IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘වරප්‍රසාද හා රීති ප්‍රශ්න මතු කිරීමට ඇති අයිතිය අවභාවිත කරලා‘

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)

වරප්‍රසාද හා රීති ප්‍රශ්න මතු කිරීමට මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය බොහෝ මන්ත්‍රීවරුන් පසුගිය කාලයේදී අවභාවිතා කළ බවත් ඉදිරියේදී එසේ කටයුතු නොකරන්නැයි සියලුම  මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා  සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

වරප්‍රසාද හා රීති ප්‍රශ්න නැගීමේ අයිතිය අවභාවිතා නොකරන්නැයි පක්ෂ නායකයන් තම වරප්‍රසාදයන් දැනුවත් කළ යුතු බවද කතානායකවරයා පැවසුවේය.

ඔහු මෙසේ පැවසුවේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී චානක්‍ය රාසමාණික්කම් මහතා (දෙ.පා.ස) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළඅවස්ථාවේදීය.

චානක්‍ය රාසමාණික්කම් මහතා

මේ සභාවේදී සහරාන් ගැන කරපු කතාවක් පදනම් කරගෙන මම අත්අඩංගුවට ගන්න ඕන කියල ශෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කළා.ඒ ප්‍රකාශයෙන් මෙසේ වරප්‍රසාද කඩ වෙලා තියන්වා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

ඔබ තුමා ඒ කතාව කරද්දී මමත් හිටියා.ඔබතුමා කෙළින්ම ඇගිල්ල දිගු කළේ ආණ්ඩුවට දෙවැනි ප්‍රහාරයක් සැලසුම් කරනවා කියලා ඔබ තුමා කිව්වා.වරප්‍රසාද වලට මුවාවෙලා මෙතනනොවෙයි ඔබතුමා ඔය ප්‍රකාශය එළියෙ ගිහිල්ල කරන්න. මඩ ගහන එකේ සීමාවක් තියෙන්න ඕන. ඒක බරපතළ ප්‍රකාශයක්.

 සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා

 අපි ස්ථාවර නියෝග අනුව කටයුතු කරනවා නම් සභාව මෙවැනි තත්ත්වයකට පත්වෙන්නේ නැහැ.



අදහස් (3)

‘වරප්‍රසාද හා රීති ප්‍රශ්න මතු කිරීමට ඇති අයිතිය අවභාවිත කරලා‘

කල්හාර Friday, 09 April 2021 08:54 AM

හරවත් විවාද අහන්න ලැබෙන්නේම නැහැ. මඩ ගැහිලි, උසුළු විසුළු. විපක්ෂයට ඕනෑ ඝෝෂාව... ගිරිය යටින් කෑගහගෙන... ගොඩක් ඝෝෂාව දාපු අයෙක් හිටියා. දැන් ශබ්දයක්වත් නැහැ. සමහරවිට මහන්සි ඇති... 3 වැනි පුරවැසියාටත් සමච්චල් කරන පාර්ලිමේන්තුවක්... මේවා නිවැරැදි විය යුතු දේවල්....

:       16       7

රත්න Friday, 09 April 2021 10:30 AM

නායකත්ව ලක්ෂණ අඩුවගේ පේනවා...

:       2       8

Mr. Don Friday, 09 April 2021 05:05 PM

ඉතිහාසයේ නුසුදුසුම කතානායක...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site