රටක ජන සමාජයකට කලාතුරකින් පහළ වන මහා පඬිවරයෙකු වන පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් පසුගිය 03 වැනිදා අභාවප්‍රාප්ත වූයේය. තමා ප්‍රගුණ කළ ගීතය සහ කවිය අතර වෙනස තේරුම්ගත් කවියා සහ ගායකයා වන අමරදේවයන්, අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේ රෝහල්ගත කළ අතර, එහිදී තම ජීවන ගමන නිමා කළ පඬිරුවනකි.
1927 වසරේ දෙසැම්බර් මස 05 වැනිදා මොරටුවේ උපත ලද අමරදේවයන්ගේ මුල් නම වූයේ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකුද වන එතුමා, සිංහල සංගීතය වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ පුද්ගලයන් අතර මුල් තැන දිනාගත් ගායකයෙකුද වෙයි. මාලදිවයිනේ ජාතික ගීයේ සංගීත නිර්මාපකයාද අමරදේවයෝය. පිලිපීනයේ, ඉන්දියාවේ මෙන්ම ප්‍රංශයේද සම්මානයට පාත්‍ර වී ඇති අමරදේවයන් ශ්‍රී ලංකාවේ දේශමාන්‍ය, කලාකීර්ති ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත.
මිනිස් හඬින් ද, මිනිසා විසින් පරිසර පද්ධතිය ඇසුරෙන් නිර්මාණය කරගන්නා ලද හඬින්ද ගීතය සුපෝෂිත බව මනාව අවබෝධ කරගත් එතුමා, විශිෂ්ට ගීත නිර්මාණයක් යනු සෑමවිටම මිනිස් හඬ සංගීත භාණ්ඩයක් ලෙසත්, සංගීත භාණ්ඩය මිනිස් හඬ ලෙසත් අවසානයේ සියලු නාද ඒකාත්මික කර කේවල නාදාවලියක් නිර්මාණය වන අතර, එය ගීතය (Song) නම් වූ විෂය ප්‍රභේදය බවට පත් වන බවත් හොඳින් අවබෝධ කරගත් ගායකයෙකි. විශේෂයෙන්ම පණ්ඩිත් අමරදේවයන්ගේ ශෛලියේ පවත්නා දේශජ මූලයන්ගෙන් ඉහළට ගෙන ආ සංගීත සම්ප්‍රදාය, අමරදේවයන්ගේ සලකුණ ශ්‍රී ලංකාවේ සලකුණු වීමට හේතු විය.
විශේෂයෙන්ම මුල් සමයේදී නෘත්‍ය, නාඩගම් ආදී නාට්‍යානුසාරයෙන් පරිවාර කලාංගයක් ලෙස ගොඩනැඟුණු සිංහල ගීතය, සිනමාගමනයත් සමග තාක්ෂණික වර්ධනයක් අත්පත් කරගනිමින්, ග්‍රැමෆෝන් යුගයේදී ප්‍රමුඛ කලාත්මක ප්‍රකාශනයක් බවට සමාජගත වුණි. සූර්යශංකර් මොල්ලිගොඩ, එච්.ඩබ්. රූපසිංහ වැනි සංගීතඥයන්ගේ සංගීත රචනා ඇසුරෙන් රාගධාරී සංගීතමය ආභාසය ලද, ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත යුගයේදී වංග සංගීතය ආදියේද ආභාසය ලැබූ අමරදේවයන්, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත ප්‍රමුඛ සංගීතවේදීන්ගේ කෘතිවල ප්‍රකාශමාන සමග හතළිහ දශකය පමණ වන විට උත්තර භාරතීය රාගධාරී සංගීත සම්ප්‍රදායෙන්ද ආභාසය ලැබූවෙකි.
එනම් ‘රවීන්ද්‍ර සංගීතය’ යනුවෙන් නව සංගීත ආරක් බිහි කරගත් රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ පර්යේෂණාභ්‍යාසය පිළිබඳ අවධානය යොමු කිරීමත් මෙම අධ්‍යාපනික ක්‍රියාවලියේ මූලික අරමුණක් වූ බව පෙනේ. ඒ අනුව ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත වැන්නෝ ශාන්ති නිකේතනයෙන් සංගීතය හදාරා සිංහල ගීතය නව යුගයකට යොමු කළහ. වංග ජන සම්ප්‍රදාය පදනම් කරගත් නාද රටා ඔස්සේ බිහි කරගන්නා ලද රවීන්ද්‍ර සංගීතාවලිය නිසැක වශයෙන්ම උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ආභාසය ලබා නිර්මාණය කරගත් නව්‍ය සංගීත ප්‍රභේදයක් වශයෙන් සම්භාවිත ය. ඒ අනුව අප ජීවත් වන වර්තමාන සමාජ අවකාශය ගීත මාධ්‍යයෙහිලා හැඳින්වෙන්නේ ‘%අමරදේව යුගය’ ලෙසිනි. එනම් එය පසුගිය වසරේ උමාරියා සමග ඔහු ගායනා කළ %හන්තාන සිහිනේ^ ගීතය දක්වා වූ යුගය පරාසගත වේ.
විශේෂයෙන්ම මුනිදාස කුමාරතුංග සූරීන්ගේ දැක්මෙන්ද, සුනිල් සාන්තයන්ගේ දැනුමෙන්ද ගොඩනැඟුණු සිංහල ගීත ආකෘතිය, පරිසමාප්ත ලෙස සංවර්ධනය කළ අමරදේවයෝ එය දේශජ උරුමයෙහි ප්‍රකාශනයක් බවටම පත්කළහ. එසේම සංගීතවේදී සුනිල් සාන්තයන් විසින් පසක් කරගන්නා ලද ‘%හෙළ ගී ආර’ ඔස්සේ ගමන් ගනිමින්ද, කෙමෙන් වැඩී ආ දේශීය සංගීත සම්ප්‍රදායට නිග්‍රහයක් නොකරමින් එහි දුබලතා සහ ප්‍රබලතා මැනවින් හඳුනාගනිමින්ද සිය ශෛලිය ගොඩනගා ගත් අමරදේවයන්, නූතන ගීත ආකෘති සරල වින්දනයක් කරා යොමු කරනු වෙනුවට, අර්ථසම්පන්න සමාජ මෙහෙවරක් වෙත මෙහෙයවා ගැනීම අමරදේවයන්ගේ ආකල්පය වීම සටහන් නොකරම බැරිය. සිංහල ගීත කලාව බටහිර, දක්ෂිණ භාරතීය, උත්තර භාරතීය, රවීන්ද්‍ර ඈ අධිපතිත්වයෙන් මුදාගන්නා අතරතුරම, එම සියලු ධාරාවන්ගේ සකලවිධ සාධනීය ගුණාංග අවශෝෂණය කර ගනිමින්ද, පොදු සමාජ විඥානය හා අනුගාමී වන නූතන සිංහල සුභාවිත සංගීතය සහ ගීතය උකහාගනිමින් කටයුතු කළ පණ්ඩිත් අමරදේවයන්, සිනමා, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය, ටෙලි නාට්‍ය වැනි කලාකෘති වෙනුවෙන් කළ අනගි මෙහෙවර අමතක නොකරම බැරිය.
1989 වර්ෂයේ දී පණ්ඩිත් අමරදේවයන් රචිත "නාද සිත්තම්" කෘතියද කැපී පෙනෙන අතර, සංගීතයෙහි සහ ගීතයෙහි දේශීයත්වය ඉස්මතු කර ගැනීමට එතුමන් තුළ පැවැති පරමාදර්ශයත්, ස්වකීය අරමුණු සාක්ෂාත් කරගැනීමේදී ශාස්ත්‍ර ගවේෂණය කොපමණ දුරකට ඉවහල් කර ගෙන ඇත්දැයි යන්නත් එයින් ප්‍රතීයමාන වේ.
50 දශකයේදී පණ්ඩිත් අමරදේවයන් විසින් ඉදිරිපත් කරන ලද "ජන ගායනා"වැඩසටහනට, පණීභාරත, කිරිගණිතයා, උක්කුවා, සුරඹා වැනි අග්‍රේසර දේශීය ශිල්පීන්ගේ පාරම්පරික දැනුමෙන්ද පෝෂණය කළ පර්යේෂණාත්මක නිර්මාණ රැසක් අන්තර්ගත වූ බව මෙහිලා සඳහන් නොකරම බැරිය. ඒ අනුව ඥාන වෘද්ධත්වයෙන් අසමසම වන පණ්ඩිත් අමරදේවයන්ට ‘"හෙළයේ මහා ගාන්ධර්වයා" නම් වූ ගෞරව සම්ප්‍රයුක්ත ආමන්ත්‍රණය කිරීම අකැප නැත.
මාලන් විදානපතිරණ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හෙළයේ මහා ගාන්ධර්වයා