
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය දේපළවලට හානි කිරීම ගැන අද(18) පාර්ලිමේන්තුවේදී කතා කළ අවස්ථාවේ වරින් වර හඬා වැටෙනු දැකගත හැකිවිය.
තමාට දැන් ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණක් බවද ඔහු මෙහිදී පැවසුවේය.
ලංසා මහතා මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම හානිය සිදුවුයේ තමාට බවත් සිද්ධිය ගැන තමා වන්දි නොව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
එම සිද්ධීන්වලට සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නැති බව පැවසූ නිමල් ලන්සා මහතා මීට සම්බන්ධ කණ්ඩායම ඉදිරියේදී හෙළි කරන බවද ප්‍රකාශ කළේය.
පියාගෙන් සීයාගෙන් ලැබුණු දේවල් මෙන්ම තමා හරි හම්බ කළ දේවල්ද මේ අයගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නැතිවූ නමුත් ඒ සම්බන්ධයෙන් හිත හදාගෙන සිටින බවත් මෙවැනි දේවල් ඉදිරියටත් සිදු වුවහොත් රට නැතිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
තමාට උදව් කිරීමට බොහෝ හිතවතුන් ඉදිරිපත්ව සිටින බව පැවසූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ හෝටල් හිමියකු තමාට ඔහුගේ හෝටලයක නවතින ලෙසට ආරාධනා කළ බවද සඳහන් කළේය.
ලොකු ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක එකිනෙකා මරා ගත්තොත් රට නැතිවන බව ඔහු වැඩිදුරටත් කීවේය.
COMMENTS
ලංසාගේ දේපළ... අනේ අපොයි..!
වපුුරපු හැටියට අස්වැන්න ලැබෙන බව කණගාටුවෙන් වුවත් සටහන් කළ යුතුව ඇත.
ඔය විදිහටම එයා කඳුළු සැලුවා පාස්කු ප්‍රහාරය වෙලාවේත්...
කිසිවෙකුටත් හානියක් කර කාට නම් සතුටක් ලැබේද? ඔවුන් වැරැදි ලෙස හරි හම්බ කරගත්තා නම් ඊට උත්තර කර්මය විසින් ලබා දෙනු ඇත. සතුරෙකුට හෝ හානියක් කිරීමේ වෛරී සිතුවිලි මිනිස් සිත්තුළ හට ගන්නේ දහමක් ගැන නොදත් නිසාවෙනි. ඔවුන් වීර ක්‍රියාවක් කළා යැයි අද හිනැහුණද එහි නරක ප්‍රතිඵල භුක්ති විඳින දා තනි තනිවම මුහුණ දිය යුතුයි..
හොඳ නළුවෙක් .පාස්කු ප්‍රහාරයට අන්දපු හැටි මතක් වෙනවා.
බැංකුවල දාලා තියෙන සල්ලිත් ගිනි අරන්ද? දුක්වෙන්නේ නැතිව ව්‍යාපාර තව හොඳින් කරන්න...
මොහු අයථා ලෙස හම්බ කරගත් දේ වුවත් විනාශ කිරීම, ඊටත් වඩා කොල්ල කෑම අරගලයේ නම කැත කළේය. සියලුම දේ නැති වූ බව බොරුයි. මොහු සිටියේ වත්තල නිවසේයි...
කිඹුල් කඳුළු...!
ගියපාර බේරගත්තු ලොක්කාම තමයි මේපාර ප්‍රචන්ඩ මාරුතය පටන් ගත්තේ. දුක එයාටම කියන්න.
දේපළ විනාශ කිරීම ශිෂ්ඨ සමාජය කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. හැබැයි එදා හෙලිකොප්ටරෙන්ම ඇවිත් වැළඳගත්තු කෙනාම තමයි ඔය වැඩේට මෙහෙයවූයේ... හරියට බඹරෙ කරකැවෙන අත එයා වටා ඔතන නූලෙන් තීරණය කරනවා වගේ...
රටේ කෝටි ගණනක් මිනිස්සු අන්දවපු එකේ ප්‍රතිඵල තමයි ඔය...!
මීගමුවේ ජනතාව ලන්සා ගැන හොඳටම දන්නවා...
මන්ත්‍රීතුමා, ඔබතුමාත් ගැතිකම් කළ කෙනෙක්. මේ විඳින්න වෙලා තියෙන්නේ ඒකයි.. දුක් වෙන්න එපා... !
ඇත්තටම කණගාටුයි.මනුස්සයෙක්ගේ දේපොළ වනසල සතුටුවෙන්න පුලිවන් එකා මනුස්සයෙක් නෙමෙයි සතෙක්.මිනිහ ඒවා හම්බකරපු තාලේ වැරදි නම් ඒක උසාවියෙන් විසදාගන්න ඕන.මේ කමෙන්ට් දාන ගොඩක් දෙනෙක් අනුන්ගේ සැප ඉවසන්න බැරි සක්කිලි.
කුහක මිනිස්සු අන්අයගේ සැපතට වෛර කරනවා...
අර STF පැනපු වෙලාවේ කළා වගේ ලොක්කට එන්න බැරිවුණේ ඔහුත් අමාරුවේ වැටිලා හිටි නිසා...
අන්න ලොක්කා බංකරෙන් එළියට ඇවිත් නමුත් ඔය පැත්තේ එන එකක් නැහැ... දැන් ඉන්නේ ගෙට වෙලානේ... හෙට අනිද්දා බබා හම්බවේවි..!
තමන් කළ පව් පල දුන්නා කියලවත් හිත හදාගෙන නාඬන්.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වලට JVP සම්බන්ධ බවට ඔප්පු උනොත් එය පන්ති බේදයෙන් තොරව පසුගිය කාලයේ ඔවුන් වටා රොක්වූ අති විශාල ජනතාව ඔවුන්ගෙ දේශපාලන ව්‍යාපාරයට සහයෝගය දැක්වීම පිලිබදව දෙවරක් සිතනු ඇත . මේ රටේ බහුතරයක් ජනතාව මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරනු ඇත .කෙසේ උවද පොහොට්ටුවට තව කාටවත් ඇගිලි දික්කිරීමට පෙර මෙම සියලු ප්‍රචණ්ඩ ක්‍රියා වලට මුල ඔවුන්ගේ සාමාජිකයන් විසින් අවිහිංසාවාදී අරගලය වෙත දියත් කල මැර ප්‍රහාරය බව තේරුම් ගතයුතුයි.
පාස්කු ප්‍රහාරය ගැන හරීන්ගේ පියා දැනගෙන හිටියා නම් එම වකවානුවේ මහින්දලා ළඟින් ආශ්‍රය කළ ඔබ නොදැන ඉන්න හේතුවක් නැහැ. ඔබත් කිතුණුවෙක්... පාස්කු ප්‍රහාරයෙන් පසු මේ කුමන්ත්‍රණය ගැන දැනගෙනත් ඔබ විශාල ලෙස දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කළා මිස වින්දිතයින්ට කිසිඳු සහනයක් ලබාදීමට කටයුතු කළේ නැහැ. මේවට කියන්නේ දේව දඬුවම් කියලා. දැන්වත් වැරැදි හදාගෙන හරි මාර්ගයට යන්න නැතිනම්. ඉදිරියට මීට වැඩිය දරුණු දඬුවම් දෙවියන් වහන්සේ විසින් ඔබට ලබාදෙනු ඇත.
ලංකාවේ මුල් පෙලේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් කියලා දන්නැති කට්ටිය අත උස්සන්න ප්ලීස්.. මෙයාට නඩු දාන්න තිබුණා. මදූෂ්ට විරුද්ධව කටවචන, චෝදනා කප්පරක් කිව්වා හැබැයි උසාවි දැම්මේ නෑ.. ආයුධ පෙන්නන්න අරන් ගියා.. මෙහෙ එහෙමයි.
තවම මේ අයට අඬන්න තරම් දෙයක් වෙලා නැහැ.. යථාකාලේදී කරපු දේවල්වලට අඬන්න වේවි...
නුඹලා සේරම පරලොව යැවිය යුතුයි. වසර 45ක පමණ කාලයක් වරින් වර පහෙන් පහට ආ අය අද දෙකෝටි විසි ලක්ෂයම ප්‍රාණ ඇපයට තබමින් ලෝකය ඉදිරියේ හිඟන රටක් ලෙස දණගසා යාචකයින් ලෙස ඉල්ලා කෑමට පත්කර ඇත. එක වේලක් නොමැති අසරණ දරුවෝ අද හඬා වැටෙති. බෙහෙත් නැතිව රෝගීන් මැරී යනු ඇත. රට විනාශ කළ නුඹලාට සාප වෙනවා. දැන්වත් මකබෑවිලා යන්න. ඉදිරියේදී ජාතික ජනබල වේගයට රට බාරදෙනු ඇත.!