(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල පහත්ගම රෝමානු කතෝලික පාසල ආසන්නයේ නිවසක දී නාදුනන පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි පස් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියදුරු බව කියන 22 හැවිරිදි තරුණයෙකි.
යතුරුපැදියකින් නිවසට පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හිසට ගිනි අවියක් තබා බිය කර දුරකථන ඇමතුමක් ලබා දී එම අවස්ථාවේ නිවසේ නොසිටි පස් ව්‍යාපාරිකයා නිවසට ගෙන්වාගෙන මෙලෙස ඝාතනය සිදු කර ඇති බවද පොලිසිය පවසයි.
ඝාතනය පිළිබදව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (26) උදෑසන සිදු කිරීමට නියමිතය.
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හංවැල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
kawushi Monday, 26 August 2019 03:11 AM
මිනිස්සුන්ව මෙහෙම මරන්න එපා දෙයියනේ. හැම මනුස්සයගේම ජීවිතය වටිනවා.
saliyaMonday, 26 August 2019 07:46 AM
මේවා දෙවියන්ට කියන්න එපා. එතුමන්ලාට වෙන වැඩ තියනවා. කියන්න ගෝඨාට ප්‍රශ්නේ ඉවරයි.
රවින් Monday, 26 August 2019 10:56 AM
ඉස්සෙල්ලා කසිප්පු මාෆියාව, ඊට පස්සේ වැලි මාෆියාව, ඉන්පසු කුඩු මාෆියාව, දැන් පස් මාෆියාව. හෙට මොන මාෆියාවද? එක දෙයක් නම් ෂුවර්. හැම එකෙන්ම විනාශවන්නේ මිනිස් ජීවිත...