IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ළමුන් දරුකමට පිටරටට දීම ගැන විශේෂ ගැසට්ටුවක්

(ජේ.ඉඳුරුවගේ) 

ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය  ඉල්ලුම් කරුවන් සඳහා  මෙම ලිත් වර්ෂය සඳහා   සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින්  දරුකමට හදාවඩා ගැනීම් ආඥා  සංඛ්‍යාව 100 ක් වියයුතු බවට නියම කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්‍ රාජ් මහත්මිය විසින්   අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ෙ මේ අනුව    ළමයින් දරුකමට හදා වඩා ගැනීමේ  ආඥා පනතේ 3 වගන්තියේ 5අ උප වගන්තියේ ආ 1 ඡේදය යටතේ සඳහන් අයදුම්කරුවන් වෙනුවෙන්   2025 ලිත් වර්ෂය සඳහා සියලු අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින්  දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් විය යුතු බව ජනවාරි 08 දාතමින් නිකුත් කර ඇති මෙම  ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම පනතේ ආ 1 ඡේදය යටතේ සඳහන් වන්නේ ලාංකික පුරවැසියන් නොවන හා කවර අවස්ථාවක හෝ ලාංකික පුරවැසියන් ලෙස  නොසිටි ,ලංකාවේ වාසය නොකරන හා  වසතිය නොමැති අය නමින් ළමයින්  දරුකමට හදා වඩා ගැනීම සඳහා   කරනු ලැබිය හැකි ඉල්ලීම් සඳහා වූ ආඥාවන්‍ ය.

 



අදහස් (2)

ළමුන් දරුකමට පිටරටට දීම ගැන විශේෂ ගැසට්ටුවක්

Pradeep Kumara Monday, 27 January 2025 10:39 AM

ඇයි ඕක සීමා කරන්නේ. දරුවන් ඇතත් හදා වඩා ගැනීමට අපහසු මව් පියවරු සිටී නම් එම දරුවන් හදා වඩා ගැනීමට කැමති අයවලුන් සිටීනම් දුන්නාම ඇති වරද මොකක්ද? අන්තිමට වෙන්නේ දරුවන් කුණු කානු වලට, කසල ගොඩවල් වලට සහ ගංගා ඇළ දොළට විසි කිරීම වැඩි වීමයි. දරුවන් ජාවාරම් කාරයින් තවත් වැඩි වීමයි.

:       5       12

සංක්‍රාන්තික භූමි Monday, 27 January 2025 12:20 PM

අපේ අගමැතිනියනි, අපේ ළමයි පිටරටට දෙන්න එපා.! අපේ අගමැතිනියට ජයවේවා..!

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site