IMG-LOGO

හිටපු ඇමැති පුතා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ 7 කුරුඳුවත්ත දිසා විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු අද  (21)  අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

දිසාවිනිසුරුවරයාගේ නිවස අසල සැකකාර පුද්ගලයා ඊයේ (20) වාහනයක් නවතා තිබූ අතර එලෙස නොකරන ලෙස පැවසීමත් සමගම කොස්තාපල්වරයාට බැණ වැදී තර්ජනය කර ඇතිබව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් කොස්තාපල්වරයා දිසාවිනිසුරුවරයාට සහ කුරුඳුවත්ත පොලිසියේ  ස්ථානාධිපතිවරයාට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (17)

හිටපු ඇමැති පුතා අත්අඩංගුවට

Nandalal DE SILVA - France Saturday, 21 November 2020 03:51 PM

හිටපු මැති ඇමතිවරුන්ට එහෙනම් දැන් බොහොම අපල කාලයක් ලබා තිබෙන බව පේනවා.

:       1       37

gaminiSaturday, 21 November 2020 09:46 PM

හිටපු ඇමැති පුතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා සේම මාධ්‍ය මගින් ඔවුන්ගේ නම් ගම් හෙළිකරන්න.

:       0       1

BamunuarachchiSunday, 22 November 2020 12:17 AM

ඒක මොන ගොන් තර්කයක්ද? හිටපු ඇමතියෝ හරි, ඔවුන්ගේ දරුවෝ හරි ඉන්නේ තාම පරණ හයිය ඔලුවට අරන්. ඒ ගොල්ලෝ "හයි පාට්" දැම්මාම කොහොමද දැන් අපල කාලයක් ලබලා තිබෙනවා කියන්නේ... මොකද ඒ හාදයා ගණන්කාරකම දාලා ගෙදර ගියාද? නැහැ අත්අඩංගුවට අරගෙන... මට පෙනෙන්නේ ඔබත් ඉන්නේ පැරදුණාට දුක් මානසිකත්වයෙන්... අර පාතාලයකුත් හයි පාට් දාලා කථා කරලා දැන් කුඩුවේ ලගින්නේ...

:       0       0

Prasad Saturday, 21 November 2020 07:49 PM

ඉතා හොදයි. හැමෝම නීතියට යටත්.

:       19       52

sadisSunday, 22 November 2020 01:38 AM

ඔයා කොයි රටේද?

:       0       0

Rata PerataSunday, 22 November 2020 08:09 AM

නීතිය හිටපු ඇමැතිලාට, විපක්ෂයට විතරයි කියලා හිතාගන්න බැරි මෝඩයෝ තාම ඉන්නවා අපේ දූපතේ...

:       1       27

Ratnamalala Saturday, 21 November 2020 10:52 PM

පැරදිලා ඇමති ගෙදර ගියත් පුතාලගේ උණ අඩුවෙලා නැහැ. අර දැරිවියකට නිරුවත පෙන්නපු පුද්ගලයාගේ විස්තර දැම්මා වගේ මෙයාලගෙත් නිරුවත රටට හෙළිකරන්නේ නම් මැනවි.

:       0       0

සිදත් Sunday, 22 November 2020 01:00 AM

විල්සන් කරුගේ නම් ගම් පොටෝ දාන්න පුලුවන් වුණාට හිටපු ඇමතියගේ නමක්වත් කියන්න බැරි තරම් බයයි නේද?

:       0       0

ලුම්බිණි Sunday, 22 November 2020 04:14 AM

දැන් ඉන්න ඇමති කෙනෙකුගේ පුතෙක් උනා නම් තත්වය පොඩ්ඩක් වෙනස් වෙන්න තිබුණා.

:       1       16

Raveendra Sunday, 22 November 2020 04:16 AM

නැති බැරිකමට අනුන්ගේ වත්තකින් අබ ගෙඩියක් පොල් ගෙඩියක් අනවසරයෙන් ගත්ත මනුස්සයාගේ අලගිය තැන් මුල ගිය තැන් සදහන් කිරීමට එඩිතර මාධ්‍යයට හිටපු මේ ඇමතියාගේ නම සදහන් කිරීමට බැරිය... අප තරයේ විස්වාස කරනවා සමහරවිට මෙම ඇමතිගේ නම "හිටපු ඇමතියය" ..නොඑසේ නම් මේ හිටපු ඇමතියා නම මාරුකර ඇත..

:       0       13

kapilaSunday, 22 November 2020 07:12 PM

ඔය කොච්චර කයිවාරු ගැහුවත්, දේශපාලකයින්ට පණ බයයි.

:       0       0

wijesooriya Maharagama Kolamba Sunday, 22 November 2020 05:08 AM

මෙ හපුයියට හරි, හිටපු ඇමැතිට හරි නමක් නැද්ද?

:       0       9

pradeepa Sunday, 22 November 2020 08:21 AM

ඔය ඇමැති පුතා ආණ්ඩු පක්ෂයේද? විපක්ෂයේද? ආණ්ඩුවෙ පොලිස් කොස්තාපල්ට අනිවාර්යයෙන්ම ට්‍රාන්සර් එකක් ලැඛෙනවා.

:       0       10

kamal Sunday, 22 November 2020 09:51 AM

තාත්තා මරානම් ඉතින් බඩුම තමයි.

:       0       8

kamal Sunday, 22 November 2020 11:58 AM

නම කියන්ට බයයි නේද?

:       0       0

sharm warn Monday, 23 November 2020 05:02 AM

මෙන්න දවසේ විහිළුව... පොලිස් නිලධාරියෙකුට මරු කැඳවපු පොලිස් පුතා ඇප පිට ගෙදර. බැන්නොත් අත්අඩංගුවට අරගෙන හිරේ. හිටපු ඇමැති නිසා නීතිය අකුරටම. වර්තමාන ඇමැතියෙක් වුණා නම්.. නීතිය 1000ට නවලා අඹරලා. කුඩු පට්ටම් වෙලා.

:       1       2

Chandani fernando Monday, 23 November 2020 10:51 AM

අපෙ රටේ නීතිය අහිංසක දුප්පතුන්ට පමණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 692 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1092 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site