IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


හෙළ දරු වරුණ ලන්ඩන් නුවර ලස්සන කරයි

එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ සහජ කලා කුසලතා එකම වේදිකාවකට ගෙන ආ හෙළදරු වරුණ සංස්කෘතික කලා උළෙල ලන්ඩන් නුවරදී පැවැත්විණි. එංගලන්තයේ ඉපැදුණු අවුරුදු 3ත් 18ත් අතර සිංහල දූ දරුවෝ 150 දෙනෙක් පමණ ගායනයෙන්, නර්තනයෙන් සහ රංගනයෙන් දස්කම් පෑහ.  උඩ පහත දෙරට නැටුම්, වේදිකා නාට්‍ය, ගීත ගායනා සහ නව නිර්මාණ ද  විශේෂාංග අතර විය. නිවේදකයෝ ද ලක්දරුවෝය. ඔවුහු සිංහලෙන් ඒ කාරිය ලස්සනට කළහ.  ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය ආගමික වතාවත් ඉටු කළහ. ශ්‍රී ලංකා මහා කොමසාරිස්  දොස්තර ක්‍රිස් නෝනිස් ප්‍රධාන ආරාධිතයාය. ඒ.පී. අත්තනායක,  රසිකා කුමාරගේ,  මදුකා මාරසිංහ, සහ ඕළු සුරවීර මහත්ම මහත්මීහු පුහුණු කටයුතු කළහ. හෙළ වරුණ සංකල්පය සහ ප්‍රධාන සංවිධායකත්වය ආසිරි බණ්ඩාරගෙනි.ඔහු  මහනුවර ධර්මරාජ සහ මාතලේ ක්‍රිස්තුදේව පාසල්හි ද සිසුවෙකි.  කොළඹ හා ලන්ඩන් සරසවිවල ද ආදි සිසුවෙකි.



අදහස් (0)

හෙළ දරු වරුණ ලන්ඩන් නුවර ලස්සන කරයි

Manuranga Wednesday, 02 May 2012 04:30 PM

ආසිරි මහත්මයාණෙනි, ඔබ වැනි පුතෙකු එංගලන්තයට නොව අපේ රටටයි අවශ්‍යය. ලංකාවෙන් එපිට ගියත් අපේ දේවල් ඒ විදිහට රැක ගන්න වෙහෙසෙන ඔබට ජය!!!! ඔබ ලක් මාතාවට ආඩම්බරයක් වගේම ආශිර්වාදයක්....

:       0       0

නරේන් Thursday, 03 May 2012 04:13 PM

ඇමරිකාවේ ඉන්න බොහෝ ශ්‍රී ලාංකික දෙමාපියන් තමන්ගේ දරුවන්ව ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුතුව ඇතිදැඩි කිරීමට උත්සාහ ගන්නවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි, ඒ වගේම ආඩම්බරයි

:       0       0

සුමිත් Tuesday, 01 May 2012 09:48 PM

මේක හොද වැඩක්.

:       0       0

ජානකී Thursday, 03 May 2012 05:33 PM

ලංකාවේ දෙමවුපියෝ ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න ගන්න මහන්සිය වගේ හත් අට ගුණයක මහන්සියක් අපි ළමයින්ට සිංහල උගන්වන්න ගන්නවා. මම සිංහල උගන්ව නිසයි එහෙම කියන්නේ

:       0       0

චමින්ද Tuesday, 01 May 2012 10:43 PM

ඔබ ගැන ආඩම්බරයි

:       0       0

කුමා Wednesday, 02 May 2012 03:16 AM

මේ උත්සවය කරපු දරුවෝ මේ එංගලන්තේ ඉපදිලා මේ රටේ හැදිචච ළමයි ඒත් හොදට කට ඇරලා සිංහල යසට කතා කෙරුවා

:       0       0

ලසන්ත විජේවීර Wednesday, 02 May 2012 10:56 AM

එන්ගලන්තේ ගියාම සුද්දෝ වගේ ඉන්ඩ ඕනේ. එහෙ ගියාම එහේ සංස්කෘතියට හැඩ ගැහෙන්න නේද ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 622 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site