
(අංජුල මහික වීරරත්න)
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ හා සම්බන්ධ වෙමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම, ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන අඩු ආදායම් ලාභී පවුල් වෙත බෙදා හැරීම සඳහා කිරිපිටි ඇසුරුම් 69,102 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇත.
එම පරිත්‍යාගය නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලටන් (Michael Appleton) මහතා ඇතුළු නවසීලන්ත නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සංකේතාත්මකව සිදු කරන ලදී.
මෙලෙස පරිත්‍යාග වශයෙන් ලැබූ කිරිපිටි හඳුනාගත් පවුල් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් බෙදා දීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්යල මණ්ඩල ප්‍රධානී ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය සුරේන් බටගොඩ, නවසීලන්තයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්‍රෑ ට්‍රැවලර් (Andrew Traveller) මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ෆොන්ටෙරා’’ ආණ්ඩුවට කිරි දෙයි
Hafeel Wednesday, 18 January 2023 01:49 PM
එහෙමත් දීලා තියෙන්නේ 69102. නවසීලන්තයටත් 69 අමතක වෙන්නේ නැහැ.
pakeer Wednesday, 18 January 2023 03:10 PM
අධික ලෙස හූරගෙන කන ආයතනත් තියෙනවා...