IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


’’ජවිපෙට හැකි නම් අපට බැරි ඇයි’’

(අංජුල මහික වීරරත්න)

මිනිසුන් ඝාතනය කර රාජ්‍ය දේපළ විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් විය හැකි නම් අවිහිංසාවාදී දේශපාලන පක්ෂයක් වන  තම පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමට සිය දහස් ගුණයක අයිතියක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජාතික ජනබලවේගය සුපිරිසිදු පක්ෂයක් යැයි ඇතමුන් විශ්වාස කළත් එය සත්‍ය නොවන බව කී ඇමතිවරයා පසුගිය මැයි 9 වැනිදා සිද්ධියට ඇතැම් තැන්වල නායකත්වය දුන්නේ ජවිපෙට සම්බන්ධ අය බව කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල හා හලාවත ප්‍රදේශවල පැවති  පළාත් පාලන අපේක්ෂක හමු වලට සහභාගී වෙමිනි. 

කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්ක වල පළාත් පාලන ආයතන සඳහා මෙවර පොහොට්ටුවෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂයන් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණ.

“මෙතනට ආවට පස්සේ හැමෝම ඇහුවේ ඇමතිතුමා මැතිවරණය තියනවද නැද්ද කියලා. ඒකට මටවත් මහලේකම්තුමාටවත් උත්තරයක් දෙන්න බැහැ. හේතුව අධිකරණයට ගිහින් තියෙන්නේ. 9 වෙනිදා 10 වෙනිදා වන විට අධිකරණය ලබා දෙන තීන්දුව මත තමයි මැතිවරණය පැවැත්වෙනවාද නැද්ද කියලා තීන්දු වෙන්නේ"යනුවෙන් ද අමාත්‍යවරයා කීය.



අදහස් (17)

’’ජවිපෙට හැකි නම් අපට බැරි ඇයි’’

Aravinda Monarawila Monday, 06 February 2023 03:26 PM

කප්පම්කාරයෝ, කුඩු මුදලාලිලා, ස්ත්‍රී දූෂකයෝ, කසිප්පු කාරයෝ කැලෑ පාලුවෝ, වැලි, පස් ජාවාරම් කාරයෝ ඉන්න ලෝකයේ තියෙන එක සුපිරිසිදු දේශපාලන පක්ෂය තමයි ඕක. එළියට බැහැලා බලන්නකෝ ඡන්දය ඉල්ලන්න පුළුවන්ද කියලා...

:       10       125

janahitha Monday, 06 February 2023 03:35 PM

රටේ ජාතික ධනය සොරකම් කළ අයට රට උකස්කර ණය ලබාගෙන සාක්කුවේ දාගන්නකම් නිශ්ශබ්දව සිටි අයට ඡන්දයට ඉදිරිපත් විය නොහැකි බව ජනතාව කියනවා. දැන් අනෙකුත් අය ගැන කියවීමෙන් ඵලක් නැහැ.

:       10       101

Pradeep Monday, 06 February 2023 04:09 PM

මොනවට කියනවද? පට්ට අහිංසකයෙක්..

:       8       28

pakeer Monday, 06 February 2023 04:24 PM

හැමෝම ඇහුවේ ඇමතිතුමා මැතිවරණය තියනවද නැද්ද කියලා, උබල වගේ හොරු සෙට් එකක් වෙන්න ඇති එහෙම අහන්න ඇත්තෙ. ඇමතිතුමා කියලත් කිව්වද?

:       7       60

Gayan Monday, 06 February 2023 04:59 PM

ඔබතුමාලගේ ආන්දුවක්නේ තියෙන්නේ .වැරදිකරුවන්වත් දන්නවානම් .අයි දඬුවම් දෙන්නේ නැත්තේ ?

:       0       2

Prasanna Monday, 06 February 2023 04:59 PM

තමුන්නාසේල කරලා පෙන්නුවේ , හොදටෝම ඇති අපි වැටිලා මහත්තයෝ , තවත් එන්න සුදනෝ වෙන්න

:       0       1

fairoos Monday, 06 February 2023 05:13 PM

මේ වගේ කාලකන්නින් ගම්වලට වද්දගන්න එපා.හොඳ වෙලාවට මේ කතාව පුත්තලමේ ගිහින් කිවුවේ

:       0       1

Hafeel Monday, 06 February 2023 05:18 PM

කප්පම් කාරයක් කියල අච්චු ගහපු මිනිහ ජ වී පෙ ට අභියෝග කරනවා.

:       0       1

සුනිල් සමරසිංහ Monday, 06 February 2023 05:37 PM

අවිහින්සාවාදියා.... මේ බබෙක් .....කප්පම් අරගෙන අහුවෙලා දැන් ඇපපිට ඉන්නේ.නොදෝමකින් විතරක් ..ගම්පහ ගෑනු කීදෙනෙක් තමුසේ අනාත කරලා තියෙනවාද ,මොන තරම් මංකොල්ලකෑම් කරලා තියෙනවාද , මිනුවන්ගොඩ පෙට්‍රල්ෂෙඩ් එක කොල්ලකාවේ තමුන් නොවේද ? තව දෙන්නම් චන්දෙ පටන්ගත්තාම.

:       0       2

සමන් විමල් Monday, 06 February 2023 08:34 PM

මැතිවරණ ප්‍රතිඵල , ආණ්ඩුව දිනුවොත් තව තවත් උද්දච්ච, ලෙස ජන පීඩනය වැඩි වේ. විපක්ෂය බේද කරවයි. විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ පැත්තට යති.රට බංකොලොත් වෙයි,බෙදී යයි. විපක්ෂය දිනුවොත් , මහ මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණ කරණ් අතර නොලැබුණු විට අරගල. වීදි සටන් අරබයි.ආණ්ඩුව මර්දනය අරබයි. 88/89 අවිචාරවත් යුගය නැවත උදාවෙයි.

:       1       1

Prabha Monday, 06 February 2023 10:44 PM

අපිත් කියන්නේ ඇවිත් චන්දෙ ඉල්ලලා වෙනස තේරුම් ගන්න කියලා තමයි

:       0       2

නිහාල් Monday, 06 February 2023 11:23 PM

කප්පම් ඉල්ලු නිසා

:       0       2

sam Monday, 06 February 2023 11:25 PM

පලඩෝ කප්පමා යන්ඩ. උබ මිනිස්සුන්ට තග දාල බයකරල කප්පං ගත්ත කියල ඔප්පු උණ පාතාල මැරයෙක්. සරිනං උබ දැනුත් ඉන්ඩ ඕනි හිරේ. නූගත් වසලය.

:       0       2

විමල් Tuesday, 07 February 2023 05:33 AM

හිරේ ඉන්න ඕන එකා අහිංසකයා නම් ක්ප්පම්කාරයා අපි ද???

:       0       2

Demuni Uduwara Tuesday, 07 February 2023 05:38 AM

ප්‍රසන්න කාවද රවට්ටන්න සහ නොමග යවන්න හදන්නේ?

:       0       3

Nandasena gr Tuesday, 07 February 2023 05:57 AM

පක්ෂය පිරිසිදුයි කියන තඩි ඌරෝ.උඹට කප්පම් ප්‍රසන්න කියන්නේ ඇයි.ඇයි බං මෙච්චර මිනිස්සු අන්දන්නෙ.කප්පම් චෝදනාවට අධිකරණය ඉස්සරහ වැරදිකාරයෙක් වෙච්ච උඹට අයිතියක් තියෙනවා ද අනිත් පක්ෂවල හොඳ නරක හොයන්න.

:       0       3

sharm warn Tuesday, 07 February 2023 10:08 AM

අවිහින්සාවාදී පක්ෂයක්?? කප්පම් ගත්තෙ අහින්සක කම දරා ගනන් බැරුවද? ඉඩම් මංකොල්ල කන්නෙ හුරතලෙටද? මරණ දණ්ඩනය නියම වෙච්ච උන්ව හොර පාරෙන් නිදහස් කරල ඇමතිකම් දෙන්නෙ අවිහින්සාවාදයෙ උපරිම මට්ටමෙදිද? මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයො අත් අඩංගුවට ගන්න එනකොට ගිහින් බදාගෙන අල්ලන්න නොදී බෙර ගන්නෙ අවිහිංසාවාදය රෙද්ද පල්ලෙන් පෙරෙනකොට ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 29 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 99 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 520 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 36 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 195 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 176 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site