IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’

(අංජුල මහික වීරරත්න)

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 

ජනතා විමුක්ති පෙරමුණ කාදිනල් තුමා මුණගැසී කරුණු හතක් පිළිබඳව දැනුවත් කරන්නට සූදානම් වෙන බව කී එජාප මහලේකම්වරයා පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුතුන් දෙදෙනකුගේ පියෙක් වන වන ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන්නට  හැදුවේ ඇයිද යන වැදගත් ප්‍රශ්නය කාදිනල් තුමන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇසිය යුතුව තිබෙන්නේ යැයිද කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් එජාප මහ ලේකම්වරයා මේ බව පැවසීය.



අදහස් (30)

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’

Ranjith Friday, 19 April 2024 06:49 PM

මේ හිටපු පොලිස් රාලහාමිට දැන් "රාහු" ගේ අපලය ලබලාලු. (මේ බව අප දැනගත්තේ ඔහුගේ ආසන්නම ඥාතියෙකුගෙන්) මේ කියවන්නේ විකාරෙන්ලු. මිනිහා දෙන අදහස් ක්‍රියාත්මක කිරීමෙන් පක්ෂය නැත්තටම නැතිවෙලා දියවෙලාම යනවලු...!

:       0       0

අරවින්ද මොනරවිල Friday, 19 April 2024 06:52 PM

බය වෙන්න එපා... කාදිනල්තුමා නම් රැවටෙන්න නැහැ, දැන් ඔයාලාගේ ආණ්ඩුවෙන් ඊබ්‍රහිම් විරුද්ධව නඩු දාන්නේ කවද්ද කියලා කියන්න බලන්න.

:       0       0

රට වැසියා Friday, 19 April 2024 06:56 PM

ඇයි, වෙන මොනවා කරන්නද? ඔහෙලාගේ නායකතුමා රටේ ජනාධිපති වෙලා අපරාධකාරයින් ආරක්ෂා කරනවානේ?

:       0       0

ගමේ එකාලා Friday, 19 April 2024 07:22 PM

කාදිනල්තුමා පෙනී සිටින්නේ පාස්කු ඉරුදින අමානුෂික විදියට ඝාතනය කරපු, අසරණ ජනතාව වෙනුවෙන්... වසර පහක් පුරාවටම එතුමා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

:       0       0

Priyantha Friday, 19 April 2024 08:08 PM

රංගේ රංගේ ස්කොට්යාඩ් එනකන් බලන් ඉන්නවා...

:       27       77

Prabha Friday, 19 April 2024 08:13 PM

දැන් ජනාධිපතිට පුළුවන්නේ අපක්ෂපාතී පරීක්ෂණයක් තියන්න ජවිපය සහ පාස්කු බෝම්බය ගැන. ඒක නොකර මොකද වටේ යන්නේ..?

:       5       53

සිල්වා Friday, 19 April 2024 08:13 PM

රැවටිල්ල ගැන සැකයක් අවශ්‍ය නැත. දැන් මේ මොහොතේම විධිමත් පරීක්ෂණයක් නියෝග කල හැකිය.

:       12       96

KANUGGALRALALAGE Friday, 19 April 2024 08:16 PM

පුත්තු වැරැදි කළා කියලා තාත්තා මොනවා කරන්නද?

:       4       25

නිහාල් Friday, 19 April 2024 08:33 PM

පාස්කු ප්‍රහාරය එල්ල කරන වෙලාවේ ඔය ගොල්ලෝ ආණ්ඩුවේ. වළක්වා ගන්නත් බැරි වුණා. කළේ කවුද කියලා හොයාගන්නත් බැරි වුණා. ඔයාලා මොන දුර්වලයොද අනේ...?

:       17       106

duminda Friday, 19 April 2024 08:47 PM

තමුන්ලාට රැවටුණා හොඳටම ඇති...

:       0       0

ජෙරාඩ් Friday, 19 April 2024 09:55 PM

අවුරුදු දහස් ගාණක් ඉස්සර මේ රටේ හිටපු වීර රජවරුන්ගේ නිර්මාණ තමයි... බොලා මහා ලොකුවට සුද්දන්ට පෙන්නන්නේ. ඔබතුමාලා කරපු මොකුත් නැද්ද සුද්දන්ට තියා මේ රටේ මිනිස්සුන්ටවත් පෙන්නන්න. ඔය දේවල් එදා හැදුවේ නැත්නම් ඔබතුමාට ඇමැතිකමත් නෑ. ඔය ඩොලර් මිලියන තිහෙන් කීයක් ඕකට ඇත්තටම වියදම් කරයිද? ආසියානු සංවර්ධන බැංකුවෙන් කප්පම් එහෙම ඉල්ලුවේ නෑ නේද ඇමතිතුමෝ...? ඉක්මනට කරගන්න දෙයක් ආයේ ගසාකෑම් බැරිවෙයි ඡන්දෙන් පස්සේ...

:       0       0

තර්ස්ත මාෂල් Friday, 19 April 2024 11:22 PM

රත්තෝ කියන්නේ තවමත් කාගෙන් හරි යැපිලා කයිවාරු ගහන පිරිසක්... ජීවිතේට බුලත් විට කඩයක්වත් කරලා පළපුරුද්දක් නැහැ. සොබාදහම වැරැදි කරුවන්ට දඬුවම් දෙයි. ඒවාට දඬුවම් දෙන්න රට වලපල්ලට අරින්න පුළුවන්ද? අනික නඩු අහන්නේ ඒ ගොල්ලන්ද? ඔලුවේ තියාගෙන හිටපු ෆයිල් ටික ගගේ ගියාද?

:       0       0

Chathuri Saturday, 20 April 2024 01:22 AM

ගෝඨාභය වගේද අනුරගේ කණ්ඩායම. මහචාර්යවරු... උගත්තු... එක හොරෙක් නැහැ.. එක නූගතෙක් නැහැ...

:       0       1

Dasa P Saturday, 20 April 2024 02:21 AM

රංගෙ බයවෙලා...

:       0       0

Indika Saturday, 20 April 2024 03:10 AM

අනේ යන්න...!

:       0       0

Perera Saturday, 20 April 2024 03:13 AM

ඔව් ඉතින් ඔහේලා ඔක්කෝටම රැවටිලා දැන් ජවිපයටත් රැවටුණත් නැතිවෙන්න දෙයක් නැහැනේ...!

:       0       0

රත්නායක Saturday, 20 April 2024 06:36 AM

ඊට පෙර බලයේ ඉන්න මේ ආණ්ඩුවට ඇත්ත පෙන්නලා දෙන්න හොඳට ඉඩ තියෙනවා රංගේ... මාධ්‍ය ප්‍රකාශ අනවශ්‍යයි.

:       0       0

චන්දන Saturday, 20 April 2024 07:56 AM

වෙන කරන්න දෙයක් නැහැ. තමුන්නැහැලා දැනටමත් රවට්ටලා ඉවරයි. මේවා කියන්න ලැජ්ජාවක් නැතිද? තමුන්නැහැලා වැරැදිකාරයෝ හොයා ගත්තාද?

:       0       0

Kazi Shajahan Saturday, 20 April 2024 08:31 AM

රංගේ, කොන්ද පණ තියෙනවා නම් ඔය ටික සේරම කාදිනල් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා නම් හොඳයිනේ. නිකන් පාලු ගෙදර වළන් බිඳින්නේ නැතිව.

:       0       1

පාස්කු වින්දිතයෝ Saturday, 20 April 2024 08:53 AM

කවුද ප්‍රහාරය වෙලාවේ ආණ්ඩු කලේ?

:       0       2

Saththaya Saturday, 20 April 2024 09:11 AM

1983 කඩ කඩලා ජනතාවට කොල්ල කන්න ඇරලා, මාරු වුණු ත්‍රස්ත ප්‍රහාරය (තර්ස්ත සැලැස්ම) මුළු ලංකාවම අපකීර්තියට පත්වුණා. පාරේ හිටපු මිනුස්සුත් ඝාතනය වුණා. ඒ වගේම අපිට ආයුධත් නැතිව මර්දනය කරන්න වුණු කුරීරු යුද සමයේ දකුණේ සිවිල් යුද්ධයක් පටන් ගත්තේ, අනුරාධපුරයෙන් එහාට බෙදුන්වාදීන්ටත්, දකුණ තර්ස්තවාදීන්ටත් අයිති කරගන්න නේද? දැන් ඒ කට්ටිය මහණ වෙලාද පොරොන්දු ගන්න.

:       1       2

Nilantha Saturday, 20 April 2024 09:26 AM

රංගේ පරිස්සමින්.. දේශපාලන වාචාලකමට වඩා පාස්කු ප්‍රහාරය සංවේදී බව මතක තබා ගන්න...

:       0       2

රවින්ද්‍ර Saturday, 20 April 2024 09:56 AM

ඊබ්‍රහිම් ඡන්දේ ඉල්ලුවේ 2015 දී. පාස්කු ප්‍රහාරය වුනේ 2019 දී. 2015 දී ඡන්දේ ඉල්ලපු කෙනෙක්ගේ පුතෙක් 2019 දී පාස්කු ප්‍රහාරයකට සම්බන්ධ වෙන බව දැනගන්න ජවිපෙට දිවැස් නැහැ.

:       0       2

සමන් Saturday, 20 April 2024 11:22 AM

බෝම්බ ගහද්දී අගමැති දැන් අටවන හරි ජනපති. තාම බැරි වුණා බෝම්බ ගැහුවේ කවුද කියලා හොයාගන්න. ජේප්පො වැරැදි නම් අත්අඩංගුවට අරන් දඬුවම් කරන්නකෝ...!

:       0       3

achini Saturday, 20 April 2024 02:44 PM

මෙයාලත් දැනගෙන රාජපක්ෂ අපරාධ කාරයින්ට බලය ගන්න නිසා කරවපු හෙණගහන්න ඕනෑ අපරාධයක්...

:       23       10

සෙනෙවිරත්න Saturday, 20 April 2024 03:23 PM

ඊබ්‍රාහිම්ට ජේපී කම් සම්මාන දීපු මහින්දගේ ගෝලයින්ගේ ඡන්ද වලින් පිං ජනාධිපති වෙලා ලොකු ටෝක් දානවා, ඕවා හොඳයි හම්පඩ යූ ඇන් පී කාරයින්ට, තමුන්ට ජවිපෙ එක්ක හැරෙන්නවත් බැහැ...

:       18       12

ධනුෂ්ක Sunday, 21 April 2024 12:05 PM

ආණ්ඩුවේ ඉන්න තමුන්නාන්සේලා අදාල ආයතන යොදවලා ඒ ගැන හොයන එක නේද හොඳම දේ...!

:       0       2

Rata Perata Sunday, 21 April 2024 12:50 PM

නිකන් වටේ යන්න දෙයක් නෑ. රනිල් කියන්නේ අවුරුදු 45ක් බලයේ ඉන්න... කයිවාරුවට දක්ෂ කෙනෙක්. මේ වගේ දුර්වලයෙක් යටතේ තව අවුරුදු 5ක් ගියත් පාස්කු ගැන හොයන්නෙත් නෑ. රටට වැඩක් වෙන්නෙත් නෑ. පක්ෂ, පාට නැතිව හිතුවොත් ඕක තමයි ඇත්ත.

:       0       2

Wije Sunday, 21 April 2024 02:15 PM

රටේ කරුමේ තරම කියන්නේ, නමගිය හැලිඅරක්කු කාරයෝ තක්කඩි හොරු තමයි, සිල්වත් කාරුණික ආගමික නායකයින්ට සමච්චල් කරන්නේ...!

:       0       0

Bamunuarachchi Monday, 22 April 2024 08:21 AM

ඒ රැවටිල්ලටත් ඉඩ දෙන්න. රැවටිලාම ඇත්ත සොයා ගනීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බසයේ බැරි වූ රන් පාර්සලය අහුලා දෙයි
2024 මැයි මස 02 2 0

ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ


මහසයුරේ රත්තරන් සමග අයෙක් මාට්ටු
2024 මැයි මස 02 210 0

රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක


හෝමාගම හෝටලයක් යුද පිටියක් කළ සරසවි සිසුන්ට ඇප
2024 මැයි මස 02 172 0

හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව


මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
2024 මැයි මස 02 1067 0

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු, දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.


ගුවන්තොටේ වීසා සමාගම අපේ නොවෙයි
2024 මැයි මස 02 511 0

කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


වීසා බලය සමාගමට දුන්නේ කැබිනට්ටුවේ කැමැත්තෙන්
2024 මැයි මස 02 778 0

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්‍යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්‍යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 454 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1876 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1670 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site