
(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආන්ඩුවේ වගකීම භාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
සියලුම පක්ෂ වල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රටේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ වගකීම භාර ගැනීමට නම් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ඔහු පැවසීය.
සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් එම ස්ථාවරයේ සිට කටයුතු කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.
COMMENTS
තවත් විකටයින් නම් රටේ නායකත්වයට එපා. ජාත්‍යන්තරයේ රට හෑල්ලුවෙන හැටි දන්නේ රටින් පිට එන්න කෙනෙක්ම තමයි.
රැවුල කපපු ප්‍රභාකරන්...