IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමට යයි

 

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ළමාරක්‍ෂක ක්‍ෂේත්‍රය හා සම්බන්ධ සියලු පාර්ශවකරුවන් නියෝජනය වන පරිදි සහ අදාළ විශේෂඥයින්ගේ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ සකස් කර ඇති මෙම මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීම වෙනුවෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.

ළමා සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සකස් කළ මාර්ගෝපදේශ සහ ප්‍රඥප්ති දැනටමත් පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන නමුත් ජාතික මට්ටමේ පිළිගත් මාර්ගෝපදේශයක් නොමැති බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. 



අදහස් (2)

ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමට යයි

ලමය Tuesday, 16 August 2022 01:33 PM

බුලු ඩෝග් අලුත් බොරු වැඩකට අතගහලා ඔකෙනුත් කපයි ගානක් පුලුවන් නම්

:       0       0

තරංග Tuesday, 16 August 2022 03:21 PM

සමහරක් අය තමන්ගෙ කෙනෙක් මියගියාම අනුස්මරණ කියලා නිවාස ආරම්භ කරන්නෙ 1. ජීවන මාර්ගයක් ලෙසත් 2. තමන් සමාජයේ ඉහළම පංතියේ අය කියලා සමාජයට ප්‍රකාශ කිරීමටත්, 3. පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් භාණ්ඩ හා වෙනත් දේ පරිභෝජනය සදහා ගැනීමටත් යන අපේක්ෂාවෙන් කියලා කියන්න පුළුවන්. එයට අමතරව මේවා අධීක්ෂණය කරන අයත් යම් යම් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන්නෙ මොකද ඒ ගැන හොදින්ම අත්දැකීම් තියෙන නිසා. ළමා සංවර්ධන මධ්‍යස්ථාන (මොන නමින් කිව්වත් සාමාන්‍ය ජනතාව කියන්නෙ ළමා නිවාස කියලා තමයි ) පමණක් නොවෙයි ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස (ජනතාව කියන්නෙ මහලු නිවාස කියලා ) වුනත් රැකියා සදහා ආරම්භ කරලා තියෙනවා කියන්නෙ ඒවා රජයේ ලියාපදිංචි නොකරන නිසා ඒ ගැනත් අවධානය යෙදුවොත් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site