
(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපලේදී මීයෙක් රිංගීම හේතුවෙන් එම ගුවන් යානය පියාසර කිරීමට නොහැකිව දින හතරක් මේ වන විට නවතා තිබෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී අර්ජුන කපුගීකියන මහතා අද (26) පැවසීය.
එම ගුවන් යානය ලාහෝර් නුවර සිට පසුගිය 22 වැනිදා කටුනායක ගුවන් තොටුපලට ළගාවූ බවත් මීයා යානයෙන් ඉවත්කිරීමට දින තුනක කාලයක් ගතවූ බවත් ඒ මහතා කීය.
එම ගුවන් යානය ලාහෝර් ගුවන් තොටුපලේ නවතා තිබෙන විට මීයෙක් රිංගා ඇති බවත් මීයා ගුවන් මගියකුගේ බෑගයකින් යානයට එන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.
මීයා ඉවත්කිීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් උපදෙස් ගැනීමට සිදුවූ බවත් ගුවන් යානය තුළ ද්‍රව්‍යයක් යොදා මීයා ඉවත්කිරීමට දින තුනක් ගතවූ බවත් ඒ මහතා කීය.
ගුවන් යානයට මීයා හානිකර ඇද්දැයි තාක්‍ෂණ ශිල්පීන් මේ වන විට පරීක්‍ෂා කරමින් සිටින බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.