IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ෆිටෝන් රූම් එකේ කැමරා සවිකළ වෙළඳසැල් හිම්කරු මාට්ටු

(කේ. බුද්ධික කුමාරසිරි)

තලවතුගොඩ නගරයේ පිහිටි නිමි ඇදුම් වෙළද මධ්‍යස්ථානයක ඇදුම් ඇගලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා එම කාමරය තුළ කාන්තාවන් ඇදුම් මාරු කළ අවස්ථාවන්  වීඩියෝ ගත කළ එම වෙළදසැලෙහි හිමිකරු අද (08) දින අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

එලෙස අත් අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අදාල කාමරය තුලදී  වීඩියෝ ගත වීඩියෝ දර්ශන 201 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

සැකකරු විසින් එලෙස ලබා ගත් වීඩියෝ අතර කාන්තාවන් තරුණියන් කුඩා දැරිවියන් තම යට ඇදුම් මාරු කරන දර්ශන ඇතුලු  කාන්තාවක් නිවසක නාන කාමරයක ස්නානය කරන දර්ශනයක් ද ඇතුලත් බවද පොලිසිය පවසයි.

සැකකරු විසින් එලෙස ලබා ගත් වීඩියෝ දර්ශන අදාල දුරකතනය මගින් අන්තර්ජාලයට යොමු කර ඇති ද නැතහොත් මෙරට හෝ විදෙස් රටවල වෙබ් අඩවි සදහා විකුණා ඇතිද  යන්න වැඩි දුරටත් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා අදාල කැමරාව සහ ජංගම දුරකතනය අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

 



අදහස් (4)

ෆිටෝන් රූම් එකේ කැමරා සවිකළ වෙළඳසැල් හිම්කරු මාට්ටු

Ranjith Monday, 08 December 2025 02:27 PM

ඔය කඩේ නම දාන්න..

:       0       73

Minalee Rajapaksha Monday, 08 December 2025 10:48 PM

මහ කාලකණ්ණි මිනිහෙක්... බිස්නස් කරනවා නම් හරියට කරන්න. ඔය ෂොප් එකේ ඕනර් ඔය වගේ බලු වැඩ කරනවා නම් තුන්වන පන්තියේ මනුස්සයෙක්...

:       0       0

Cool Plnt Tuesday, 09 December 2025 07:07 AM

හා...

:       0       0

දයාන් Tuesday, 09 December 2025 12:21 PM

ඔය වැඩේම කරලා කාන්තාවකට අනිසි බලපෑම් කරපු ගම්පහ නගරයේ සෙත්සිරි කියන සාප්පුවේ හිමිකරුව ඒ කාන්තාවගේ සහෝදරයා සාප්පුවටම පැමිණ කපා කොටා ඝාතනය කලා ටික කලකට ඉස්සර

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site