(සුජිත් හේවාජුලිගේ)
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහින්ද රාජපක්ෂ මෛත්‍රිපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහය යන හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට පසුගිය වසර නවයක කාලයේදී ( 2017 සිට 2025 දක්වා). රුපියල් කෝටි හතළිස් නවයකට වැඩි මුදලක් වැය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්‍රාම වැටුප් වෙනත් පුනරාවර්තන වියදම් ගොඩනැගිලි හා ඉදිකිරීම් වාහන වෙනුවෙන් මෙම මුදල වැය කර ඇත.
දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය විශ්‍රාම වැටුප වශයෙන් රුපියල් 65000ක්ද ලේකම් දීමනාව ලෙස රුපියල් 23000ක්ද ලබාගෙන ඇත( හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු ලේකම් දීමනාව අහිමිවී ගියේය)
ඇයට ලබාදී තිබූ වාහන සංඛ්‍යාව දෙකකි.KW 1218 සහ KY 5787 එම වාහන වෙයි
සිවුවැනි විධායක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් අංක කොළඹ 7 නිදහස් මාවතෙන් නිල නිවසක් ලබා දී ඇති අතර ඇයට ලබා දී ඇති විශ්‍රාම වැටුපරුපියල් 97500කි.
ඇයගේ ලේකම් වෙනුවෙන් ලබාදී තිබූ දීමනාව රුපියල් ලක්ෂයකි.
ඇයට ලබා දී තිබූ නිල වාහන සංඛ්‍යාව දෙකක් වන අතර KV 6807 සහ KW 0461 එම වාහන දෙක වේ. එම නිල නිවසේ අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් මේ වසරේදී රුපියල් 33105.00 ක් වැය කර ඇත.
පස් වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොළඹ 7 විජේරාම මාවතෙන් නිල නිවසක් ලබා දී තිබූ අතර ඔහුට හිමි විශ්‍රාම වැටුප රුපියල් 97500කි. ඔහුගේ ලේකම්වරයාගේ දීමනාව වශයෙන් රුපියල් පනස්දාහක් ලබා දී තිබිණ. නිල රථ වශයෙන් A 295414 සහ CAX 0559 යන වාහන දෙක ලබාදී තිබිණ.
හයවැනි විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතෙන් නිල නිවසක් ලබා දී තිබිණ( පසුව ඔහු ඉන් ඉවත් විය) මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දී ඇති විශ්‍රාම වැටුපේ වටිනාකම රුපියල් 97500 කි. රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දී තිබිණ.
ඔහුගේ පාවිච්චියට නිල රථ දෙකක් ලබා දී තිබූ අතර CAR 8775 සහ CBH 7597 එම වාහන දෙකයි.
හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මසක් වෙන් කර නැති අතර ඔහුට හිමිවන විශ්‍රාම වැටුප රුපියල් 97500කි. ඔහුගේ ලේකම්වරයා වෙනුවෙන් රුපියල් ලක්ෂයකදීමනාවක් පිරිනමා ඇත. ඔහුටද වාහන දෙකක් හිමිවූ අතර CBO 7521 සහ PK 7090 එම වාහන දෙකයි.
අට වැනි විධායක ජනාධිපති රනිල් විමසිංහ මහතාද නිල නිවසක් ලබාගෙන නැති අතර ඔහුගේ ලේකම්වරයාට හිමිවූ දීමනාව රුපියල් ලක්ෂයකි. ඔහුද නිල රථ දෙකක් ලබාගෙන ඇත. CAV 8103 සහ KX 5301 එම වාහන දෙකේ වේ.
මේ අතර පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි පනස් එකකට වැඩි මුදලක් වැය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම එම නිල නිවසේ විදුලි ජනක යන්ත්‍ර සඳහා ඉන්ධන ඩීසල් ලීටර් 210 ක්ද ජනාධිපති කාර්යාලය විසින් ලබා දෙනු ලැබ තිබිණ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිටපු ජනපතීන්ගේ භුක්ති වින්ද සැප ලැයිස්තුව මෙන්න
Perera Saturday, 13 September 2025 01:33 PM
අනේ ඉතින් මෙයාලාව නඩත්තු කරන්න අපිට රුපියල් 4නේ මාසෙකට වියදම වෙලා තියෙන්නේ. අසරණයින්ට පිහිටවෙලා පිනට යමක් කරගන්න තිබුණු අවස්ථාවක අහිමි වුණා අපට...
ගුණරත්න Saturday, 13 September 2025 02:43 PM
ඔය නිකම් ලප සිපොයි නෙවෙයි. ලංකාවේ ප්‍රධානම පුරවැසියා. රටේ නායකයා. රාජ්‍ය නායකයා. වර්තමාන ජනාධිපති අනුර කුමාර විශ්‍රාම යැව්වාට පස්සේ උන්නැහේ ඔය විදියටම පැන්ෂන් එකක් අරන් නිල නිවසක හිටියාට කිසිම ප්‍රශ්නයක් නැහැ.
Achi Saturday, 13 September 2025 01:53 PM
කට්ටියට පටි තද කරගන්න කිව්වේ ඕක තමයි.
අනේසිරි Saturday, 13 September 2025 02:00 PM
අම්මට සිරි! තවත් ඉදිරියට අවුරුදු කීපයක් මේ වගේ ගියා නං මේ නාකි ලොන්ත පෝල් ටික නඩත්තු කරන්න වෙනවා අපිට හම්බ කර කර...
Rasika Saturday, 13 September 2025 02:12 PM
දැන් කියනින බලන්න ජනාධිපති ලේකම් කාර්යාලට පත් කරපු ජේ වී පී කාඩරයින්ගේ නම්, තනතුර, අධ්‍යාපන සුදුසුකම් සහ වැටුප්.... මහ ලොකුවට කෑ ගැහුවේ ඔයිට වඩා වියදම් කරලා කියලා හිතුවේ...
PGP Thilak Saturday, 13 September 2025 02:13 PM
මාර්ග සංවර්ධන අධිකාරියේ විදුලි බල මණ්ඩලේ වංචා දූෂණ හොරකම් දිහා බලන කොට මේ පඩි දීමනා සුලු දෙයක් නේ!!
පිටරැටියා Saturday, 13 September 2025 02:21 PM
සිෂ්ට සම්පන්න රටවල නායකයෝ ජනතාවගේ යහපත වෙනුවෙන් කරන සේවය දැක්කාම, අපේ රටේ අහින්සක ජනතාවගේ දහඩිය මහන්සිය පවා හූරාගෙන කාපු දූෂිත දේශපාලුවෝ ගැන ඇතිවෙන්නේ පිළිකුලක්? ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි.
විදුරංග Saturday, 13 September 2025 04:26 PM
පෙරේරයි, ගුණරත්නයි එයාලාගේ සෙට් එකයි එකතු වෙලා එහෙනම් තමන්ගේ ආදායමෙන් කොටසක් එයාලාට දෙන්න. එව්වා නීති විරෝධී නැහැනේ. රුපියල් දෙසීය ගානේ එකතු කරා නම් ඇති. කරන්න හොදේ...