IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ෆුල් ෆේස් වාරණය තව දික්වේ

යතුරුපැදි ධාවකයින් සඳහා සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස්වැසුම් භාවිතය (ෆුල් ෆේස් හෙල්මට්) තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබු අතුරු තහනම අභියාචනාධිකරණය විසින් තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ පිළිබඳ නඩුව අද(01) කැඳවු අවස්ථාවේදී ඔක්තෝබර් 13 වන දින දක්වා අදාළ අතුරු තහනම ක්‍රියාත්මක වන පරිදි    අභියාචානාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ මඩවල යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල  විසින් මෙම අතුරු  නියෝගයක් නිකුත් කළේය.

පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිරණයේ දී පැවසුයේ නඩුව සමතයකට පත් කර ගැනීමට සඳහා කාලය ලබා දෙන ලෙසයි.

පෙත්සම යළි කැඳවීම ලබන මසට කල් තැබිණි.

අදාළ නීතිය ක්‍රියාත්මක වීමට එරෙහිව නාලක ඉන්ද්‍රජිත්, චානක දිසානායක ඇතුළු  තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් අමරතංග, අමාත්‍ය රංජිත් මදදුමබණ්ඩාර, පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

ෆුල් ෆේස් වාරණය තව දික්වේ

ටිකිරි Tuesday, 01 September 2015 10:50 AM

අනේ සුකිරි. ඔයාට එක තේරෙන්නේ නැද්ද. එක තමයි පාලකයන්ගේ ටිකිරි මොලේ. මම දන්නා පොඩි දරුවකු මැරුණා බත් කවනකොට උගුරේ හිරවෙලා. මම හිතනවා බත් කෑම ළඟදීම තහනම් කරයි කියල. (අ)

:       0       0

උද්දික Wednesday, 02 September 2015 03:28 PM

ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවානම් තහනම් කළ යුතු තවත් බෝහෝ දේ ඇත. (අ)

:       0       0

සුකිරි Tuesday, 01 September 2015 08:23 AM

දැන් අපේ රටේ පිහි ඇනුම් තියනවනේ. එත් අයි පිහි තහනම් කොරන්නේ නැත්තේ. පොල්ලෙන් ගහලත් මිනිස්සු මරනවනේ. එත් අයි පොලු තහනම් කොරන්නේ නැත්තේ. අයි මේ හෙල්මට් වලට පමණක් මේ තරඟ තරහ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site