
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාවන පථයේ අධික ශබ්දය හේතුවෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාමට බාධාවක බව පවසමින් ප්‍රදේශවාසීහු පිරිසක් මීරිගම කොටදෙනියාව මාර්ගයේදි උද්ඝෝෂණයක යෙදුනහ.
හකුරුකුඹුර විහාරාධිපති රෝටුඹේ සාරද හිමියන් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක් වූහ.
කොටදෙනියාව මාර්ගයේ සිට ධාවන පථයට ඇතුළු වන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය සිදු කෙරිණි.
ධාවන පථයෙන් නිකුත් වන අධික ශබ්දය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම රෝගාබාධවලට පත්ව සිටින ජනතාවද මහත් පීඩාවට පත් වෙන බවට මෙහිදී ජනතාව කරුණු දැක්වූහ.
වසර හත අටක් තිස්සේ තමන් මෙම දුක විඳ ඇතැයි ද තවදුරටත් මෙසේ දුක් විඳීමට නොහැකි නිසා මෙසේ පාරට බැසීමට සිදු වූ බවද ජනතාව සඳහන් කළහ.
තමන් ඉදිරිපත් කළ පැමිණිලි සඳහා කිසිදු විසඳුමක් ලැබී නැති බවද ජනතාව මෙහිදී කරුණු දැක්වූහ.


COMMENTS
එතකොට ලවුඩ්ස්පීකර් සද්ද ? උදේට හවසට ඉරිදට පෝයට අහල පහල මිනිස්සුන්ට කණක් ඇහිලා ඉන්න නෑ නේද හාමුදුරුවනේ ?
ඒ වගේම තමයි ආගමික ස්ථාන වලින් ශබ්දවිකාශණ යන්ත්‍ර දමා ඇති කරන ඝෝසාව. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම රෝගාබාධවලට පත්ව සිටින ජනතාවද මහත් පීඩාවට පත් වෙන තවත් ශබ්ද දූෂණ ප්‍රභවයක්.
එකඟයි හාමුදුරුවනේ.. උදේ හවස සද්දෙට යකඩ කටින් දාන පිරිත් ඝෝෂාවත් අවට මිනිස්සුන්ට කරදරයක්
අපිට තියෙන කරදරේ තමයි .. සිවුරු කරේ දාගෙන කරන මේ බොරුව ..
අපි තරුණ කාලයේ මෙවැනි තරඟ බලන්න යන්නේ කටුකුරුන්දෙ.
මේ ව්‍යපෘතිය කරන්න පෙර මූලික පරිසර අධ්‍යයන වාර්තාවක් හදලා නැද්ද?
පෙනෙන විදිහට මෙහි ඇති විශාලතම දෙය ඊර්ශ්‍යාවයි
සමහරු පන්සල් වලට දොස් පවරන්න උත්සහ කරනවා. මම ඉන්නේ මාතර. මෙහේ මුස්ලිම් පල්ලි වලත් රාමසාන් කාලයට පැයකට වරක් ආගම ප්‍රචාරය කරනවා. සාන්ත මේරි පල්ලියේ වාර්ෂික පුජාව කරන දින දෙකේ මුළු දවසම ආගමික වතාවත් ප්‍රචාරය කරනවා. පාරවලුත් වහනවා. ඒත් අපිනම් ඒවා කිසි දවසක කරදරයක් කියලා හිතුවෙත් නැහැ හිතන්නෙත් නැහැ. ඒවා අපේ සමාජයේ දේවල් විදියට අපිත් සලකාගෙන අපේ පාඩුවේ සමාදානෙන් ඉන්නවා. ඒත් ඔය කාර් මෝටර් සයිකල් වල මහා සද්ද දාගෙන කරන කරදර වලට නම් අපි අකමැතියි.