IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘තෙල් හිඟයක් නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.

පෙට්‍රල් ඩීසල් ඇතුළු සියලූම ඉන්ධන ලබන අප්‍රේල් මාසය දක්වා ඇනවුම් කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මෙරට තුළ ඉන්ධන අලෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමග නවත හැරවා යැවීම සම්බන්ධයෙන් රජයේ පැවැති දෙපාර්තමේන්තුවේ ඊයේ(12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

එම තෙල් නැව හරවා යැවීමෙන් රටට කිසිදු බලපෑමක් නොමැති බවත් එම සමාගමේ අභ්‍යන්තර ගැටලුවක් හේතුවෙන් එම තෙල් නව නැවත හරවා ගොස් ඇති බවත් සභාපතිවරයා පැවසීය.

එම නෞකාව තුළ පෙට්‍රල් මේට්‍රික් ටොන් පහළොස් දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් පාලොස් දහසක් පැවැති බවත් ඔහු සඳහන් කළේය. තෙල් නව හරවා යැව් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ලංකා ඛනිජතෙල් සමාගම මගින් ඉන්ධන ලබාදෙන බවත් සභාපතිවරයා පැවසීය.

රටේ අඛණ්ඩ තෙල් සැපයුම වගකීම ඛනිද තෙල් සංස්ථාව භාරගන්නා බවත් කිසිදු බලපෑමකින් තොරව තෙල් සැපයුම අඛණ්ඩව ලබාදෙන බවත් රාජකරුණා මහතා පැවසීය.

එම නෞකාව ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් හරවා යැවූ බවත් රට තුල ඉදිරියේදී ඉන්ධන හිඟයක් මතුවිය හැකි බවත් පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් සභාපතිවරයා තවදුරටත් කීවේය.



අදහස් (1)

‘‘තෙල් හිඟයක් නෑ‘‘

සෙනෙවිරත්න Friday, 13 December 2024 12:51 PM

අපරාදේ අපි හිතුවේ තෙල් හිඟ වෙයි කියලා, මම කීප දෙනෙකුටම කිව්ව තෙල් හිඟයක් වෙනවා තෙල් ගහ ගන්න කියලා, මේක මගේ කතාවක් නෙවෙයි... අපේ ගමේ සජබෙ ගැහැණු කෙනෙක් ගෙවල් ගානේ ගිහින් කියපු කතාවක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site