IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘‘පොන්නම්බලමි අත්අඩංගුවට ගන්නා බව දැනුම් දුන්නා‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසියේ ප්‍රධානීන් තමාට කල් තියා දැනුම් දුන්නේ යැයිද පොලීසියේ රාජකාරි කටයුතුවලට බාධා කිරීමට හැකියාවක් නැතැයිද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද  (7) පැවසීය.

කතානායකවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

පොලීසියේ ඉහළ නිලධාරීන් මට මේ සිද්ධිය වාර්තා කළා. උසාවියට කරුණු වාර්තා කරලා කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව දැනුම් දුන්නා . එතුමාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති අයිතියට බාධා කරන්න කිසිම කෙනකුට බෑ. පොන්නම්බලම් මන්ත්‍රීතුමාත් පොලිසියේ අයත් ඩීඅයිජී මහත්තයාත් මේ සම්බන්ධයෙන් මට කතා කළා. . අද ඔහු කිලිනොච්චි උසාවියට ඉදිරිපත් කරලා ආපහු පාර්ලිමේන්තුවට සහභාගි කරනවා කියලා කිව්වා. ඒක තමයි ඒ අයගේ සැලැස්ම. ඒ රාජකාරියට බාධා කරන්න අපිට බැහැ. උසාවියට ඉදිරිපත් කිරීම ඒ අයගේ වගකීමක්. ඒ තත්ත්වය තමයි වාර්තා වෙලා තියෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. සිද්ධියේ හරි වැරදි ගැන කතා කරන්න සූදානම් නැහැ. නමුත් මන්ත්‍රීවරයකු විදියට එතුමාගෙ වරප්‍රසාද කතා කතාකරන්න ඔහුට අයිතියක් තියෙනවා. එතුමා ඔබතුමාටත් කතා කරලා තියෙනවා. පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසු පොලිස් ස්ථානයට යනවා කියලා කියලා තියෙනවා. ඔහුගේ ප්‍රතිපත්ති ගැන අපිට වෙනම මතයක් තියෙනවා. මේ සභාවට එද්දී ඔහු අත්අඩංගුවට ගන්න බැහැ. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අරක්ෂා කරන්න කටයුතු කරන්න.

විපක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

ඔහු සාමකාමී මන්ත්‍රීවරයෙක්. ඔහුට ආරක්ෂකයන් නැහැ. උතුරේ මන්ත්‍රීවරයකු වෙලත් ආරක්ෂකයන් නෑ. මෙතන සමහරුන්ටනම් ආරක්ෂකයෝ පහ හය ඉන්නවා. ඔහු හැමතැනම යන්නෙ ඩ්‍රයිවර් එක්ක විතරයි. එතුමා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ පාර්ලිමේන්තුවට එද්දී. එහෙම කරන්න බැහැ. පාර්ලිමේන්තුවට එද්දී යද්දි මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගන්න බැහැ.

 



අදහස් (7)

‘‘පොන්නම්බලමි අත්අඩංගුවට ගන්නා බව දැනුම් දුන්නා‘‘

sujeewar Wednesday, 07 June 2023 12:05 PM

නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිවකුට විශේෂ වරප්‍රසාද හිමි විය යුතුයැයි මොවුන් ප්‍රකාශ කරන්නේ නම් මොවුන්ගෙන් නීතිය ක්‍රියාත්මක කිරීමක් කිසිදා අපේක්ෂා කළ නොහැකි වනු ඇත. අනෙක ඔහු ආරක්ෂකයන් නොමැතිව කොළඹ සිටින්නේ නම් එයින් අදහස් කරන්නේ කොළඹ කිසිඳු ජාති බේදයක් නැතිව ජීවත් විය හැකි බවයි. එහි ගෞරවය හිමිවිය යුත්තේ වෙන කිසිවකුට නොව රටේ සාමාකාමී ජනතාවටයි. එලෙස සාමකාමී පරිසරයක ජීවත්වෙමින් උතුරු හො නැගෙනහිර පළාතේ සාමකාමී ජනජීවිතය අවුල් කිරීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි සඳහා බව එම ප්‍රදේශයේ ජනතාව වටහාගත යුතුයි. එය වටහාගත නොහැකි වීමේ අගෞරවය එම පළාතේ ජනතාවටයි...

:       2       7

මහසෙන් Wednesday, 07 June 2023 01:02 PM

හැබෑටම මෙහෙමත් විහිළු නායකයෙක් සහ කිරි පප්පෙක්. වුණු සිද්ධියේ හරි, වැරැදි වැඩක් නෑලු. එයාට තියෙන වරප්‍රසාද අනුව අත්අඩංගුවට ගැනීමලු ප්‍රශ්නේ. එතකොට ඕකේ ඉන්නේ වෙනත් තැනකින් ආපු අමුතු ජීවීන් කොටසක්ද? වරප්‍රසාද අනුව නීතිය නැවෙනවද? සාමාන්‍ය මිනිස්සුන්ට ඔය වරප්‍රසාද අදාල නැද්ද? අනේ මෙහෙමත් ඡන්දවලට කෙළ හලන විහිලු නායකයෙක්... වෙච්චි සිද්ධිය රට්ටු දැක්කා. දැන් ඉතින් ඔච්චර අමාරුනම් යාලුවා බලන්න ගිහින් වොයිස් කට් දෙනවා. මේ කපේදී තමුන්ට රටේ නායකයා වෙන්න බෑ...

:       0       4

upul indika Wednesday, 07 June 2023 02:26 PM

කිරිඇල්ලට මොකද වෙලා තියෙන්නේ?.

:       0       5

Hafeel Wednesday, 07 June 2023 06:06 PM

කිරිඇල්ල කොයි ලෝකේ ඉඳන්ද කතා කරන්නේ? පොන්නම්බලම් සාමකාමී මන්ත්‍රී කෙනෙක් නොවේ. ඔහු බෙදුම්වාදය පෝසත් කරනවා, සිංහල සහ ද්‍රවිඩ ප්‍රජාව අතර බේදය, වෛරය සහ ක්‍රෝධය ඇති කරනවා. ඔහුට ආරක්ෂකයින් අවශ්‍ය නැහැ. ඔහු හැමවිටම අපේ ආරක්ෂක අංශය විවේචනය කරනවා. ඉතින් මොනවටද අපේ ආරක්ෂාව...

:       1       3

සත්‍ය ගවේෂී. Wednesday, 07 June 2023 05:12 PM

සජිත් රටේ මහජනතාව වෙත තියෙන කැක්කුම තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. කිරිඇල්ල අනිත් කෙනා. මේ තමයි මේ අයගේ හිත ඇතුලේ තියෙන දේ.ඒත් කට හා ඇට නැති දිව හරවා හරවා තොර තෝංචියක් නැතිව කියවන්න හරි දක්ෂයා. සජිත් වගේම කිරිඇල්ලට නායකයෙකු සතු ගුණාංග පිහිටලා නැහැ. ව්‍යාජ නායකයින්.

:       0       3

Bamunuarachchi Thursday, 08 June 2023 05:54 AM

තමන්ගේ වාසියට රට ජාතිය පාවා දෙන සජබ පාහරයින්ට අපි චන්දෙ දෙන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Thursday, 08 June 2023 06:28 AM

පොන්න අම්බලම උතුරේ සිංහල බෞද්ධ යින්ට කරන කෙනහිලි වලට මේකව හම ගහලත් මදි. අනේ රට නැවත 1957 කාලෙට යනවා නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 86 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
2025 මැයි මස 09 782 0

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය


බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 579 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 372 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 1030 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1239 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 314 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1340 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site