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් සීමාවන් සහිත ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල කරන බව ඇමෙරිකාවටද දින කීපයකට පෙර දැනුම් දුන් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් එරට සිටින තානාපතිවරුන් අමතමින් ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල ප්‍රහාරයට පිළිතුරු ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවත් නැවතත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල නොකළහොත් මෙම අර්බුදය මෙතනින් අවසන් වන බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
පසුගිය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයේදී සියයට 99 ඩ්‍රෝන සහ මිසයිල බිම දැමීමට ජෝර්දානයේ, ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ සහාය ඇතිව ඊශ්‍රායලයට හැකියාව ලැබුණත් ඇතැම් බැල්ස්ටික් මිසයිල ඊශ්‍රායලයට පතිත විය.
එම ප්‍රහාරයෙන් ගුවන් හමුදා කඳවුරකට හානි සිදු වූ අතර ඊශ්‍රායල දැරියක්ද ප්‍රහාරයෙන් තුවාල ලැබුවාය.
ඉරාන ප්‍රහාරයට පිළිතුරු ලබාදෙන ආකාරය සාකච්ඡා කිරීමට ඊශ්‍රායලය යුද කැබිනට්ටුව රැස්වීමට නියමිතව තිබිණි.
COMMENTS
ඉරානයට ජයවේවා! අපේ රටට, අමාරු කාලවලදී ගොඩක් උදව් කරලා තියෙනවා...
තාම කෑම හම්බවුනේ නෑ. පලස්තීනයට අන්තිමට වුණේ දරුවෝ පෙන්න පෙන්නා අඬන්න...
අමු ගොන්නු ඉන්න තවත් රටක්... ලංකාවට දෙවැනි නැහැ..
බලහත්කාරකම සහ චන්ඩිකම. මේක තමයි ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රමය. කෑම ලැබෙයි වැඩි දවසක් යන්න කලින්...!
වැඩිකල් නොගොස් ඊශ්‍රායලය ලොකු අමාරුවක වැටෙනවා.
ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්‍යාහුට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙරටේ නායකයන් අතර විනාඩි 25 ක පමණ කාලයක් පැවැති දුරකතන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මෙම දැනුම්දීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එතකොට ඇමරිකාව අකුලාගෙන යාවි නේද?
රටවල් දෙකෙන්ම සාමය බලාපොරොත්තු වෙනවා / දැන් මිනිසුන් යුද්ධයට වෛර කරනවා ඇමරිකාට සටන් කිරීමට අවශ්‍ය නම් ඔහුට නේටෝව සමඟ සටන් කළ හැකිය
ඉරානය කියන්නේ ත්‍රස්තවාදී රටක්. අමු ගොබ්බයෝ ඉන්නේ . ලෝක සිතියමින් අතුගා දමන්න ඕනි