
(අංජුල මහික වීරරත්න)
බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.
බටලන්ද කොමිෂන් වාර්තාව ගැන තවදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
1987 වසරේ දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා.
ඒ අවස්ථාවේදී රටේ ර්මමස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරුවා.
බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය,මහවැලියේ සිට කොළඹට විදුලිය ලබා දෙන මධ්‍යස්ථානය , වෙළෙඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා.ඒ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදා කැඳවනු ලැබුවා.
ආරක්ෂක අංශ වලට රැඳී සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සංස්ථාවට අයත් ඒ වන විට අතහැර දමා තිබූ ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබාදීමට තීරණය කෙරිණා.
ඒ වන විටත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එහි නිවාස කිහිපයක පදිංචිව සිටියා.
මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහරදී ස්ථානාධිපතිවරයා මරා දමනු ලැබුවා.ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න මහතා මට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පවතින නිවාස ඔවුනට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.ඒ අනුව එවකට සිටි ඈවරකරු මගින් අදාළ නිවාස කැලණිය පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා වෙත පැවරීමටත් පියවර ගත්තා. පළාත් සභා මන්ත්‍රීවරයකු, සමූපාකාර සමිති සභාපතිවරයකු,පොලිස් සාජන්වරයකු, ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුම ඝාතනය කිරීම මේ අතර වාරයේදී සිදු වූවා. ඒ සමගම තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ද පහර දීමක් කෙරුණා.
කඩා වැටුනු ජන ජීවිත , ආර්ථිකය ගොඩ නගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා.
1994 න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වධකාකාරයක් තිබුණේදැයි සෙවීමට කොමිසමක් දැම්මා.ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා.මා ඊට කැඳෙව්වේ සාක්කිකරුවකු ලෙස පමණයි.
ඒ වන විට මා රටේ විපක්ෂ නායක ලෙස කටයුතු කළා. බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීම අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. වාර්තාවේ තීරණ වල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරීවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස බාර දී ඒ හරහා අදාල නිලධාරීන්ට පැවරීමයි. මේ ක්‍රියාකාරකම නිසා මමත් නලින් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා.
කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේ කළ ත්‍රස්ත්‍රවාදී ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සමාප්ති නිරීක්ෂණ සමාප්ති නිරීක්ෂණ වල දැක්වෙනවා.එහි පසුබිමත් කියැවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වනවා.මුළු ඉතිහාසයම එහි ඇතුලත් කර තිබෙනවා.
ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාල වන්නේ නැහැ.ඒ වාර්තාව මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටත් චෝදනා කළ නොහැකියි.වර්ෂ 2000 දී පාර්ලිමේන්තු සැසි වාර්තාවක් හැටියට එය තිබුණා.නමුත් කිසිවකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීම් කළේ නැහැ. අඩුම තරමින් ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නැහැ.බොහෝ දෙනෙක් වාර්තාව පිළිගත්තේ නැහැ.ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි.
මෙතෙක් බලයට පත් වු කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිව යුතුයි.
ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාව අවුරුදු විසි පහකින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේවත් අනෙක් පාර්ලිමේන්තු වලවත් නැහැ.
COMMENTS
මම වෙන මොනව කියන්නද, නේද කජු සීයේ?
මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ සති දෙකකට සැරයක් එළිදක්වන මේ වගේ විකට නාටක පිහිටෙන්. හැබැයි මේ වාර්තාව කෙසේ වෙතත් ජේවීපී භීෂණ සමයේ මිනී මරලා දැන් මැති ඇමැතිලා වෙලා ඉන්න ගෝනිබිල්ලෝ ටික හෙලි කරගන්න ඕනෑ.
ඉතිං අනේ ඔහෙලගේ ආණ්ඩු කාලේ ඒක පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ඒකේ වැරැදියි කියලා ඔප්පු කළා නම් හරිනේ, වල්ගෙ ගිණිගන්නකන් ඉන්නේ නැතුව...!
හොරාට කලින් කෙහෙල් මුත්තා වැට පැනලා…!
ඒකද මහත්තයෝ අල්ජසීරාවට මුලින්ම වාර්තාවක් නැහැ කියලා, මාධ්‍යවේදිනියක් ඒක පෙන්නුවාට පස්සේ ඕක සභාගත කරලා නැහැයි කියලා කිව්වේ? අපි නම් ඔටුවෝ නෙමෙයි.
කව්ද ඔයාගෙන් ඇහුවේ?
බටලන්ද විමර්ශනයක් කරනවා නම්, ඉස්සෙල්ලාම ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් සිදුකළ මරණ පිළිබඳ සොයා බැලිය යුතුයි. වෙන කිසිම සමාජවාදී විප්ලවයක් රටේ අහිංසක මිනිස්සු ඝාතනය කරේ නැත. ඒත් වත්මන් මාලිමාව නමින් බැටලු හම් පොරවා සිටින ජවිපෙය කළ විනාශය එදා සිටියවුන් ඉතා හොඳින් දනිති. මක් නිසාද යත්, එදා ඔවුන් සිදු කළ අපරාධ, ජවිපෙ සාමාජිකයන් විසින්ම පාපොච්චාරණය කළ නිසායි...
ඔබතුමා ඇයි මේ බයවෙලා ... බයවෙන්න කාරි නෑ ඔබගේ සම්බන්ධයක් නැත්නම්...
ඔන්න බබාලා අපි ඔයාලට මේ සතියේ බටලන්ද ටොපිය දුන්නා. මේක නම් ලස්සන ටොපියක්. ඔය බබාලා දැන් මේ ටොපිය කාලා අපිට ඊලඟ පාර ඡන්දෙ දෙන්න ඕන හොඳේ. ඊලඟ පාර මාලිමාව 5/6කින්ම දිනවන්න ඕනෑ.
නැත්තං පිළිගන්නවා කියන්නයෑ. හැබැයි කජු සීයේ එදා මේදි හසන් කියවපු රිපෝට් එකනම් හම්බ වුණාලු. කොපියක් එවන්නෙයි?
ඩුබායි හි පිහිටි ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩකරන අපිට ඩුබායි පොලීසිය විසින් (ඒ ගොල්ලන්ට UN එකෙන් එවන) අප්‍රිකාවේ මේ වගේ වද කඳවුරු පවත්වාගෙන ගිය "වෝ ලෝඩ්ස්ලාගේ විස්තර හැම තිස්සේම ලැබෙනවා (ඒ ගොල්ලෝ ඩුබායි හරහා සල්ලි හුවමාරු කරලද බලන්න), ඒවායේ සඳහන් වෙන එම පුද්ගලයින් කරලා තියන අපරාධ අපි පුදුමයෙන් කියවනවා. බලාගෙන ගියාම එහෙම කෙනෙක් මෙහෙත් ඉඳලා තියනවා. හැබැයි අද වෙනකන් කිසිම දඬුවමක් නැතිව...
2000 ඉඳන් තිබුණු වාර්තාව සභාවට ගත්තේ නැත්තේ ඩීල් දාලා නෙමේ කියලා මම විශ්වාස කරනවා. දැන් ඒ ගැන වාදෙ යන්නේ ඩීල් එක බැරිවුණු හින්දා නෙමේ කියලත් විශ්වාස කරනවා. මම හරි මෝඩයි...!
මේ සමගම එදා රටට බටලන්ද වැනි තැන් අවශ්‍ය වුනේ ඇයි කියලත් සොයා බැලිය යුතුයි.
අනේ මන්දා සියේ... ඔයා කියන දෙයක් තමයි..!
ආණ්ඩුවට එරෙහිව පළමු කමෙන්ටුව හැමදාම එකම නම තිබෙන හොරුන්ට කත් අදින ජනතාවගේ බදු මුදල් ගිල්ල එක්කෙනෙක්ගෙන් පමණමයි. කොහොමද එහෙම වෙන්නේ...? මට හිතෙන්නේ මේතැනත් පොඩි ගේම් එකක් වගේ...
ඇයි කලබල? කමිටුවක් තිබ්බා, වාර්තාවක් ආවා, ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා…, ඒක තමයි සම්මත විදිය. ඒ කමිටුව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නම් ඒ දවස්වලම කියලා විසඳා ගන්න තිබුණා. ඉතිං ඇයි දැන් කලබල..?
තණකොළ නෑ ගහ මුදුනේ ඒකයි බිමට බහින්නේ... වාසියටත් ලේසියටත් කියන්න කරුණු තියෙනවා. නැත්තං හදලා කියනවා. නැත්තං මවලා කියනවා...
කමක් නෑ සීයේ... 2048 ආයෙත් පස්ස දොරෙන් බැරි නම් ජනේලයෙන් පැනලා හරි ඇවිල්ලා ජනාධිපති වෙලා මේවා ඔක්කෝටම උත්තර දෙන්න සීයා...!
හෙට කියයි ඔබ ඔබවම ප්‍රතික්ෂේප කරන බව… ඔබට එය සුළු දෙයකි.
මේ ආණ්ඩුව මීට අවුරුදු 25කට කලින් වාර්ථා පිළිගන්නවා නම් ඒකේ ජවිපෙ කරපු මිනී මැරුම් සහ එම මිනීමරුවන්ට ලබා දියයුතු දඬුවම්ද ක්‍රියාත්මක කළ යුතුයි...
වාර්තාවට කලින්: මම කොටින්ම සම්බන්ධ නෑ. වාර්තාවට පසුව: මම වක්‍රව සම්බන්ධයි.
අල් ජසීරා එකට කිව්වේ 'කොහේ තියෙන වාර්තාවක්ද?' කියලනේ. දැන් ඔය නැති වාර්තාව ද ප්‍රතික්ෂේප කරන්නේ?
මෙතැන රණ්ඩු වෙලා වැඩක් නෑ... මේ වාර්තාවක් මොනවාත් කරන්නඩ බෑ... මේක තවත් එක සංදර්ශනයක් විතරයි
කවුද මේ ඩිස්ලයික් ගහන රිලවා…. සංගනනෙට ගියේ නැද්ද….?
බයවෙන්න එපා . පොඩි කාලෙකට හරි යනන්වෙයි .කොහොමත් වලපයයි ගොඩ පයයි නේ
අඩුම ගණනේ ඔය එකක් අවසන් කරන්න - මහබැංකු වංචාව, වීසා මගඩිය, හිටපු ජනපති වරප්‍රසාද කපන එක
රනිල් මහත්තයා යුන්පි එකට සහ පාක්ෂිකයාට කළ මහා අපරාධය පිළිබඳව ඔහු සමඟ ගැටලුවක් තිබුණත් ඔහු පක්ෂයෙන් පිටට මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්, 94ට පෙර රටට වැඩකළ උගත් බුද්ධිමත් ඇමතිවරයෙක් කෘත හස්ථ දේශපලඥයෙක්, මේ අවස්ථාවේ ප්‍රකාශයක් කිරීම වැදගත්, අවුරුදු 35කට කලින් තිබුණා සුන්දර සමයක්. ඊට මෙහා ඉපදුනු අය දන්නේ නැහැ.සිරිමාවෝ සිරකර සිටි විජේවීර මහත්තයා සහ පිරිස කොන්දේසි විරහිතව ජේආර් මහත්තයා එළියට දැම්මා ඒ ඔය කියන දේශපාලය කරන්න .
මේ රතු කොළ කවුරුහරි පුද්ගලයෙක්/ කට්ටියක් මැනිපියුලේට් කරනවා. ඒ ගණන් ගැන විශ්වාස කරන්න බැහැ.
ජෙප්පෝ චූන් වෙලා ලබන සතියේ තව එකක් හොදේ
බටලන්ද අපරාධ සම්බන්ධයෙන් රනිල් වැරදිකරු බව ඔප්පු වී ඇති කරුණකි. රනිල්ට දඬුවම් කිරීමට පෙර කිසිදු රජයක් උනන්දු වූයේ නැත. මන්ද ඔහු ඔවුන් හා සමාන සමාජ පන්තියක් වූ බැවිනි. රනිල් උගත් බව පෙන්වීමට කැමතියි නමුත් ඔහු කපටි මිනීමරුවෙකු පමණි. කර්මය ඔහුට කවදා හෝ දඬුවම් කළ යුතුය. රජයේ හමුදාව, පොලිසිය සහ හෙංචයියන් විසින් කරන ලද බොහෝ ඝාතන එදා ජෙවිපි වෙත බැර කරන ලදී. සත්‍යය කවදා හෝ එළියට එනු ඇත, එය සදහටම සැඟවිය නොහැක, සත්‍යය ජය ගනු ඇත. සිදු කරන ලද දරුණු අපරාධ සඳහා රනිල් වැනි අය සදාකාලිකවම නිරයේ කුණු වනු ඇත.
බටලන්ද වාර්ථාවෙන් රනිල් වැරදිකරුවෙක් කියලා කොහේවත් කියලා නෑ. මෙතන කොමන්ට්ස් දාපු ජෙප්පෝ වලිගේ පාගගෙන බව පේනවා. රනිල්ට තියෙන චෝදනාව එයා මැදිහත්වෙලා බටලන්ද පරණ පොහොර ගබඩාවේ ගොඩනැගිලි පොලීසියට දුන්නා කියලා.