
හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදි අද (17)ට යෙදී තිබූ සුබ නැකතින් පැවැත්විණි.
මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමැතිවරු ද තවත් පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.
එහිදි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නැඳුන්ගමුවේ හස්තියට සුබ හෝරාවෙන් හිසතෙල් ගැල් වීය.
දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය,ආයුර්වේද දෙපාර්තමේන්තුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පෑලියගොඩ නගර සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කෙරිණි.
ඡායාරූප ගයාන් අමරසේකර








වයඹ පළාත්හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය
(කුරුණෑගල - චාන්දනී දිසානායක )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩේ යනවා ලස්සනයි.
අපේ බන්දුල සර්ට මොලේ පෑදේවා.., නුවණ ලැබේවා..!!! මිනිස්සුන්ටහොඳට කාලා බීලා ඉන්න. බඩුමිල ඉහළ යන්නේ නැති වෙන්න.
මොලේ පෑදෙන්න කියලා හිතාගෙන ඔලුවේ තෙල් ගාන්න ඕනෑ....
තෙල් ගෑවත්, තෙල්වලින් නෑවත් දූෂිත දේශපාලුවන්ට මොලේ පෑදෙන එකක් නැහැ. මොලේ තියෙන්නේ, බොරුව, කපටිකම්, හොරකම්, වංචා දූෂණ වැඩවලට මිසක් අහවල් දේකටද?
මේ අර ගස් තිබ්බාට ඔක්සිජන් ලැබෙන්නේ නෑ කිව්ව කට්ටිය නේද?
එදා ෆොන්සේකා මහත්තයාට චැලේන්ජ් කරලා ගහගන්න ගියා නම්, මදි නොකියන්න කන්න තිබුණා. එහෙනම් අද තෙල් ගාන්න වෙන්නේ ඔළුවට නොවෙයි, ඇඟේ තැලුණු තැන්වලටයි.