(ඉන්දිකා රාමනයක, ළහිරු හර්ෂණ සහ ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී බවත් රියාඩ් බදියුඩීන් අය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බව මාධ්‍ය ප්‍රකාශකවරයා වඩිදුරටත් කියා සිටියේය.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෘජු හා විද්‍යාත්මක, පර්යේෂණ සාක්ෂි මත අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මොවුන් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ සහ විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
රියාජ් බදියුදීන් මීට ප්‍රථම ද අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගෙන සිට පසුව නිදහස් කර ඇත .
ත්‍රස්තවාදී පනත ප්‍රතිපාදන අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ට ස්තූති වේවා...!!!
දැන්නම් හොඳටම විශ්වාසයි හෙට අනිද්දා, ඡන්දයක් එනවා කියන එක...
කලින් ගත්තා. ඒ වගේම නිදහස් වුණා. මෙවරත් එසේ වීමට පුළුවන් සමහරවිට.. ඒත්, පාස්කු පිපිරීම ගැන නිසි පියවර හෝ තීන්දු නොගත්, එවකට විධායක ජනපති හා රටේ ආරක්ෂක ඇමැති, සේනාධිනායක මෛත්‍රීපාලව තවමත් අත්අඩංගුවට ගන්න නීතියට බැරිවුණා.
රිෂාඩ් බදියුදීන්ට බෞද්ධාලෝක මාවතෙන් ගෙයක් හිමිවුනේ කවදා සිටද? එය ලැබුනේ කෙසේද? යාපනයේ සිට අනාථයකු ලෙස පුත්තලමට පැමිණි ඔහුට මෙතරම් වත්කම් හිමිවුනේ කොහොමද? ඒ ගැන වහාම සොයා බලන්න. අහිංසක මිනිහෙක් ණය වෙලා වාහනයක් ගත්තම එයාගෙ පස්සෙන් පන්නන්න තියෙන උනන්දුව මෙතන නැහැ.
මෙගා නාට්‍යයක් පටන් ගත්තා.. නම අයියා සහ මල්ලි...
දැන්නම් ඡන්දෙ ළඟයි වගේ...
මෙව්වා රඟපෑම්...
ජනතාවට අඬබෙර ගහලා අත්අඩංගුවට ගන්නවා... හොරෙන් නිදහස් කරනවා..
තම පැත්තට ඇඟිලි 4 ක් ම යොමා ගෙනද, අනෙක් පැත්තට ඇඟිල්ලක් යොමු කරමින්ද, ඇතැමුන් කෑ මොර දුන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයන ලෙසටය...
අලුත්ම නාට්‍යයක් .." 69 ලක්ශේ චූන් එක"
මිනීමැරීමේ දේශපාලන ත්‍රස්තවාදියා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් ප්‍රමාද වුයේ ඇයි? හරින්ට එක විදියක්... මෙයාට තව විදිහක්ද?
පොර්ට් සිටි එක චීනට දෙන්න පාර්ලිමේන්තුවේදී මෙයාලාගේ ඡන්ද ගන්න කරන නාඩකමක්.
රටට කිසිම ප්‍රයෝජන නැති 20ට ඡන්ද දුන්න නේද. හාෆිස් නසීර් මන්ත්‍රී යුටුබ් නාලිකාවට මේතකදී කිව්වා එක් වැදගත් කතාවක්. අගමැති සමඟ රිෂාඩ් සහ හකීම් පැවති සාකච්ඡාවේදී අගමැති ඉල්ලීම් කලාලු 20 ට ඔබල දෙන්නගේ (හකීම් සහ රිෂාඩ්) ඡන්ද නම් එපා. ඔබල ඡන්ද දුන්න නම්, අපිට ප්‍රශ්නයක්. ගෝලයන්ගේ ඡන්ද ටික දෙන්නයි කියන්නයි කියල. මෙහම තමයි රාජපක්ෂලා සිංහල ජනතාවත්, හකීම් රිෂාඩ්ලාගේ මුස්ලීම් ජනතාවත් රවට්ටන්නේ. දැන්වත් තේරුම් ගන්න.
දැන් එහෙනම් දරුණුවටම ප්‍රශ්න කරනවා ඇති...
ඇතුළට ගන්නවා, එළියට දානවා... ඇතුළට ගන්නවා.. එළියට දානවා. ඡන්දය ළංවෙනකොට දැන නරිනාටක මෙව්වා.
මෙයා නිදහස්වෙලා එළියට එනකොට වරාය නගරයට අබසරණයි...
හරීන් ප්‍රනාන්දුගේ හෙළිදරව්වත් එක්ක සමහරු ගොඩක් කලබල වෙලා වගෙයි... හරින් හෙළිකළේ, කොමිසන් වාර්තාවේ එළියට නොදාපු පිටපත් ගැණනේ. ඉතින් සොයා බැලිය යුත්තේ ඒ සම්බන්ධවනේ. කෙසේ වුවත්, සිංහලයින්ගේ "කෝකටත් තෛලය" වන මුස්ලිම් බදුර්දීන්ලා හෝ දමිළ ජාතිකයෙකුව ප්‍රශ්නයකට පටලවා ගැනීම බහුතර සිංහල තක්කඩි පාලකයින්ගේ එකම විසඳුමනේ. ඇත්ත යට ගසා, බොරුව සමාජගත කිරීම ඒ තුලින් හරිම පහසුයිනේ. බදුර්දීන්, යම් ආකාරයකින් මූල්‍යමය උපකාර සහරාන්ලාට ලබා දුන්නා නම්, ඊට පෙර ආරක්ෂක අමාත්‍යාංශය බදුර්දීන්ට වැටුප් ගෙවා නැද්ද? එසේ නම් ඒ තක්කඩියන් අත්අඩංගුවට පත් විය යුතු නොවේද? බදුර්දීන්ට දඬුවම් දීමේ කිසිම ගැටළුවක් නැහැ. නමුත් මෙය රංගනයක් නොවිය යුතුයි. එතකොට, බෝම්බ තාක්ෂනය සහරාන්ලාට ලබාදුන්නෙත් බදුර්දීන්ද? මේ ප්‍රහාරයෙන් බදුර්දීන්ට ඇති වූ ආගමික හෝ දේශපාලන වාසිය කුමක්ද? අර වාර්තාවේ සඟවලා තියන පිටපත් එළියට දාන්න. අන්න එදාට නියම මහමොලකරු මිනීමරුවන් ගැන ඉබේටම හෙළිවේවි..!!!
පොර්ට් සිටි කේස් එක හංගන්න, මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට හරවන්න. හොඳ නාටකය!!. අපි පිළිගත්තා හොඳේ...!!!
ආණ්ඩුවේ තවත් ඇස් බැන්දුමක්... දැන් අපි ඕවාට අහුවෙන්නේ නැහැ.
අත් අඩංගුවට ගත්ත අසාද් සාලිට මොකද වුනේ?
දේශපාලකයන්ට දඬුවම් දීලා දඬුවම ඉවරවෙනකල් මුකුත් කියන්න බෑ. මොකද ගොඩක් තියෙන්නේ නාටක.. දැන් පේනවනේ රන්ජන්ට දඬුවම් දීලා... ඒත් බේරගන්න නහින කට්ටිය
කණාමුට්ටි ගහනවා වගේ සෙල්ලම්... ඔහේ වනනවා .. කාටහරි වදින්න.
චූදිතයන් අල්ලගෙන ඔවුන්ගෙන් සල්ලි හම්බ කරන එක අපේ රටේ සිරිතක්නේ.
හා දැං අපි වරාය නගරය ගැන කතා කරමු ද? නැත්නම් මේවා හින්දා අමතක වෙලා යයි.
දැන් නම් මාර සතුටුයි සර් අලුත් අවුරුද්දේ නැකට වැඩ අල්ලා තියෙන්නේ