(විමුක්ති එස් රුද්‍රිගු)
රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය මගීන්ගේ ජංගම දුරකතන සොරකම් කළ සැකකරුවකු රාගම පොලිස් ස්ථානය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු 36 හැවිරිදි රාගම දඹුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය.
සැකකරු මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී ලක්ෂ 7 ක පමණ වටිනාකමකින් යුත් ජංගම දුරකථන 10 ක් සොයා ගත් බවත් රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා පැවසුවේය.
සැකකරු රාගම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ගෙන් සොරා ගන්නා ජංගම දුරකථන මාළිගාවත්ත ප්‍රදේශයට අලෙවි කර ඇතැයි විමර්ශන කටයුතු වලදී අනාවරණය වූ බවත් පොලිසිය බාරයට ගත් ජංගම දුරකථන 10 පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් රාගම පොලිසියට පැමිණ තොරතුරු ලබා ගත හැකි බවත් බුද්ධික රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දර්ශන අබේරත්න, 78997 පෙරේරා, 79574 සඳුන් යන මහත්වරු විමර්ශන මෙහෙයවා ඇත.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆොන් හොරෙක් රාගමින් අල්ලයි
Kumara Sunday, 19 February 2023 05:51 PM
මහබැංකු හොරු නිදැල්ලේ රට පාලනය කරති.