අයහපත් කාලගුණය හේතුවෙන් මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරීම තරමක් ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළමු ප්‍රතිඵලය ලැබෙන්නේ කීයටදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අද සවස පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ සඳහන් කළේය.
ඡන්ද නීති කඩන අය සම්බන්ධයෙන් කළ විමසීමකදී අද දිනයේ අඩුම ගණනේ 50කටවත් බන්ධනාගාර භෝජනයේ රස බැලිය හැකි යැයි මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.
මැතිවරණ කාර්යාලයේ වෙබ් අඩවිය අද දිනයේ අක්‍රිය වීමට හේතුව බොහෝ පරිශීලකයන් පිරිසක් එකවර වෙබ් අඩවියට පිවිසීමට උත්සාහ කිරීම යැයිද ඒ මහතා එහිදී පැවසීය. එහි ධාරිතාව වැඩිකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු කීවේය.
පරිගණකය මගින් ඡන්ද ගණන් කිරීමේදී පක්ෂග්‍රාහී විය හැකි බවට දේශපාලනඥයකු ප්‍රශ්න කළ අවස්ථාවේ තමා ඔහුගෙන් ‘ඔබතුමා පාර්ලිමේන්තුවට පත්වුණේත් එසේදැයි‘ විමසු බවත් එවැනි අයත් එසේ ප්‍රශ්න කිරීමෙන් ව්‍යාජ සැකයන් සමාජ ගතකරන බවත් ඔහු සඳහන් කළේය.
ෆේස්බුක් මගින් කළ විමසීමකදී අයකු අලුත් පරිගණකයක් හඳුන්වාදී ඇත්දැයි කළ විමසීමකදී ඔබ ඇතුළු 50 දෙනකුට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට යාමට අවස්ථාව දෙන බවත් ඒ ක්‍රමය වැරදි නම් කියන්න එයාගේ චෝදනාව වැරදිනම් එයා අපිට වන්දි ගෙවන්න ඕන යැයි කොමසාරිස්වරයා කීවේය. පරිගණක මගින් ඡන්ද ගණනය කිරීමේ තාක්ෂණය අපට නැති බවත් ගණන් කිරීමේ නිලධාරීන් සිය අතින් ඒවා සිදුකරන බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆේස්බුක් පාඨකයාට මැකෝගෙන් අභියෝගයක්