(යොහාන් භාසුර)
පෞද්ගලික බස් රථ මින් ඉදිරියට කිසිඳු දේශපාලන කටයුත්තකට නිකුත් නොකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ‘ලංකාදීප’යට පැවසීය.
අරලිගහ මන්දිරයේ පැවැති රැස්වීම වැනි අවස්ථාවට සහභාගි වීම සඳහා පෞද්ගලික බස් රථ හිමියන් මුදල් අයකිරීම මත පමණක් ද, ඇතැමුන් පෞද්ගලික හිතවත්කම මත පමණක් ද ලබාදෙන බවත් ඉදිරියේදී කිසිඳු හේතුවක් මත දේශපාලන කටයුතුවලට බස් නොලැබෙන බවත් ප්‍රියංජිත් මහතා වැඩි දුරටත් කීය.
ගාලුමුවදොර ‘අරගල භූමිය’ සහ එහි සිටි පිරිසට පහර දීමට සහභාගි වූ ඇතැම් පුද්ගලයන් කොළඹට පැමිණි බස් රථ 20 කට අධික සංඛ්‍යාවක් කොළඹ සහ අවට ප්‍රදේශවල ගිනිතබා විනාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්නම ඕනෙ නේද කිරි එරෙන්න..? දේශපාලුවන්ගේ පස්සේ යන්නේ නැතිව තම සේවය කළා නම් ඉවරයිනේ..
හැම කෙනෙක්ම අන්තවාදීව පක්ෂ බදාගෙන ඉන්න එක නතර විියයුතුයි. අවස්ථානුකූලව ගැළැපෙන යමක් කළ හැකි උගත්කමක් සමඟ හොඳ චරිතයක් ඇති විශ්වාස කළ හැකි පුද්ගලයින් බලා ඡන්දය දියයුත්තේ පක්ෂය නොසලකමිනි.
ඉතා හොඳ දෙයක්. අරගලයට ජයවේවා...! තවමත් මොලේ පෑදුණේ නැති අය ඉන්නවා නම් සද්ද නැතිව ඉන්න... රට විනාශ කරන්නේ නැතිව..
දේශපාලන රැස්වීම්වලට බස්වලින් සෙනග ඇද කෘතිම ජන සහභාගිත්වයක් මවා පෙන්වීමේ පහත් නින්දිත වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කිරීමට කාලය එලඹ ඇත. කැමැති කෙනෙකුට සාමාන්‍ය මගී බස් රථයකින් පැමිණීමට ඉඩ හරින්නේ නම් මෙවැනි කණගාටුදායක සිදුවීම් වළක්වා ගත හැකියි. මෙම බස්රථවලින් සෙනඟ පැමිණියේ අරලියගහ මන්දිරයේ රැස්වීමට නොව නිර්පාක්ෂික අරගලකරුවන්ට පහරදී පලවා හැරීමටයි. චේතනාව කුරීරුයි. ප්‍රතිඵල අති භයානක විය...
බස්වලින් වැඩි ප්‍රමාණයක් දේශපාලුවන්ගේ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ නිසා අමුතුවෙන් දෙන්න දෙයක් නැත...
දැං බබා වෙන්න හදනවා, මෙච්චර කල් දේශපාලකයින්ට කඩේ ගිහිං වරදාන වාසි ගත්ත උන්දැලා, කෙලවුනාම බයිලා කියනවා. මුදලට දුන්නලු... ඕවා කියල අන්දන්න පුළුවන් මිනිස්සු දැං ලංකාවේ නැහැ හලෝ... ඔය මිනිස්සු ඇද්ද බහුතරයම ස්වකැමැත්තෙන් මිනිස්සු අද්දවන්න? සල්ලිත් නොගෙන දුන්නු ඒවා කියලා මට නම් ශුවර්... හිතන්නේ නැතිව ඇති මෙහෙම කෙලවිල්ලක් වෙයි කියලා...