IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ෆවුසිට නොතිසි


(මනෝප්‍රිය ගුණසේකර)

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට මැයි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරන විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29)  නොතීසි නිකුත් කළේය.

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුළ පාවිව්වි කිරීම මඟින් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ඒ.එච්.එම්.ෆවුසි මහතා අධිකරණයේ පෙනී නොසිටීම නිසා විනිසුරුවරයා එලෙස නියම කළේය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ඒ.එච්.එම්.ෆවුසි මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ෆවුසි මහතා චර්ම රෝගයක් පෙළෙන බව දැනුම් දුන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙනන් වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.


 

 



අදහස් (3)

ෆවුසිට නොතිසි

Ruwan Monday, 29 April 2024 02:44 PM

ඒ කාලෙ රටේ ජනාධිපති වෙලා උන්නේ කවුද?

:       0       11

Hafeel Monday, 29 April 2024 05:14 PM

කරන පව්කාර වැඩවලට චර්ම රෝගය පමණක් නොවේ, ඊටත් වඩා රෝග ඇති වුණත් පුදුමයක් නොවේ...!

:       0       10

fairoos Monday, 29 April 2024 05:53 PM

අයියෝ ලක්ෂ 10ක පාඩුවක්ලු ඊට වැඩිය කීයක් හම්බ කරලා ඇතිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site