
(ගයාන් සූරියආරච්චි සහ කේ. බුද්ධික කුමාරසිරි)
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් පැවැසීය.
දැනට ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ලලිත් කන්නන්ගර නැමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවද එම නිලධාරීයා කීය.
ලලිත් කන්නන්ගර නැමැත්තා ඝාතනයට ලක්වූ බස් ව්‍යාපාරිකයා යටතේ සේවය කළ පුද්ගලයකු බවත් මීට වසරක පමණ සිට බස් ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලමින් තර්ජනය කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නෙළුවත්තුඩුව ප්‍ර දේශයේ පදිංචි වජිර නිශාන්ත නැමැති 55 හැවිරිදි බස් හිමිකරුවෙකි.
එම බස් හිමිකරු නෙළුවත්තුඩුව ප්‍ර දේශයේ ඔහුගේ නිවෙසේ සිටියදී නාදුනන තුවක්කුරුවකු කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබුණි.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd