(අංජුල මහික වීරරත්න)
ළමා වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත්වන ළමයෙකුගේ අපචාරකාරී හැසිරීම හඳුනාගෙන ඔහුට/ ඇයට සමාජයේ නීති ගරුක පුරවැසියකු ලෙසට ජීවත් වීමට ඉඩ සැලසීම ළමා පුනරුත්ථාපන ක්‍රියාවලියේ මූලික අරමුණකි.
ඒ අනුව, නීතිය ඉදිරියේ වරදකරුවෙකු බවට පත් වූ ළමයෙකු සම්බන්ධයෙන් පියවර ගැනීමේදී, වරදේ ස්වභාවය අනුව සමථකරණය, අවවාද කොට නිදහස් කිරීම, කොන්දේසි සහිතව නිදහස් කිරීම, විවෘත පරිසරයේ තබා පුනරුත්ථාපනය කළ හැකි ළමා වරදකරුවන් පරිවාස භාරයට පත් කිරීම, ප්‍රජා විශෝධන සේවය යටතේ පුනරුත්ථාපනය කිරීම සහ රැඳවුම් නිවාස වල රඳවා තැබීම සිදු කරනු ලබයි.
නීතිය ඉදිරියේ වරදකරුවන් වන ළමුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආර්ථික සහ සමාජ පසුබිම පිළිබඳව අධ්‍යයනය කොට, එවැනි ළමුන් පුනරුත්ථාපනය කිරීම පිළිගත් ජාතික ප්‍රතිපත්තියකට අනුව සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, රජය, සංවර්ධන පාර්ශ්වකරුවන් සහ එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදල (UNICEF) යන ආයතනවල දායකත්වයෙන් "ළමා වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය '' කෙටුම්පත් කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ළමා වරදකරුවන් පුනරුත්ථාපනයට ජාතික ප්‍රතිපත්තියක්
කුකුල් චමින්ද Tuesday, 17 June 2025 11:40 PM
වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරෙගේ ඉඳුල් කාලා, මෙතන උදේ-හවස වැළලෙන බත්කන හරකුන්වත් පුනුරුත්ථාපනයටත්, කඩිනමින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න.
Kamal Koyrala Wednesday, 18 June 2025 05:15 PM
පළමුව මොවුන්ගේ පවුල් පරිසරය සහ අධ්‍යාපන පරිසරය සෙවිය යුතුයි. වඩාත්ම වැදගත් වන්නේ ළමුන් අප්‍රසාද සඳහා යොදවන්නේ කවුරු විසින්ද යන වග, සහ දඬුවම්...