(සුජිත් හේවාජූලිගේ)
අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ බිම වළ දමා තිබියදී සොයාගනු ලැබූ නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කිසියම් පුද්ගලයකුට ‘‘ඊෂි කෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා ගෙන්වා ගත් එකක් බවට තොරතුරු ලැබී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
ඒ අනුව මේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
මෙම නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරයේ සඟවා තිබියදී එහි බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ වැඩ ඔක්කොම ඊසි කෑෂ් ක්‍රමයට බව අපි හඬපටවලින් දැනගත්තා.
ඔහු හොරෙක් නොවේ... දෙවියන් උඩ ඉන්නවා.
මෙන්න ජනතා හිතවාදීන්ගේ වැඩ... සජිත්ලා මේ ගැන මොකද කියන්නේ? මෙහෙම එළිපිට නීති කඩන අය තමයි නිදහස් කරන්නත් කියන්නේ...