IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ෆාමසියට වැසිකිළි වතුර ඇවිල්ලා : අධිකාරි මාධ්‍යයට පුප්පලා

 

මාතලේ මහ රෝහලේ වැසිකිළි උතුරා ෆාමසියට  ගලා යාම නිසා අද (28) පෙරවරු 8.30 සිට බෙහෙත් දීම නතර කළ බව රෝහල් ආරංචි කියයි.

මේ ගැන විමසිමට  රෝහලට ගිය විට එහි වෛද්‍ය අධිකාරි පැවසුවේ මෙම පුවත පළ කළ හොත් ඔහුට විරුද්ධව නඩු පවරන බවයි. “මේවා සාමන්‍ය යෙන් වෙන දේවල්. පත්තර වලට ලොකු දෙයක් වෙන්න පුළුවන්. මේ ගැන කියන්න මම බැදිලා නැහැ.අවසරයක් නැතිව රෝහලට  එන්නත් බැහැ” යනුවෙන් ඔහු මාධ්‍යයට දොස් පැවරීය.

ලෙඩ්ඩු පන්සියයට වැඩි පිරිසක් බෙහෙත් ගැනීමට  පැමිණ සිටියහ. රෝහල් සේවකයෝ ෆාමසියේ අප ජලය පිරිසිදු කරමින් සිටිති.

IMG_0801



අදහස් (0)

ෆාමසියට වැසිකිළි වතුර ඇවිල්ලා : අධිකාරි මාධ්‍යයට පුප්පලා

නිල්මිණි Monday, 28 December 2015 05:30 AM

පුප්පන්න විතරයි පුළුවන්. අධ්‍යාපනය සමග ලැබිය යුතු ශික්ෂණය නොලබුනාම ඉතින් ඔහොම තමයි හැසිරෙන්නේ. (කෞ)

:       0       0

නුවන් Monday, 28 December 2015 05:54 AM

ඇයි මාධ්‍යයට රෝහල තහනම් තැනක්ද? (නි)

:       0       0

ඇසළ Monday, 28 December 2015 06:37 AM

මොවුන් ඉගෙනගත්තේ, දැන් මාසිකව දහස් ගණන් පඩි ගන්නේ මේ බෙහෙත් ගන්න එන අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් කියලා තේරුම් ගන්නේ කවදාද? (නි)

:       0       0

සකුන්තලා Monday, 28 December 2015 07:06 AM

මෙහෙම වෙන්න ගියොත් රටේ නීතියේ ආධිපත්‍ය කියන දේ නැතුව යනවා. යහපාලනයද මේ? (නි)

:       0       0

යසපාල Monday, 28 December 2015 07:07 AM

මාධ්‍ය නැත්නම් අපි කොහොමද මේවා මෙහෙමහරි දැනගන්නේ? (නි)

:       0       0

පෙරේරා Monday, 28 December 2015 02:33 PM

කාර් පර්මිට් එකක් පෙන්නුවා නම් ඔහොම පුප්පන එකක් නැහැ (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 02 January 2016 05:01 PM

මේ අධිකාරිට විරුද්ධව යම්කිසි පියවරක් ගතයුතු නොවේද?

:       0       0

නිමලරත්න Monday, 28 December 2015 07:33 AM

වෛද්‍ය අධිකාරිට මොලේ අමාරුවක්ද? සත්‍ය පුවතක් මහජනයා වෙත ඉදිරිපත් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්ද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site