IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හංවැල්ලේ බැංකුවක් කොල්ල කයි

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදි දෙකකින් පැමිණි කොල්ලකරුවන් සිව් දෙනකු මුරකරුට වෙඩි තබා හංවැල්ලේ රාජ්‍ය බැංකුවක් කොල්ලකා එක් යතුරුපැදියකින් පළා ගිය බව පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ 15ත් 20ත් අතර මුදලක් පැහැර ගන්නට ඇතැයි සැක කෙරේ.

කොල්ලකරුවන් අත ටී 56 අවි 3ක් තිබූ බවත්, ඔවුන් පැමිණි එක් යතුරු පැදියක් දමා ගොස් ඇති බවත්, එහි ඇත්තේ බොරු අංකයක් බවත් පොලිසිය පවසයි.

ආරක්ෂකයාගේ තුවක්කුව උදුරා බැංකුව ඉදිරිපිට කාණුවට දමා ඇතැයි ද, එකම යතුරු පැදියෙන් පැන ගිය සිව් දෙනා මගදී යතුරු පැදියක් පැහැරගෙන ටික දුරක් ගොස් එය අතහැර ත්‍රිරෝද රියක් පැහැරගෙන ගොස් ඇතැයි ද, එම යතුරුපැදිය හා හෙල්මට් දෙක සොයාගෙන ඇතැයි ද පොලිසිය කියයි.

(ඡායාරූප බුද්ධික කුමාරසිරි)

82b3758e9b1cf173b77cc4dd32067136443102398a591e06bbefe5319c0f6716 84a32c488f5606e98f3a4469a3e342a052784ec4ad185f11085954124562f43a d7d154046bcf4ba77c6fdeedd67b4b209e0abf6e8505e4ece4c931cba5d630cb



අදහස් (0)

හංවැල්ලේ බැංකුවක් කොල්ල කයි

ඉෆ්තාන් Thursday, 10 September 2015 07:59 AM

දැන්වත් ෆුල් පෙසේ හෙල්මෙට් තහනම් කරනු.... (ම)

:       0       0

දර්ෂ් Thursday, 10 September 2015 08:22 AM

අරක්ෂ්කයාගේ තුවක්කුව හොඳයි ලිප ගිනි පිබින්න .(ම)

:       0       0

ස්මිත් Thursday, 10 September 2015 08:43 AM

මෙච්චර බැංකු රන් අලෙවි හල කොල්ල කනවා, අයි තාම මේවට නිසි ආරක්ෂාව සපයන්න හරි උපදෙස් දෙන්නෙ අය නැත්තේ, හොර කනකම්ම ඉන්නවා ද උප්දෙස් දෙන්න හෝ ගන්න..(අ)

:       0       0

සෂික Thursday, 10 September 2015 09:50 AM

ෆුල් පෙසේ හෙල්මෙට් තහනම් කළාම හොරකම් නතර වේවිද?හොරු සිල් ගනීවි එතකොට (අ)

:       0       0

ලුම්බිණි Thursday, 10 September 2015 10:19 AM

බැංකුවල ආරක්ෂකයෝ කවදාවත් හොර කමක් නවත්තල නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site