රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හැදූ කුලසිංහ ඉංජිනේරුවරයා දැන් වළේ ඇඹරෙනවා ඇතිලු. සංස්ථාව බංකොලොත් වීම ඊට හේතුවයි.
පසුගිය දස වසරේ දී රජයේ ආයතන වලින් ගෙවිය යුතු මුදලුත් ගෙවා නැතිලු. ඒ හෙයින් සේවක පඩි නඩි ගෙවන්නත් බැරිවෙලාලු.
භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 75ක ණයක් හෝ බැංකුවකින් ණය ගැනීමේ භාණ්ඩාගාර සහතිකයක් දුන්නාලු. රජය ඒ ඉල්ලීම අනුමත කර දුන්නාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලසිංහ මැතිතුමා උදාර විද්වතෙක් එතුමාට අපි කවදත් ගරුකරනවා.(ම)
ඔහු රටට ණය නැති , පොළොවට බරක් නොවූ මිනිසෙක් (හේ)
මම කුලසිංහ මහතා යටතේ සේවය කළ අයෙක්මි. කුලසිංහ මහතාට සම කළහැකි ඉංජිනේරුවෙක් තවම බිහිවී නොමැත. (නි)
කුලසිංහ කියන්නේ රටට යමක් කළ දක්ෂ ඉංජිනේරුවරයෙක්. අපි ඔහුට ගරු කරනවා (නි)
රටට දැයට ඉමහත් කීර්තියක් ගෙනා විශිෂ්ට රටවැසියෙකුට අප ගරුකළ යුතුයි (නි)
ගාමිණී, ඔයාගේ අදහස අදාළ වෙන්නේ යහපාලනයට අදාළ ඇමතිවරුන්ට පමණයි (නි)
හැම ක්ෂේත්‍රයක්ම එක වගේ පිරිහිලා. කවදා ගොඩගන්නද දන්නේ නැහැ (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
කුලසිංහ මහත්තයාගේ අගය ඔය ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ (නි)
කුලසිංහ මහතා ඉන්න කාලේ හොඳට වැඩ කළා .අර ජෙල් ගාගෙන හිටපු ඇමතිට කියන්න (බ)
ආචාර්ය කුලසිංහ මහතා වගේ ලොව පිළිගත් උගතෙකුගේ අහලට කිට්ටු වෙන්නවත් තරම්වත් අධ්‍යාපනයක් නැති ඇමතිලා ගැන කතාකරල වැඩක් නැහැ. කුලසිංහ මහතා තමයි කොන්ක්‍රීට් සිල්පර කොට ක්‍රමය මුලින්ම හඳුන්වා දුන්නේ කව්රුවත් ඒක පිළිගන්නේ නැති කාලෙක. ඔහුම ව තමයි ඇතුලත කුහරය සහිත කළුතර චෛත්‍ය නිර්මාණය කළෙත්. (බ)
එතුමා ඊට පසු ආරම්භ කල මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය දිනෙන් දිනම දියුණුවන්නේ ඒක ඉංජිනේරු සංස්ථාව වගේ දේශපාලුවන්ගේ ග්‍රහණයට නතු නොවී එහි සිටින ඉංජිනේරුවන්ට පාලනය කිරීමට හැකි නිදහසක් එහි භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට ලබාදී ඇති නිසයි. අනෙක් ඇමැතිවරුත් එතුමා ආදර්ශයට ගෙන වෘත්තීයවේදීන්ට එම ආයතන පාලනය කිරීමේ වගකීම් ලබා දිය යුතු නොවේද? (බ)
කුලසිංහ මහතා ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ ඉංජිනේරුවෙක්. සාලිය, ඔබගේ අදහස මමත් අනුමත කරනවා. (නි)
ජාත්‍යයන්තරය පවා පිළිගත් ක්‍රමය නොදන්නා අය තවත් ඉන්නවනේ?? (නි)
හැම ක්ෂේත්‍රයක්ම එක වගේ පිරිහිලා. (හේ)
විමලාවතී ට කියන්න ඕනේ 2/2 න් බෙදා ගන්න බැරී අයට මෙඇනි අමාත්‍ය ධූර පිරිනැමුනම ඔහොම තමයි වෙන්නේ .රටේ අද්විතීය විද්වත් ඉංජිනේරුවෙක්.කෙනෙකුට ඇඹරෙන්න ඕනේ නැහැ එතුමා ලොව ප්‍රකට විද්වතෙක් (බ)
වැදගත් නිර්මාණයක් කළ මහතෙක්. එතුමාගේ නිර්මාණ වැඩිදියුණු කරන්නවත්, ඉදිරියට ගෙනියන්නවත් කවුරුවත් නැහැ. අපේ රටට තිබෙන හෙණය ඕක තමයි. (නි)
කුලසිංහ මහතා ගොඩ නගපු දේ ඉදිරියට ගෙන යන්න බැරි වෙන තැනට වැඩ කරපු අයව තමයි පණපිටින් වළට දාන්න ඕනේ. (බ)