
(චමිලා අල්විස්)
හොරණ මීවනපලාන සිරිල්ටන්වත්ත ප්‍රදේශයේ පුද්ගලයකු බෝර දොළහේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව හොරණ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ 45 හැවිරිදි දමිත් පුෂ්පකුමාර නැමැති විවාහක කුලී රැකියාවෙහි නියතු දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා ඝාතනය කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ගතව සිට පසුගිය අගෝස්තු 21 වැනි දා ඇප ලබා නැවත නිවසට පැමිණීමෙන් අනතුරුව ඒ සඳහා පලිගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇත.
මියගිය පුද්ගලයා සිය බිරිඳ සමග රාත්‍රී වෙළඳසලකට ගොස් පැමිණෙමින් සිටියදී සැඟවී සිට සැකකරුට වෙඩි තබා ඇති අතර බිම වැටීමෙන් පසු නැවත වෙඩි පහරවල් දෙකක් එල්ල කර ඇති බව මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට පවසා ඇත.
වෙඩි පහර එල්ල වූ පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පොලිස් හදිසි දුරකථන අංකයට අමතා වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිසියට දැන්වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කරඇත.
2025 ඔක්තෝබර් මස 08
1916
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1527
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොරණ වෙඩි තැබීමකින් දෙදරු පියෙක් මරුට