
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය නරකමත් නැතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තු අයවැය විවාදයේදී පැවසීය.
"හැම වෙලේම කොරහේ කිඹුල්ලු දකින්නේ නෑ.වකුගඩු රෝගීන්ට වැඩිහිටි දීමනාව වැඩි කරලා තිබෙනවා.වැඩිහිටි පොළිය වැඩිකර තිබෙනවා, ඒවා හොඳයි.මම පඩි වැඩිවීම ගැන කතා කරන්නේ නෑ. පඩිය අතට ආවම තමයි දැනගන්න පුළුවන්. බදුල්ල රෝහලේ දොස්තරලා එළියට බහින්න සූදානම් කියල මට පණිවිඩයක් ආවා.ඒ ගැන බලන්න.
අස්වැසුම පවුල් විසිපන්දාහක් සවි බල ගන්වන්න වෙන් කරලා තියෙන්නේ මිලියන පන්සීයයි.ඒක බෙදුවම එන්නේ පවුලකට විසිදාහයි.ඒකෙන් පවුලක් සවි බල ගන්වන්නේ කොහොමද?බදුල්ලේ ඉඳන් මහියංගනයට ගියොත් විසිදාහ ඉවරයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
ඔව් ඔව් පෙරලිච්ච පොට හොඳයි කියන්නේ නැතිව. හැබැයි ඉතිං ඉස්සරවගේ නොවෙයි බන්ඩි ගෙඩියනම් තද කරගන්න වෙයි.
අනේ ටිකිරි මොලේ....
මේ හාදය මොනවට අපේ ඡන්ද දායකයෝ පාර්ලිමේන්තුවට යැව්වාද මන්ද??? කිසිම උගත්කමක් නැතැව පාර්ලිමේන්තුවෙ ඛොරුවට යටිගිරියෙන් කෑගහලා නිකම් පච වෙනවා.
බදුල්ලේ ඉදලා මහියංගණයට යන්න රු20000 ක් යන්නේ මූ රොකට් එකකින් ද යන්නේ.
ඉතිං මොකටද බදුල්ලේ ඉඳලා මහියංගණයට යන්නෙ, නොගිහිං හිටපියව්කෝ. එතකොට විසිදාහම ඉතුරුයිනේ.
දැන් අස්වැසුම දෙන්නෙ බදුල්ලෙ ඉඳලා මහියංගණයට නෑගම් යන්නද? එහෙම නැත්නම් මිනිස්සුන්ට ජීවත්වෙන්න, කෑම-බීමට සහනයක් විදිහටද? අය-වැය මගින් දෙන ප්‍රතිලාභවල මුලික පරමාර්ථයවත් නොදන්නා පළාත් සභා හිටපු මුදල් ඇමති?