
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ඇත.
එසේම තවත් රක්ෂණ සමාගම් 3 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ෆිච් රේටින්ග්ස් ආයතනය තහවුරු කර තිබේ.
කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා, පීපල්ස් ඉන්ෂුරන්ස්, එච්.එන්.බී ඇෂුරන්ස් සහ එච්.එන්.බී ජෙනරල් ඉන්ෂුරන්ස් එළෙස ශ්‍රේණිගත කිරීම ඉහළ දැමූ රක්ෂණ සමාගම් වේ.
නැෂනල් ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ් බෝර්ඩ්, කෝපරෙටිව් ඉන්ෂුරන්ස් සහ කන්ස්ට්‍රක්ශන් ගැරන්ටි ෆන්ඩ් යන සමාගම් ෆිච් රේටින්ග්ස් ආයතන ශ්‍රේණිගත කිරීම තහවුරු කළ රක්ෂණ සමාගම් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අනුර අයියා පටන් ගත්තා විතරයි. ඉස්සරහට ලොකු වියලි කළගුණයක් එනවා කියලා හිතෙනවා. දැන්ම ඒකට සූදානම් වෙමු.
ත්‍රී වීල් එකක් කියන්නේ මේ රටේ මනුස්සයෙක්ට ගන්න පුළුවන්, කිහිප දෙනෙකුට ගමනක් යන්න පුළුවන් මිල අඩුම බ්‍රෑන්ඩ් නිව් වාහනය. මේකේ අලුත්ම මිල ලක්ෂ 40යි, සාමාන්‍ය මනුස්සයෙක්ට මේ මුදල ගෙවන්න බැහැ. ඉතින් මේ බදු පැණවීමෙන් ආණ්ඩුවට ආදායමක් උපයන්න බැහැ. මොකද ඉතාම සුළු පිරිසක් විතරයි ඉන්නේ මේ මිල ගෙවන්න පුළුවන්. සාමාන්‍ය පුංචි වයාපාරිකයෙක්ට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න විදියක් නැහැ.