(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැලිගම ප්‍රාදේශීය සභාවේ ඝාතනයට ලක්වූ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පාතාල අපරාධකරුවකු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
විවිධ අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගාල්ල කුරුණෑගල සහ මාතර අධිකරණවල නඩු හයක් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවැසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ආනන්ද විජේපාල මහතා මෙසේ ද පැවැසීය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අද ඝාතනයට ලක්වුණා. පසුගිය කාලයේ සිදුවූ වෙඩි තැබීම්වලින් මහජන ආරක්ෂාවට කිසිදු ආකාරයේ තර්ජනයක් මතුවී නැහැ. අපි දන්නා විදියට මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. ඔවුන් කල්ලි හැටියට බෙදිලා ඉන්නවා. ඒ අය සතුව අවි ආයුධ තියෙනවා. ඔවුන් අතර ගැටුමක් තියෙනවා. ඒ ගැන විවාදයක් නෑ. මම මීට පෙරත් මේ ගැන කරුණු පැහැදිලි කළා. වැලිගම සභාපති මහජන නියෝජිතයකු බවට පත් වුණාට ඔහු පාතාල අපරාධකරුවෙක්. නඩු හයක් තියෙනවා. මාතර කුරුණෑගල ගාල්ල අධිකරණවල. ඒ වගේම අත්හිට වූ සිරදඬුවම් ලබල තියෙනවා. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි.
ඉන්දුනීසියාවෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් පිරිසක් මෙරටට ගෙනාවා. ඔවුන් සම්බන්ධයෙන් කරන විමර්ශනවල දී මොහු ළඟ අවි ආයුධ තියෙන බව අනාවරණය වෙලා තියෙනවා. එම පරීක්ෂණ දිගටම පැවැත්වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මුදල් උපයා ගැනීම පිළිබඳවත් නඩුවක් තියෙනවා.
පාතාල අපරාධකරුවන් අතර ගැටුම් පසුගිය කාලයේ ඇති වුණා. ඒ වගේ සිද්ධියක් තමයි මේක. මේ ආරවුල් මිනිස් ඝාතන බවට පත්වෙනවා. සමගි ජන බලවේගය කියනවා එතුමාලගේ පක්ෂයේ එවැනි අය නැහැ කියලා. මීට කලිනුත් මම නම් ගම් කිව්වා. මේ පුද්ගලයාත් ඒ වගේ අයෙක්. පාතාල හෝ වෙන කවුරුන් හෝ මිය යෑම අප අනුමත කරන්නේ නැහැ. මිනිස් ජීවිත වටිනවා. මේක මිනිස් ජීවිත අගයන ආණ්ඩුවක්. විධිමත් විමර්ශනයක් කරනවා. මේ ඝාතනයත් අනුමත කරන්නේ නැහැ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘‘වැලිගම සභාපති පාතාලයෙක්‘‘