(විනීතා එම් ගමගේ)
පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ද අධ්‍යක්ෂ කීය.
සුදුලූණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධව තමන් වෙත බලපෑම් පැමිණි බවත් දිගින් දිගටම ඉල්ලා අස්වන ලෙස එන බලපෑම් හමුවේ තමන් ඉල්ලා අස්වන බවත් කී ගුණවර්ධන මහතා මේ වනවිට තම රියැදුරු හා ආයතනෙයන් දුන් වාහනය පවා මේ වනවිට සභාපතිවරයා වෙත භාර දී ඇතැයි කීය.
සීනි පිටි උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශියක් මෙසේ වංචා සහගත ලෙසින් පිට පාරේ යන බවත් මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තා පමනක් ඊට ඉහල තැනැත්තන් පවා ඊට සම්බන්ධ බවත් පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධව වැඩ තහනමට ලක්වන නිලධාරින් ජනතාවට අමතකව ගිය පසු යළි සේවයේ පිහිටුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
දේශපාලන පත්වීමක් වුවත් තමන් හැකි අන්දමින් වංචා දූෂණ මැඩලීමට උත්සාහ කළ නමුත් සමහර දේශපාලඥයින් සමග එය කළ නොහැකි බව පැහැදිලි බැවින් තවදුරටත් මෙම තනතුරේ සිටීමෙන් පළක් නැතැයි ද ඔහු කියා සිටියේය.
COMMENTS
අපි දුක කියන්න ඉන්න මිනිස්සු දැන් අපිටම දුක කියනවා.
මේ වාගේ අවස්ථාවල තමයි නායකයෝ ඉන්ඩ ඕනෑ. ඔය දේශපාලඥයින් යැයි කියා ඇති අය දේශපාලනයට සුදුසු අය නෙවෙයි.
ජනාධිපතිතුමා ලබාදුන්න පිටකොන්ද... මම තමයි හොඳටම කෙරේ...
කොහොමද වැඩේ යන විදිහ අපූරුයි නේද ? ඔන්න අපි නෙමෙයි කියන්නේ සතොසේම අය. සතොසෙන්ම ගෙනා බඩු කළු කඩේට විකුණලා ආපසු එකෙන්ම මිලට අරන්. මේ සතොස කියන්නේ කවදත් හොර ගුහාවක් බව රටත් ජනතාවත් දන්නවා. එය නැවත නැවතත් වඩාත් හොඳින් ඔප්පුවෙලා තියෙනවා. එතකොට කව්ද මේ අයුතු වැඩ කරන දේශපාලකයන්. අයුතු ලාභ ලබනා ගමන් ඒ අය රූප පෙට්ටිවල රඟපාන්නේ හරියට සුද්දවන්තයන් වගේ. හැමදාකම හොරකම වංචාව හා බොරුව සඟවන්නට බැහැ. කවරදාක හෝ එළිවෙනවා. ඒක සත්‍යයක්.
දුෂිත දේශපාලඥයින්ගේ බලපෑම් මත ස්වාධිනව කටයුතු කිරීමට නොහැකි නිසා තනතුරින් යනවා. දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි සියලු දෙනාට ඔවුන්ගේ අවංක බව පෙන්වීමට හොදම අවස්තවක්. ඔබ රජයේ නිලධාරියකු නම් එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ නැතත් ජනතව ඉදිරියට පැමිණ රටට ප්‍රකාශයක් ලබාදෙන්න. එවිට දුෂිත දේශපාලකයා කවුරුන්ද යන්න රටට හෙළිවනු ඇත. වසර ගණනාවක් රටේ සියලු ආයතන දේශපාලනීකරණය වර්තමාන සමාජය මගින් ප්‍රතික්ෂේප කල යුතුව ඇත. දරුවා පාසලට ඇතුලත් කර ගැනීමේ සිට ඉතිරි සියල්ල දේශපාලකයාට බාරදීමේ ප්‍රතිපල මේ වනවිට ශ්‍රී ලාංකිකයන් බුක්තිවිදිමින් සිටි.
ඉතින් මෙහෙම පස්සට නොයා රජයේ නිලධාරියෙක් හැටියට නීතිය ඉදිරියට යන්න බැරි ද?. මෙහෙම උනොත් ජනතාව අපිට කාගෙ සරණක් ද.?
එක්කෝ සියලු නම් ගම් හෙලිකරන්න නැත්නම් සද්ද නැතුව ඇයින් වෙන්න. මෙහෙම කලාම ඔබ ගැනත් සැකයක් ඇති වෙනවා. ජීවිත තර්ජන තියනවනම් ඒකත් කියන්න.
පාර්ලිමේන්තුවේ ඉන්න හොරු කොරෝනා වලින්ම නැතිවේවා.!
අගය කරනවා! ඔබේ ගෞරවය සහ උත්තරීතරභාවය.
කොන්දක් තියෙන සේරම ඉල්ලා අස්වෙනවා, ඒ අයට හෘදසාක්ෂිය කරදර කරනවා මෙි පාපයන්ට එක්නොවන්න කියලා, සර් තනිවෙනවා වගේ ව්‍යාපාරිකයො ටිකක් එක්ක.
සෞභාග්‍යය දෝරෙ ගලනවා. මේ මංකොල්ල කන්නෙ අපේ සල්ලි. අපේ දරුවන්ගෙ සල්ලි. එක්කො අපි රට දාල යන්න ඕනෙ. එහෙම නැතිනම් අපේ හද බැඳ ගත් සුපර් ස්ටා දේශපාලකයන්ට සුදු හුනු ගාන එක නවත්තන්න ඕනෙ.
මෙන්න තිත්ත ඇත්ත, මහත්තයෙකුට හොරුන් සමග වැඩ කල නොහැක.
කෝ අධීක්ෂණ ඇමති. සෑම හොරකමක්ම වෙන්නේ ඉන්න ඔක්කොම ඉහල ලොකු අයගේ ආශීර්වාදය ඇතුව.
ඔන්න ඕකයි තත්වය. ඉතින් තව මොන කතාද?
දැන් මේ ආණ්ඩුව හොර ගුහාවක් වෙලා හොද මිනිස්සුන්ට වැඩ කරන්න බැහැ.
ඔහුට කළමනාකරණය හෝ පුද්ගලයින් සතුටු කිරීමට නොහැකි නම් ඔහු යා යුතුය. ඔහුට කළමනාකරණය සමඟ සමීපව කටයුතු කිරීමට සිදු වේ. ඔහුට හොඳින් සවන් දිය නොහැකි නම් රැකියාවෙන් ඉවත් වීම හොඳය.
ඉතිහාසයේ කිසිදු ජනාධිපති කෙනෙක් නැතිතරම් සියලුම බලතල ඒකරාශි කරගත් ජනාධිපති ගෝඨාභය මේ සඳහා වගකීම භාරගත යුතුය.
මහත්තයෝ ඔයාගේ කොන්ද පන තියෙනවානම් දේශපාලකයෝ කවුද කියලා නම් වශයෙන් හෙළිකරන්න. ඔයාගේ පැත්තට මිනිස්සු එකතුවෙයි.
ඇමතිලත් දැන් දන්නවා ආවේ කවුද කියලා එහෙනම්...
එක රටක් එක නීතියක්. ඔය තැන් පටන් ගත්ත දා ඉදලා හොර ගුහාවල් බව රට්ටු දන්නවා.
මේ පරපුරේ ස්වභාවය අපි බොහෝ කාලෙක සිට දැනගත්තා.
මේ කියන කතාව ඇත්ත නම් මෙවැනි අය තනතුර ට පත් කිරීම හොඳයි . නමුත් ඉවත් කිරීම ට ඉඩ දීම නොකළ යුත්තක්. දූෂණ නැති කරනවා කියලා පටන් ගන්න තමා මිනිස්සු මේ ආණ්ඩුව පක් කලේ.
හැම අවංක නිලධාරියෙක්ම මේ ආකාරයට සිතන දවසට, මේ රට ඉදිරියට යන එක ඔය දේශපාලකයින්ට නවත්වන්න් බැ. ඔබතුමාට ආචාරය පිට කොන්දක් තිබීම ගැන.
අපි තමයි හොඳටම කෙරේ.
අපොයි බයියනේ බලපල්ලා මේ දිහා...
නියම තීරණයක්. මම ඔබට හිස නමා ආචාර කරමි. මේ නූගත් දේශපාලනඥයින් සමඟ වැඩ කර රටේ තත්ත්වය කිසිසේත් වැඩිදියුණු කළ නොහැක. ඒ නිසයි මම මේ රටෙන් යන්න වුණේ. රට සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා අපේ දැනුම කෙසේ භාවිතා කළ යුතු යැයි රජය නොදනී. කෑදර දේශපාලකයින්.
ඔබට බලපෑම් කළ පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කිරීමට බැරිනම් ඔබගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශකර ඇති කාරණා විත්තිකරුවන් නැති පැමිණිලි හා සමානය. සමාජශෝධනය මගින් මේ රටට කළහැකි මහගු සේවය මගහරින්නෙකු නොවී ඔබට කළ බලපෑම හා ඒවා කළ අය සමාජයට හෙලිකරන්න. නොඑසේ නම් ඔබද තවත් පෞරුෂය හීන පුද්ගලයකු පමණි.
රජා ගේ පාලනය මරු හාදය ඇරෙන්න කොන්දක් තියන අය ඔක්කොම යනවා. මේ අස්වෙලා යන අයට යන්න පාරක් තියනවා හැබැයි දවසක් එනවා රජාට යන්න පාරක් තොටක් හොයාගන්න බැරි වෙන දවසක්.
සත්‍ය හෙළි කරාට ඔබට අපේ ප්‍රණාමය, එන මැතිවරණයේදී මේවා මහජනතාව දැනුවත් කල හැකි වුනත් අසරණ දුගී ජනතාවට එය තේරුම් ගැනීමට තරම් ශක්තියක් නැත.
අලගිය මුලගිය අයත් මේ වගේ දේවල් කරනවද.?
මෙතුමා කියන්නෙ ඇත්තමද කියලා කියන්න බෑ. කෙසේ නමුත් මේ හොරකම් තමයි දන්නා කාලයක ඉඳන් අපේ රටේ සිද්ධ වෙන්නෙ.
ශ්රී ලංකාවේ තත්ත්වය මෙයයි. ඉතාමත් කණගාටුදායකයි. මෙහි වෙනසක් බලාපොරොත්තු විය නොහැක. කාට කියම්දෝ.... කුමක් කරම්දෝ...
දැන් අධ්‍යක්ෂවරයා හැටියට ඔබතුමාට වගකීමක් නැතිද මේකට.?
අද අවංකව සේවය කරන නිලධාරීන්ට වෙලා තියෙන දේ තමයි. දේශපාලුවෝ මේ රටින් තුරන් වූ දවසක මේ රටට හොඳ කලක් යාවි.
ලංකාවේ දේශපාලනඥයෝ නැත. ඉන්නේ මහජනතාවගේ බදු මුදල් වලින් යැපෙන කයිරාටික දේශපාළු හිඟන්නන්ය. දේශපාලනඥයකුට තිබිය යුතු දැනුම් සම්භාරය අපේ දේශපාලුවන්ට නැත. එම නිසා දේශපාලනඥ කියන වචනය කොහෙත්ම සුදුසු නැත. අවසානයේ සිදුවෙන්නේ මෙවැනි දක්ෂ නිලධාරීන් මේ දේශපාලුවන්ගේ අමන වැඩ නිසා රට හැර යාම පමණි.
නායකත්වය කියන්නේ අභියෝග එනකොට බෑ කියලා දාලා දුවන එකක් නෙවෙයි.
අනවශ්‍ය හා අයුතු බලපෑම් නිසා තමයි මේ අස්වෙනවා පේන්නේ .. එතකොට කව්ද මේ බලපෑම් කරනා උදවිය.
ලක්ෂ 69ක් දුන්නනේ. දැන් විඳවන්න.
දේශපාලුවෝ දෙන්නා බන්දුල යි ලසන්තයි.
මේ තැනැත්තා අවංක කෙනෙක් වුනත් ඇත්ත ඇති සැටියෙන් හෙලිනොකිරීමෙන් කොන්ද පන නැති බව පෙනේ
කෝ රටේ පොලිස්පති ,නීතිපති ,දුෂණ සහ අපරාධ විමර්ශන අධිකාරිය ?
පේනවා නේද ,දැන් හැම දෙයකටම දේශපාලනයෙන් බලපෑම්,පාස්කු,හිරගෙවල් වල පිස්සු නැටීම් ,තෙල් නැව් ,අපරාධ කරුවන් නිදහස් කිරීම්,මේ හැම දෙයකටම දේශපාලකයින් විසින් බලපෑම් කරනවා,නීතිය එක වගේ නෑ .69 ලක්සේ බයියන්ට දැන්වත් තේරෙයිද ?රට කෑවා ,කිසි කෙනෙක්ට අවංකව වැඩ කරන්න බෑ .රටක් හදන්නේ කොහොමද එහෙම .ට්ව ඉදිරියට මෙවැනි දෑ බොහෝ සිදුවේවි .69 ට සාප වෙන්න ඕනේ
රජයක් යටතේ සේවකයෙක් විදිහට වැඩ කරද්දී තමන්ට ඕන දේම කරන්න බැහැ. රජයට අවශ්‍ය දේවලුත් කරන්න වෙනවා.
මෙහි සදහන් වෙනත් ආයතනය හොරෙකු වී ඇත.
කඩේ යන අය ඒකක කරනන බැ තමයි තනතුරු
නොදකින්. ගියපාර බන්දුලයට දුන්න මනාපේ හරකෙකුට දුන්න නම් මීට වඩා හොඳයි.
එක්කෙනෙක් කමෙන්ට් එකක දකවා තිබුනා මේ දුශිතයෝ ඔක්කොම කොරෝනාවෙන්ම නැති බංගස්තාන වෙන්න කියලා උදේ හවස කියන එක තමා දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ
හැම දේකටම ඇඟිලි ගහන, දූෂිත පවුලක් පාලනය කරන රටක් ? මෙවැන් රටක් ලෝකෙම නැතුව ඇති .
සමූපකාර රාජ්‍ය ඇමති කියන්නේ පරිභෝගික ජනතාව කන්න ආපු දේශපාලඥයෙකි. ඇමතිකම ලැබුන ගමන් කලේ සමුපකාරය විනාශ කරන්න පනතක් ගේන්න උත්සාහ කලා. දැන් පරිභෝගිකයෝ ගසා කන්න හදනවා. ගරු ජනාධිපති තුමනි වහාම මෙම ඇමතිකම වෙනත් හොද මනුස්සයෙකුට දෙන්න.
ස්වාදීනව කටයුතු කරනවා කියලා හිතුමතේ ක්‍රීයා කොරන්න බැහැ. රජයේ හෝ පෞද්ගලික ආයතනයක කිසියම් ප්‍රතිපත්තියක් තිබෙනවා ඊට අනුකුලව තම කාර්ය ඉෂ්ටකල යුතුයි එසේ බැරිනම් ඉවත් වෙලා යාම සුදුසුයි.
සිස්ටම් චේන්ජ්.
ඔබට අපේ ප්‍රණාමය... ආඩම්බරයි 69න් එකෙක් නොවීම ගැන..