
(ගයාන් සූරියආරච්චි)
කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.
ඔහුට කිසිදු ප්‍රශ්නයක් ඇති නොකර බවට සහතික වන බවද අමාත්‍යවරයා පැවැසීය.
කංජිපානි මෙරටට රැගෙන ඒම සදහා අපෙන් කුමක් අවශ්‍ය දැයි පවසන ලෙසත් පවසමින් අමාත්‍යවරයා කීවේ කංජිපානි රැගෙන එනවැයි පැවැසීම බොරු කතාවක් බවයි.
COMMENTS
ගහක් වවලා කපලා දානවා වගේ කතාවක් නේ මේක .හැකිනම් ගෙනෙන්නලු .අපෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැලු කියලා අන්තිමට කියනවා බොරු කතා කියන්න එපා කියලා
මෙයා කියන ඒවා විශ්වාස කරන්න බෑ
කන්ජිපානි ඉන්න තැන හරියටම දන්නේ මේ සුදු කොන්ඩයා. ඌත් ත්‍රස්තවාදියෙක් මුත් ත්‍රස්තවාදියෙක්.මේකා දැනටම කන්ජිපානිට කියලා ඇති වෙන තැනක හැංගියන් කියලා. ටිරාන් උඹගේ ලුණු ගොරකා මදි මේ රටේ මිනිස්සු අන්දන්න , මිනිස්සු දන්නවා උඹ කවුද කියලා . උඹ හිරේ සිටිය යුතු ත්‍රස්තවාදියෙක් !!!
මෙතැන ටිරාන් ට අපහාස කරන්නේ ලංකාවේ ආයුධ පුහුණුව ලැබු ලොකුම පාතාලය පවත්වාගෙන යන රතු පක්ෂයේ රැකියාවට ලියන අය... මොවුන්ගේ පාතාලයේ ක්‍රියාකාරකම් අපි දුටුවා අරගලය දවස් වල... දැන් නිකම් සුද්දවන්තයෝ වෙන්න හැදුවාට මුළු පක්ෂයම පාතාලයෙන් දුවන්නේ. ලැජ්ජා නැතිව කුඩුකාරයින් වෙනුවෙන් ලියනවා..
මේ කතාවෙන් කියැවෙන්නේ කන්ජිපානි ප්‍රබලයෙක් විදියටයි. රජයට පුළුවන්නේ රතු වරෙන්තු දාලා, ප්‍රංශ රජයට මෙයාගේ ක්‍රියාකාරකම් පෙන්නලා රැකවරණ නොදී මේ රටට පිටුවහල් කරන්න කියලා. කොහේවත් ඉන්න කෙනෙකුට කියන්නේ ගෙනත් දෙන්න කියලා. ආරක්ෂක ඇමැතිකම ළමයෙකුට දුන්නා නම් ඔයිට වඩා හොඳයි...
දර්ශන ඔයාට පිස්සු...
ටිරාන්ගේ පොම්පොරි ඔක්කොම තව මාස කිහිපයයි.ඊට පස්සේ නිකම්ම නිකම් බල්ලා මාක් තමයි.
කන්ජිපානිට කරදරයක් කරන්නේ නැතිලූ නේද ? එතකොට එයාව ගේන්නේ කෝට්ටයක දාලා නළවල නිදි කරන්නද ? කියන්නේ ටිරාන් නේද ? කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ .
යුරෝපා සංගමේ රටවල් 25 අතර දේශපාලන රැකවරණ ඉල්ලපු පුද්ගලයින්ගේ දත්ත බැංකුවක් තිබෙනවා. ඒකේ ඉල්ලුම් කරුවන්ගේ බියෝමැට්රික් ඡායාරූප, ඇඟිලි සලකුණු වැනි දේවල් තිබෙනවා, කන්ජිපානිට විරුද්ධව ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරපු නිසා, ඔහු ප්‍රංශයේ සරණාගත භාවය ඉල්ලුවත් ඔහුගේ ඉල්ලීම සලකාබලා ඒක දෙනවාද නැද්ද කියලා නඩුව අහලා තීරණය කරන තුරු ඔහුට ඉන්න වෙන්නේ සරණාගත කඳවුරක නොවේ රිමාන්ඩ් සිරගෙදරක..., එහෙම තැනක ඉඳන් ඔහුට දුරකථන භාවිතා කර යම්කිසි අපරාධ සැලසුම් කරන්න හෝ ක්‍රියාත්මක කරන්න තිබෙන ඉඩකඩ ඉතා අල්පයි. ඔහු ප්‍රංශයේ හෝ යුරෝපා සංගමේ රටක දේශපාලන රැකවරණ ඉල්ලුවා නම් මේවා මාධ්‍ය මගින් ප්‍රචාරය වෙනවා... රතු වරෙන්තු කාරයෙකුට යුරෝපා සංගමයේ ප්‍රංශය, ජර්මනිය වැනි රටක එහෙට මෙහෙට සංක්‍රමණය වන්න ඉතා අපහසුයි... එහි බොහෝ තැන්වල, ඉතා දියුණු ආරක්ෂක කැමරා පද්ධති තිබෙනවා. ඒවා ත්‍රස්ත විමර්ශන අංශ සමග ජාලගත කරලා තිබෙනවා... ඒවා මගින් මාර්ගවල යන එන පුද්ගලයින්ගේ මුහුණ ස්කෑන් වෙනවා... රතු වරෙන්තු කාරයෙක් නම් ඉතා ඉක්මණට අහුවෙනවා... අනෙක් කරණය ලංකාවේ ආණ්ඩුවට පුළුවන් කන්ජිපානි ප්‍රන්ශේ හෝ යුරෝපා සංවිධානේ රටක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විමසන්න.
අපි ඇත්ත තත්වය කතා කරමු ,2020 ට පෙර කන්ජිපනි එමිරේට් රටේ හැංගිලා හිටියත් , ඔහුට විරුද්ධව බරපතල ගනයේ නඩු 20කට වැඩි ප්‍රමානයක් ලංකාවේ අධිකරණවල තිබුණ , ඔහු රට සිටි කාලය තුළ මේ නඩු සියල්ල වරෙන්තුවෙලා තිබෙන්න ඕනේ පොලිසිය හොඳාකාරව මේක දනී , එහෙම තිබෙද්දී එක නඩුවකින් ඇප ලබා එළියට යනකොට අධිකරණයේ සිටින පොලිස් නිලධාරීන් ඔහු අනෙක් නඩු වලට අවශ්‍යවෙලා තිබෙන නිසාත් එම නඩුවලට ඔහුට තවම ඇප ලැබිලා නැති බවත් අධිකරණයට දැනුම්දී ඔහු එළියට යනවට අධිකරණයේදී විරුද්ධ නොවුයේ කුමන කරුණක් නිසාද කියල අපි විශ්ලේෂණය කරන්න ඕනේ .? එළියට ගිය කන්ජිපනි ගැන 2020 පසුව කිසිම ඇසින්දුටු පිළිගත හැකි සාක්ෂියක් නැත , එක්කෝ ඔහු සුදුවෑන් එකකින් උස්සල මැරුවා , එහෙම නැතිනම් යම්කිසි රහස් තැනක සිර කරගෙන ඉන්නවා , ඔය ෆේස් බුක් සහ සමාජ මාධ්‍යවල සංසරණය වන යෝට් එකක ගත්ත කියන උපන්දින සාදයේ ඔහු ඉන්න බවට කිසිම සාක්ෂියක් නොමැති අතර ඔහුගේ නම භාවිත කරමින් යම්කිසි කල්ලි සහ කණ්ඩායම් කප්පන් ගන්න එක සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බව පෙනේ
බාලගේ මෝල්ටා, තමුනුත් විශ්වාස කරනවාද පෙරෙට්ටන්ගේ අතේ රෝල්?වෙන මඩ නැති නිසා අනුන්ගේ මඩ හරි ගහනවා... හැබැයි වැඩක් නැහැ..
මම දන්නේ තව මාස 03 කින් මටත් එන්න කියයි.
යූ ටියුබ් කයිවාරු ගහන පිංපියෙකුට දුන්නු නිසි පිළ...
යූ ටියුබ් කයිවාරු කාරයෙක්ට දුන්නු නිසි පිළිතුරක්. පිංපි පොලිස් නිලධාරියාට වඩා දස ගුණයකින් දක්ෂ බුද්ධි අංශ නිලධාරියෙකු නීත්‍යානුකූලව ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශය සමග වත්මනෙහි පවා පැරිස් අගනුවර සේවය කරමින් සිටිනවා. අදාල සැකකරුගේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සතු ඇඟිලි සලකුණු වාර්තාවක් ප්‍රංශ පොලිසිය වෙත ලබාදීම මගින් ඔය කියැවන සැකකරු හොර විදෙස් ගමන් බලපත්‍රයක් මගින් ද පවා රැඳී සිටින්නේ ද යන්න පවා සොයාගත හැක. දුමින්ද කියන අපතයාට ප්‍රංශය තුළ කිසිඳු දෙයක් කළ නොහැකියි. ඌ ඉන්නෙත් ප්‍රංශයේ නම් ඌව මරන්නට හදන එකා ඉන්නේත් ප්‍රංශයේ නම්, පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කුමක්ද? ලංකාවේදී කරන පොලිස් පාතාල රංගන යුරෝපීය රටවල කළ නොහැකි බවයි. මානසික රංගනය සමාජ රෝගවලට වඩා බලවත්...