
( නිශාන්ත කුමාර)
තියුණු ආයුධයකින් කන් පෙත්තක් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු අද (09) මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මඩොල්සිම කුරුවිගොල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 29 ක ආබාධිත තරුණයකි.
මෙම තරුණයා තම ජංගම දුරකථනයට ලද ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි තවත් පුද්ගලයකු ජංගම දුරකතනය කනේ ගසාගෙන යෑමට විරෝධය පළ කරමින් ඔහුට පහරදී ජංගම දුරකථනය තිබූ කන්පෙත්ත සිය අතෙහි වූ පිහියෙන් කපා දමා ඇත.
තුවාල ලැබූ තරුණයා ආබාධිත තරුණයකු වන අතර කන්පෙත්ත කපා දැමීමෙන් නොනැවතුණු සැකකරු තමුන්ට අතින් පයින් පහර දුන් බව ද පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ අයගේ මව විසින් මඩොල්සිම පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
397
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆොන් එක කනේ තියාගෙන ගියා යැයි කන කපලා