
(චන්ද්‍රසේන ගමගේ)
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වී මාස කිහිපයක් තුළ තමන්ගේ සිහිනය සැබෑ කර දුන්නා. වත්මන් ජනාධිපති කෙලින් වැඩ කරන අයකු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා අද තංගල්ලේ දී පැවසීය.
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා විසින් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය විහාරාධිපති වීරකැටියේ නාලක හිමියන්ට ප්‍රදානය කිරීමේ සඳහා පැවැති උත්සවයේදී මන්ත්‍රීවරයා එසේ පැවසුවේය.
බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිප් වෙද ආරච්චි මහතා මෙසේද පැවසීය.
තංගල්ල ඓතිහාසික හේනකඩුව පුරාණ රජ මහා විහාරය දිගු ඉතිහාසයක් තිබෙන තංගල්ල නගරයේ ඇති විහාරස්ථානයක්.
මෙම විහාරස්ථානය පූජා භූමියක් ලෙසට ගැසට් කරන ලෙස එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මම ඉල්ලීමක් කළා. එම ඉල්ලීම එතුමා පිළිගත්තත් දිස්ත්‍රික්කයේ සිටින සමහර ඇමතිවරුන්ගේ බලපෑම මත එය නතර වුණා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙනුත් මම මේ ඉල්ලීම කළා. නමුත් එම ඉල්ලීම ඉටුකරන්න එතුමා පියවර ගත්තේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම පන්සල විශාල වැඩ කොටසක් කළා. නමුත් මෙම විහාරස්ථානය පූජා භූමියක් විදිහට නම් කරන්න එතුමා කටයුතු කළෙත් නෑ. ඊට ප්‍රදේශයේ සමහර භික්ෂූන් වහන්සේලා ද හේතු වුණා.නමුත් බලයට පත්වෙලා මාස දෙක තුනක් යන කොටම අනුර කුමාර දිසානායක මහතා හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජාභූමියක් බවට ගැසට් පත්‍රයකින් නීති ගතකළා.
එතුමා පක්ෂ පාට බලන්නේ නැතිව මේ සත්කාරය කිරීම පිළිබඳව මගේ ගෞරවය එතුමාට හිමිවෙනවා. එතුමා කෙලින් වැඩ කරන නායකයෙක් .
වසර දහයකට වැඩි කාලයක් හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත්කිරීම සඳහා වූ ලියකියවිලි මගේ කාර්යාලයේ තිබුණා. මට මේක කරගන්න බැරිව මම විශාල ලෙස පසුතැවිල්ලකට පත්ව සිටියා. මට අද සතුටු කඳුළු එනවා යයිද දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
COMMENTS
දිලිප් වෙදආරච්‍චිට දුර පේනවා. අනුර නියම නායකයෙක් මේ ආණ්‍ඩුව තව තවත් ශක්‍තිමත් වෙනවා. රටත් ක්‍රමක් ක්‍රමයෙන් දියුණුව කරා ළඟාවෙනවා
සීට් නෑ, සීට් නෑ, නගින්න එපා! 159ට වඩා ගන්න බෑ! පොලිසියෙන් ඇල්ලුවොත් අපිටයි දඩගහන්නේ!
අපේ පවුල්වල අයත් පළමු වතාවට මාලිමාවට දීපු ඡන්දය ගැන සතුටු වෙනවා. තවම රුපියලක වංචාවක් වෙලා නෑ. මේ රට අඩියටම වැටුනේ දශක ගණනාවක් හොරකම, වංචාව, අධික නාස්තිය නිසායි. මම නම් පෞද්ගලිකවම ඡන්ද විශාල ප්‍රමාණයක් මාලිමාවට හැරෙව්වේ එක්තරා අප්‍රසන්න සිදුවීමක් දිනපතාම දැකලා ඇතිවුණු පිළිකුල නිසයි. ඔව්න් පාරේ යනකොට ලෑන්රෝවරයේ අතට සුදු මේස් එකක් දාලා අපේ වාහන අයින් කරගන්න බෙරිහන් දෙන කෙනා ඔවුන්ට මේ කාලේ මොනවා වෙලාද කියලත් මතක් වෙනවා...
ඇයි, ඔබතුමාගෙ නායක පුතානොත් කෙළින් වැඩ කරනවානෙ? අර හාල් මුදලාලිගෙ ලක්ෂ 5000ක් කෙලින්ම ගිල්ලේ. දැන් කිසිම හාවක්-හූවක් නැතිව ඇටි කෙහෙල් ගිලලා වගෙ ඉන්න ලස්සන...
ආරච්චි මහත්තයෝ ඕවා කියලා පුතානෝ උදහසට ලක් කරන්නේ හොඳකට නෙමෙයි..., ඕං...
කමක් නැහැ NPP එකට කතා කළාට හැබැයි මේ පැත්තේ පස් පාගන්න එපා. ගන්නෙත් නෑ.
ලෝකෙටම පේන්ඩ ආසියවේ ආශ්චර්ය , සෞඛභාග්‍ය දැක්ම පෙන්වපු එකම මදැයි ?
කෙලින් වැඩ කිරීම කොපමණ ද කියනවා නම් එක පෑන් පහරින් කීයක් නම් වැඩ කළාද? හාල් මාෆියා කාරයින්ට තරු පෙන්න හාල් මිල අඩු කළා, කොමිස් කපා හැරලා තෙල් මිල අඩු කළා, කන්ටේනර් 200ක් කිසි හෙවිල්ලක්, බැලිල්ලක් නැතුව වරායෙන් නිදහස් කළා. උගන්ඩාවේ තිබුණු රාජපක්ෂ සල්ලි ගෙනැල්ලා භාණ්ඩාගාරය පිරෙව්වා, රිලව් වඳුරෝ ගණන් කරනවා. තමන්ම වර්ජන කරලා, නඩු දාලා නවත්තපු සාම්පුර් යලිත් පටන් ගන්නවා. අම්මෝ ඉතින් ලිස්ට් එක තව දිගයි.
ඔයා මොකාටද එන්න හදන්නේ කියලා මුලින්ම කියලා ඉන්නවාද?