IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ළිඳක තරුණයකුගේ සිරුරක්

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී  අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් සිටින අය පිටිගල පොලිස් වසමට අයත් පිටිගල,වැයිහේන,ගාලියද්ද ලිපිනයේ පදිංචි පිටිගල කංකානම්ගේ චතුරංග මහෂ් (23) නැමැති අයගේ බවට ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

ඉකුත්(06) ඉරිදා රාත්‍රී ඇල්පිටිය  මහජන ක්‍රීඩාංගණයේ සංගීත සංදර්ශණයක් තිබී ඇති අතර මෙම තරුණයා එදින රාත්‍රී එම සංගීත සංදර්ශනය නැරඹීම සඳහා නිවසින් පිටත්ව පැමිණි බවටත් මෙතෙක් ඔහු ආපසු නිවෙසට නොපැමිණි බවටත් ඔහුගේ මව පිටිගල පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවද පොලිසිය පවසයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය අසල පදිංචිකරුවකු සිය ඉඩමේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිඳේ මළසිරුරක් තිබෙන බවට පොලිසියට දැනුම් දී ඇත.ඒ අනුව විමර්ශන සිදුකළ පොලිසිය විසින් මෙම මළසිරුර සොයාගෙන ඇත.

ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනය නැරඹීමට  පැමිණ සිටි කිසියම් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවූ බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

 



අදහස් (0)

ළිඳක තරුණයකුගේ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site