(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවෙන් මෑතකදී ඉල්ලා අස් වූ හිටපු ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් ඔවුන් ඇමැතිවරුන් හැටියට පාවිච්චි කළ සමිට් සුපිරි නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි වාර්තා වේ.
මේ හිටපු ඇමැතිවරුන්ට එම නිවාසවලින් වහාම ඉවත් වන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේය.
ඇමැතිවරුන් බොහෝ දෙනෙකුට කාලයක සිට නිල නිවාස ලබා දෙන්නේ සමිට් සුපිරි මහල් නිවාස සංකීර්ණයෙනි
හිටපු ඇමැතිවරුන්ට එම නිවාසවලින් ඉවත්වන ලෙසට මෙසේ දැනුම් දී ඇත්තේ අලුතින් පත්වූ ඇමැතිවරුන්ට නව නිවාස ලබාදීමට සිදුවී තිබෙන නිසා යැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර සමිට් නිවාස පාවිච්චි කරන අතරේදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාසද පාවිච්චි කරන හිටපු ඇමැතිවරුන් සිවුදෙනෙකු පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. ඒ අයට මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත් වන ලෙසට පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනටමත් දැනුම්දී ඇත.
මේ අතර ආණ්ඩුවෙන් මෑතකදී ඉවත් වූ හිටපු ඇමැතිවරුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත.
රජය මේ තීරණය ගෙන ඇත්තේ විවිධ උද්ඝෝෂණ කරුවන්ගෙන් එල්ල වන තර්ජන ගර්ජන සැලකිල්ලට ගෙනය.
2025 දෙසැම්බර් මස 04
526
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
419
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු ඇමැතිවරු 20ක් තවම සමිට් නිවාසවල
අරගල රාළ Saturday, 07 May 2022 01:15 PM
නම් ටික ඉක්මනට දාන්න.. මේ ගමන්ම ඒකත් විසඳලා දාන්න.
Nandana Saturday, 07 May 2022 04:33 PM
කරුණු එළිවෙලා තියෙනවා නම් මෙයාලගේ නම් නැත්තේ ඇයි?