IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


හිටපු ජනපතිලාගෙන් කැපූ සල්ලි දාලා හාල් පොල් අඩු කරන්න



(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද  කප්පාදු කළ හෙයින් එමගින්  ඉතිරි වූ  මුදල් යොදාගෙන  ජනතාවගේ හාල් පොල් මිල ඉන්ධන  මිල විදුලි බිල සහ ජල බිල අඩු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු  ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

මේ රජයට තිබුණු අවසාන ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් කප්පාදු කිරීම   බවද  ඔහු සඳහන් කළේය.



 

 



අදහස් (19)

හිටපු ජනපතිලාගෙන් කැපූ සල්ලි දාලා හාල් පොල් අඩු කරන්න

කපුරුහාමි Monday, 15 September 2025 03:35 PM

ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කාපු දූෂිත දේසපාලුවෝ බලයේ ඉන්න කොට කටවල් වැහිලා තිබුණු අයට දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ...?

:       1       59

jinadasa Monday, 15 September 2025 03:44 PM

අනේ ඔබතුමාගේ මොලේ තරම.

:       6       58

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 15 September 2025 04:01 PM

ජනපති වරප්‍රසාද කපන එක අවසාන ප්‍රශ්ණය නෙමෙයි, පළමුවන ප්‍රශ්ණය. තව ප්‍රශ්ණ පත්තර ගණනාවක්ම තියෙනවා විසඳන්න.

:       3       38

අරවින්ද මොණරවිල Monday, 15 September 2025 04:01 PM

සාගර මහත්තයෝ මේ රටේ ජනතාව බහුතරයක් මාලිමාවට ඡන්දය දුන්නේ හාල් පොල් මිල අඩු කර ගන්නම නොවෙයි, වංචාව දූෂණය නාස්ති අඩු කරන්න නොවෙයි නැත්තටම නැති කරලා දාන්නයි. ඒකේ එක ප්‍රයත්නයක් තමයි හිටපු ජනාධිපතිවරුන්, ඔවුන්ගේ ආර්ය්‍යාවන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කපා හරින එක...! ඊට අමතරව රාජ්‍ය අංශයේ තිබුණු වංචාව දූෂණය හා නාස්තිය දැන් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තිබෙන බව රටම දන්නවා. ඒකට ඔහෙලා අකමැති බවත් අපි දන්නවා, නමුත් රටේ බහුතරයක් ඒකට කැමතියි. ඒ නිසා තමුන්නාන්සෙට තප්පුලනවාට වැඩිය දෙයක් කරන්න බැහැ...

:       4       55

රනේ Monday, 15 September 2025 04:06 PM

කරනවා තමයි.. ඉවසනවකො තව ටිකක්..

:       2       35

Hafeel Monday, 15 September 2025 04:10 PM

ඇයි ඔයාලට බලයේ ඉන්නකොට මේවා කරන්න බැරිවුණේ? ඔයාලා කියන දේවල්ද වත්මාන රජය කරන්න ඕනේ?

:       2       34

Wtf Monday, 15 September 2025 04:18 PM

දැන් කියන්න මේ කවුද...

:       1       20

Rasi Monday, 15 September 2025 04:24 PM

මේ මනුස්සයට තේරෙන්නේ නැහැ, මේ තුලින් කරන්න හදන්න සංස්කෘතිමය වෙනසක් නැතහොත්, ජනතා මුදල් වලින් යැපෙන ක්‍රමය වෙනස් කිරීමක් කියල. ගැලරියේ එවුන් මොනවා කිව්වත්, රටක් වෙනස් කරන්න රටේ බුද්දිමතුන් පාලනය තුලින් එය කරන්න ඕන. මෙය පොඩි දෙයක් ලෙස පෙනුනත්, ඒ තුලින් යන පණිවිඩය සහ වෙනස මේ රට ඉදිරියට ගෙනයාමට ඉතා වැදගත්. නැත්තම් හැමදාම උන් කනවා අපේ සල්ලි කිය කිය හූල්ල හුල්ල තමයි ඉන්න වෙන්නේ.

:       2       31

Naleen Monday, 15 September 2025 04:29 PM

මේ වගේ උගත් බුද්ධිමත් මිනිස්සු ද මහින්ද මහත්තයා වටේ ඉන්නේ?

:       0       13

Nihal Dharmatileke Monday, 15 September 2025 04:35 PM

සල්ලි අච්චු ගහලා රුපියලේ අගය අඩුකරලා දැන් කොහොමද බඩුමිල අඩුකරන්නේ?

:       6       2

මැක්ස් Monday, 15 September 2025 04:38 PM

වර්තමාන බොරුකාර ආණ්ඩුව තමන්ගේ නොහැකියාවන්, නොදන්නාකම්, මරි මෝඩකම් සියල්ල වසා ගන්නේ පරණ ආණ්ඩුවලට අවලාද නැගීමෙන් සහ ආංඩුවේ සේදුම් කටයුතු සිදු කිරීම වෙනුවෙන් ගෙවීම් ලබන කුලී සෝදන්නන්ගේ රචනාවලිනි. හාල් පොල් අඩු කිරීමක් තබා කංචනට යනවා යැයි කියූ ගතමනාව නවතා ඩීසල් පෙට්‍රල් මිල අඩු කිරීමට ද නොහැකි ව සභානායකගේ ගර්ජනා මැද විපක්‍ෂයට නිහඬ කරන්නට වලිකන ආංඩුව ගෙදර යැවීමට ජනතාව නොපමාව කටයුතු කරනු ඇත...

:       15       2

ප්‍රියා Monday, 15 September 2025 04:43 PM

රට බංකොලොත් කර කන බණේ මයි, ඔය සැප ගන්න සල්ලි වලින් පිටකොටුව බස් නැවතුම් පොළ හදලා, මරදාන දුම්රිය කොටුව ස්ථාන හැදුවාම කොච්චර ජනතාවකට පහසුවක් සේවයක් ද...? සුනඛ පාලක තනතුර නැති වුණු දුකට තමයි මේ අඬන්නේ...

:       1       10

Mahajanathawa Monday, 15 September 2025 05:12 PM

ඔහුගේ මුහුණු බලන්න, ඔහු බිය දන්නේ නැහැ.

:       1       3

C.K.Lankaputhra Monday, 15 September 2025 05:23 PM

මේ වගේ වෘශභයෙක් තියාගන ඉන්න ඔවුන්ට කවන්න ඕනෑ... තණකොළම තමයි.

:       0       4

Sri Monday, 15 September 2025 05:24 PM

අපි මේ ආණ්ඩුව ගෙනාවේ, හාල් පොල් පාන් ආණ්ඩුවට කන්න නෙවෙයි... පව් නිදහස් අධ්‍යාපනයටත් නිගාවක්...

:       2       3

Asela Monday, 15 September 2025 05:26 PM

මහින්දගේ රජයේ බංගලාවට මසකට මිලියන 4.5ක් ලබා දිය හැකි බව NPP පාලනය රූපවාහිනියේ පවසනවා.. එය ජනාධිපතිවරයා කිව්වා. දැන්, ඔවුන් එය මසකට රු. 500,000කට ලබා දීමට කැමැතියි, ආරංචියේ හැටියට... මෙයින් කියැවෙන්නේ මෙම පාලනයට මෙම නිවස කුලී පදනම මත කුලියට දීමට ව්‍යාපාරිකයින් සහ ඩයස්පෝරාවන් විශාල ප්‍රමාණයක් සිටින බවයි. තවමත් වහලුන් සතුටින් සිටිති...

:       3       2

පිටරැටියා Monday, 15 September 2025 05:29 PM

හිටපු ජනාදිපතිවරු කරපු හරිය ගැන ලෝකෙම දන්නවා.. දැනුයි ඇස් කන් ඇරිලා තියෙන්නේ ? ලැජ්ජයි. කියන්න වචන නැහැ .

:       1       4

sanath Monday, 15 September 2025 05:35 PM

සාගරගේ කථා වලින් මට වැඩක් නැහැ. මමත් ඡන්දෙ දුන්නේ මලිමාවට... නමුත් කරුණාකර මේ හාල්, රට ලුණු, අල වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට ගහන 50% පමණ වන අධික තීරු බදු අඩුකර රටේ ජීවන වියදම අඩුකරන ලෙස මම රජයෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා. අපි ජිවත්වෙන්නේ ඉතා අමාරුවෙන් හම්බු කරන වැටුපෙන් විශාල ප්‍රමාණයක් වියදම් වන්නේ අහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සහ දරුවන්ගේ ටියුෂන් වලට...

:       3       4

de silva Monday, 15 September 2025 05:44 PM

වලවූ තිබෙන චන්ද්‍රිකාට, කර්ල්ටන් මන්දිරය වැනි විශාල ගෙවල් තිබෙන මහින්ද මහත්මයාට, කෝටිපති වියාපාරික පවුලක් වන, කොළඹ ගෙවල් තිබෙන සිරිසේන ජනාධිපතිට , කෝටිපති රනිල්ට කොළඹින් නිල නිවාස අවශ්‍ය නැහැ. ඒවා කපපු එක හොඳයි.. නමුත් මේ කන බොන දේවල් වලට ගහන තීරු බද්ද ඉතා ඉහළයි... ඒවා අඩු කරන්න. කටයුතු කරන්න ජනාධිපතිතුමනි... රජයේ වියදම් අඩු කරගන්න ඕනේ නම් ඔය ශ්‍රී ලන්කන් වැනි පාඩු ලබන රජයේ ව්‍යාපාර වහලා දමන්න , අපේ හාල්, අල, ළූණු වැනි ආහාරවලට ගහන බද්දෙන් ඕවා නඩත්තු කරන එක පවු සිද්ධ වෙන වැඩක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27156 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18174 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10876 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 631 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 190 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 844 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site