IMG-LOGO

ෆොන්සේකා තිස්ස අත්තනායකගේ කතාව තහවුරු කරනවා

(බිඟුන් මේනක ගමගේ )

යුද හමුදාවේ බල ඇණි 33 ක් වසාදැමීමට කටයුතු කර ඇති බවට අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කරන ප්‍රකාශයෙන් ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර තිබූ රහස් ගිවිසුම ගැන හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා කළ හෙළිදරව්ව තහවුරු වන්නේ යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආවා වැනි කල්ලි උතුරේ බිහිවූයේ එල්.ටී.ටී.ඊ රැඳවියන් පූර්ණ පුනරුත්ථාපන ක්‍රියාවලියකට ලක් නොකොට නිදහස් කිරීමෙන් යැයි චෝදනා කළ හෙතෙම අද එම චෝදනා ආණ්ඩුව ඇතුලෙන්ම එල්ල වන විට නායකයන් නිහඬව සිටින්නේ යැයි ද පැවසීය.

බලය ලබාගැනීමේ අරමුණෙන් සුදු වෑන් කතා නිර්මාණය කළ පිරිස් අද ආණ්ඩු බලය ගෙන පාතාලයට රාජ්‍ය රැකවරණය දෙමින් සිටින්නේ යැයි ද එම නිසා පොලිසිය අසරණ වී සිටින්නේ යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පාතාලය මර්දනයට අත ගැසූ විට රටින් පලා ගිය පාතාලයන් නැවත කැඳවාගත්තේ මේ ආණ්ඩුවේ ප්‍රබලයන් යැයි ද අද එය ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන තැන දක්වා ඔඩු දුවා ඇතැයි ද රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (14)

ෆොන්සේකා තිස්ස අත්තනායකගේ කතාව තහවුරු කරනවා

සතයපාල Tuesday, 18 September 2018 07:31 AM

කිසිම අර්ථයක් නැති දේශපාලන වශයෙන් සම්බන්ධයක් නැති කතා කියමින් කාලය කා දැමීම හැර රටට වැඩදායක දෙයක් කරන්න හිතන්න තරම් බුද්ධියක් නැති මේවගේ දේශපාලකයන්ව පිලිගන්න විශ්වාස කරන අනුගාමිකයෝ පිරිසකුත් ඉන්නවා මේ රටේ.

:       2800       3434

PerakumTuesday, 18 September 2018 08:22 AM

අනුගාමිකයින් ටිකක් නෙවෙයි වැඩිහරියක්...! ඒ අතරේ බුද්ධිමත් ජනතාව ඉතා ටික දෙනෙක් ඉන්නවා. ඒත් ඒ අය බෙහෙවින් අසරණයි.

:       0       1

janatha anuraTuesday, 18 September 2018 08:41 AM

කිසිම අර්තයක් ඇති දේවල් තේරුම් ගැනීමට නොහැකි වැස්සට නොතෙමී යන්න කාර්ගන්න ගිහින් අව්වේ පිච්චෙමින් යන හැටි කාලය කා දමමින් තමන්ගේ දේශපාලන න්‍යාය සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කරන අයගේ බුද්ධිය ඉතා අගනේය කීවොත් හරිද?

:       1       2

RNG Tuesday, 18 September 2018 09:14 AM

අර්ථයක් ඇතිව කියපු කතා විශ්වාස කරලා අද මොකද රටට වෙලා තියෙන්නේ ..?

:       1       0

janahitha Tuesday, 18 September 2018 09:32 AM

මහජන මතය ඔබේ කඩේ යන මතය නොවේ, ඉත්රිවෙලා ඉන්න අතලොස්සකගේ මතය පමණි සිරිකොත වසා දැමුවත් එහි ඉතිරිවන්නේ උන්නැහෙත් වික්‍රමසිංහ මහතාත් පමණි.

:       1       8

samankTuesday, 18 September 2018 11:56 AM

ඒ වගේ දේවල් කියවන්න පිරිසකුත් ඉන්නවා.

:       0       0

Ana Tuesday, 18 September 2018 03:51 PM

අනේ සත්‍යපාල, මෝඩකම සහ කඩේ යාමේ සීමාවක් නෑ

:       1       0

OMG Tuesday, 18 September 2018 08:00 AM

එයාලා මෙයාලට ගහනවා. මෙයාලා එයාලට ගහනවා. අපේ සම "හරක්" අය චූන් වෙනවා. දන්නෙම නැතුව පස්සේ දෙගොල්ලන්ම අපිට ගහනවා. පොළෙවේ පස් කන්න හිතෙනවා එතකොට.

:       0       1

Hafeel Tuesday, 18 September 2018 08:15 AM

දැන් ෆොන්සේකා මහතා රස. කලින් තිත්ත. අවස්ථාවාදී දේශපාලකයෝ.

:       0       1

sirimal Tuesday, 18 September 2018 08:20 AM

මුරිච්චි තද වෙන්න තද වෙන්න ඉස්සර කරපු දේවල් මතක් වෙනකොට සිහිවිකල් වෙලා දොඩවන එක සාමාන්‍ය දෙයක්.

:       0       1

banda Tuesday, 18 September 2018 08:39 AM

මෙයාගේ මාර තර්ක තියෙන්නේ.. අපේ මීලඟ ජනපති ප්‍රසන්න රණතුංග..

:       0       1

Thilak Tuesday, 18 September 2018 08:44 AM

ඔබ හරියටම හරි.

:       1       0

RNG Tuesday, 18 September 2018 09:17 AM

අනේ ඇත්තමයි.. අර්ථයක් ඇතිව කියපු කතා විශ්වාස කළ පිරිස නිසා රටට වුනු වුණු වින්නැහිය පේනවා නේ ඉතින් දැන්. මොනවට කතා කරනවද ඒ ගැන.

:       1       0

asathyapala Tuesday, 18 September 2018 10:06 AM

සත්‍යපල අසත්‍ය ප්‍රකාශ කරනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site