(තුසිත කුමාර ද සිල්වා) .
අලුත්ගම මොරගල්ල තරු පන්තියේ සංචාරක හෝටලයක ප්‍රධාන කළමනාකරැවකුට සාමාන්‍ය සේවකයෙකු විසින් අද (4) වීදුරු බෝතලයකින් හිසට පහරදී බරපතළ තුවාල කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම සේවකයා අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
කාන්තාවකගේ පසුපස පෙදෙස ස්පර්ශ කිරීමේ විනය විරෝධී ක්‍රියාවක් සේවකයා විසින් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කළමනාකාරවරයා අදාල සේවකයා කාර්යාලයට කැඳවූ අවස්ථාවේ උරණ වූ සේවකයා මෙසේ එම කළමනාකාරවරයා ට පහර දී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සැලවීමත් සමඟ මොරගල්ල සංචාරක පොලිසියේ නිලධාරීන් හා අලුත්ගම පොලිස් කණ්ඩායමක් සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතා දැනුවත් කර ඒ මහතා ද සමඟ සිද්ධියසිදු වූ හෝටලයේ කාර්යාල පරිශ්‍රයනිරීක්ෂණය කර තිබේ.
පහරකෑමට ලක්වූ කළමනාකාර වරයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එම පහර දීමෙන් එක් අතකට තුවාල සිදුවී ඇතැයි කියන සැකකාර සේවකයාද ප්‍රතිකාර සඳහා අලුත්ගම රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම ප්‍රදේශය බාර භාර සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අලුත්ගම හා මොරගල්ල සංචාරක පොලිස් ස්ථාන ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෝටල් සේවකයා ප්‍රධාන කළමනාකරුට බෝතලයකින් පහරදීලා