IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘‘බුදු කුටිය අනවසර ඉදිකිරීමක්‘‘

(ගයාන් සූරියආරච්චි)

ත්‍රිකුණාමලය වරාය වෙරළ තීරයේ ඉදිකළ කුටියක තිබූ බුදුපිළිමයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව එම බුදු පිළිමය සහිත කුටීරය වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසරයෙන් ඉදිකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එම සිදුවීම මුල්කරගනිමින් විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බවද එම කොට්ඨාසය කියයි.

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා හා දායක පිරිසක් පෙරේදා 16 ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව ත්‍රිකුණාමලය කොට්ඨාස භාර නිලධාරිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් මෙම අනවසර ඉදිකිරීම නවතා දමන ලෙස දන්වා ඇතත් ඔවුන් එම ඉදිකිරීම නොනවත්වා සිදුකර ඇති බව පොලිසිය පවසයි.

එම බුදු පිළිමය තැන්පත් කර තිබූ ස්ථානයට යාබද ස්ථානයක ද මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදුකිරීම හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලෙසටත් දැනුම් දී තිබු බවත් සිද්ධියට අදාල ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට එම ඉදිකිරීම නවතා දමන ලෙසට පරිසර අමාත්‍යංශයෙන් ඉකුත් ඔක්තෝබර් මස 16 වැනි දින ලිඛිතව දැනුම්දී තිබූ බවද පොලිසිය පවසයි.

 



අදහස් (4)

‘‘බුදු කුටිය අනවසර ඉදිකිරීමක්‘‘

harimanis Monday, 17 November 2025 05:17 PM

දකුණු පළාතේ හිතුණු හිතුණු තැන්වල කිසිම බාධාවකින් තොරව කෝවිල් හදන්න පුළුවන් නම්... මොකද අපි කැමැති තැනක බුදුපිළිමයක් තියන්න බැරි. කවුද එතකොට ජාතිවාදීන් අන්තවාදීන්...?

:       3       10

රත්නවීර Monday, 17 November 2025 05:30 PM

ආණ්ඩුවේ සියලු නීති උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයන්ට පමණද? ජාතික කුඩු බලවේගයේ නරුමයන්ට බෞද්ධාගම ඇලජික්ද?

:       6       11

සංජීව Monday, 17 November 2025 07:03 PM

ඉස්සෙල්ලාම කියන්න පිළිමය මහ රෑ පැහැරගෙන යන්න නියෝගය දීපු ඇමැති කවුද කියලා...

:       4       10

chamara Monday, 17 November 2025 07:13 PM

21 රැස්වීමට මිනිස්සු එන්නේ නෑ... කියලා තේරුණාම ආයෙත් ඉතින් පරණ සෙල්ලම පටන් අරන්...

:       9       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site